Sep
13

ලොව බලවත් රාජ්‍යන් අතරේ අපි පුංචිම පුංචි රටක් වුවත් ඔවුන් විලිවසා ගන්නේද අපගේ මේ කුඩා දිවයිනේ විශිෂ්ඨ ලෙස නිමැවූ ඇඟලුම් වලින්

 
536 Views
   
 

ඉල්ලුමට සරිලන ප්‍රමාණයට සැපයුම් ලබාදීමට අවශ්‍ය ඇඟලුම් රට තුළ ඇති බව ඔබ දන්නවාද? භාණ්ඩ වර්ග 623 ක් සම්බන්ධයෙන් මහබැංකුව ගත් තීරණය පිළිබඳ ඔබ මේ වන විටත් හොඳින් දැනුවත් වී ඇතැයි සිතමි.කෙටියෙන් කීවොත් එම තීරණය කල භාණ්ඩ ආනයනය කිරීමට ණයවර ලිපිය නිකුත් කරන අවස්ථාවේ, උදාහරණයක් ලෙස මිලියන 5ක් භාණ්ඩ ආනයනය කරනවා නම් එම මිලියන 5 රුපියල් වලින් තැම්පතුවක් වශයෙන් තබමින් ආනයනය සිදු කල යුතුය.

එයින් අපේක්ෂා කරන්නේ ණය මුදල් ගලා යන දිශාව පාලනය කිරීමයි, එනම් ආනයනය අධෙර්‍යමත් කිරීම මෙහි ප්‍රධානම අරමුණයි. මෙහිදී ඇතැම් දේශපාලන කුමන්ත්‍රණ කරුවන් විසින් එක් භාණ්ඩයක් පමණක් හුවා දක්වමින් මේ දිනවල මාධ්‍ය ජවනිකාවක්ද දියත් කරමින් ඇත.සමාජ මාධ්‍ය ජාලා වල විවිධ කාටුන් විශාල ලෙස හුවමාරු වෙමින් පවතී. මේ ජවනිකා නටන බොහෝ අයට අතීතය සිහිපත් කර දීමට සිදුවන බව කිව යුතුය.1977 විවෘත වෙළඳ පොළ ආර්ථිකය ඇතිවීමට පෙර එකළ තිබූ, දාස සමූහ ව්‍යාපාරයේ නිශ්පාදන / වෙලෝනා සමූහ ව්‍යාපාරයේ නිශ්පාදන / බර්නාඩ් බොතේජු සමූහ ව්‍යාපාරයේ නිශ්පාදන / DSI ව්‍යාපාරයේ නිශ්පාදන / වැනි නිශ්පාදන අතීතයේ ලංකාව තුළ ඉතා ප්‍රසිද්ධ නිමැවුම් ලබාදුන් ආයතන වේ.මෙරටට අවශ්‍ය සියල්ල මෙහිම නිශ්පාදනය වූ කාලයක් අපට අතීතයේ තිබිණි.විදේශීය භාණ්ඩ සීමාවකින් තොරව රට තුලට ගලා ඒමට ආරම්භ වීමත් සමග දේශය කර්මාන්ත වැසී ගිය අතර ඒ සමග ඇතැම් කර්මාන්ත කරුවන් ලෝකයේ ඇතිවන නව ප්‍රවණතා හඳුනාගනිමින් නව යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් රට තුළ නව ඇගලුම් නිශ්පාදනය සඳහාද යොමු වීම සිදුවිය.

ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමයේ සිටින නිශ්පාදකයන් ලංකාවේ ඇඟලුම් අවශ්‍යයතාවය 100%ක් නිශ්පාදනය කරන අතර,ලංකාවේ ජනතාව වෙනුවෙන් සාධාරණ මිලකට අවශ්‍ය ඕනෑම ඇඟලුමක් ලබාදීමට ඔවුන් සූදානම් බව කිව යුතුය.මන්ද මේ අවස්ථාවේ ද ඔවුන්ගේ ගබඩා තුළ අතිරික්ත තොගද පවතින බැවිණි.මේවා සතොස සහ රාජ්‍ය ආයතන හරහා අලෙවි කිරීමේ නව ක්‍රමයක්ද වෙළඳ අමාත්‍යවරයා බලාපොරොත්තු වන බවද පවසයි. කාලයක් තිස්සේ රටට අවශ්‍ය වූයේද මෙවැනි ප්‍රතිපත්තියක් වුවත් එය ක්‍රියාත්මක වූයේ නැ ත .ඒ වෙනුවට සිදුවූයේ සියල්ල පිට රටින් ගෙනැවිත් මෙහි අඩක් නිමකොට හෝ ගෙන ආ භාණ්ඩ ලාබයක් තබා විකිණීමයි.එසේ වනතුරු කිසිදා නිශ්පාදන ආර්ථිකයක් බිහි නො වනු ඇත.

මේ අතර රජය ගත් මෙම තීරණය පිළිබඳ ඇඟලුම් ක්ෂේත්‍රයේ සන්නාම සංගමයේ සිටින සියලු සාමාජිකයන් ඉතාමත් ප්‍රසාදය පලකරන අතර ,ඔවුන් ඉතාමත් උත්යෝගයෙන් මේ සඳහා කටයුතු කිරීමට සූදානම් බව පවසයි.ඔවුන් මෙය දකින්නේ ඔවුන්ගේ නිශ්පාදන සඳහා දුන් විශාල ශක්තියක් ලෙසයි.ඔවුන් ඒ පිළිබඳ රජයට හදවතින්ම ස්තූති වන බව පවසයි.

ලොව බොහෝ විශිෂ්ඨ වෙළඳ සන්නාමයක් යටතේ නිපදවන ඇඟලුම් නිශ්පාදනය වන්නේ ලංකාවේය.එම නිසා ,ඒ හා සමාන ගුණාත්මකභාවයකින් යුතු නිමැවුම් ඉදිරියේදී කිසිම අඩුවකින් තොරව වෙළඳ පොළට නිකුත් කරනු ඇත.එවිට හාස්‍යජනක දේශපාලන මාධ්‍ය නාඩගම් නටන බොහෝ අයට “යට ඇදුම් ” ප්‍රශ්නයට පිළිතුරු ලැබෙනු ඇත.
ලොව බලවත් රාජ්‍යන් අතරේ අපි පුංචිම පුංචි රටක් වුවත් ඔවුන් විලිවසා ගන්නේද අපගේ මේ කුඩා දිවයිනේ විශිෂ්ඨ ලෙස නිමැවූ ඇඟලුම් වලින් බව ලාංකිකයන් හට මතක් කරනුයේ ඉතාමත් ආඩම්බරයෙනි.
රෂිකා සඳමාලි හෙන්නායක

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්