Aug
29

කසාද බඳින්නේ කාවද කියන එක ඒක ඇත්තටම ප‍්‍රශ්නයක්, හොඳ ආදරයක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නේ – හර්ෂි අංජුමාලා

 
3312 Views
   
 

රෝෂිනි කියන්නේ මුදලාලිගේ සහ හාමිනාගේ හුරතලේට හැදෙන එකම දරුවා. ඇය හරිම කටකාරයි. හරි හුරතල් වගේම හරි සුන්දරයි. ඒ වගේම ප‍්‍රශ්නවල බ ර ප ත ළ කමක් තේරෙන්නේ නැ හැ. ලොකු අධ්‍යාපනයක් නැ ති වුණාට සමාජය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මෙයා සැබෑ ආදරයක් මේ දවස්වල හොයනවා. නමුත් කාටවත් රැවටෙන්නෙත් නැ හැ. සැබෑ ආදරය හොයන රෝෂිනි අපට මේ දිනවල මුණ ගැහෙන්නේ සකලගුරු 2 ටෙලි සිත්තම හරහා. රෝෂිනිට ජීවය දෙන ඇය නමින් හර්ෂි අංජුමාලා. මේ ඇගේ හඬයි.

රෝෂිනි හින්ද හර්ෂිට වැඩිපුර ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද? රෝෂිනි කියන චරිතයට බැණුම් අහන්න හම්බවෙනවා හරිම අඩුයි. රෝෂිනිට හැමෝම හරිම ආදරෙයි. සකල ගුරු 2 ගැන මොකද හිතෙන්නේ? සකල ගුරු පළමු කොටසත් එක්කත් ගොඩක් පේ‍්‍රක්‍ෂකයෝ අපිත් එක්ක එකතුවෙලා හිටියා. දෙවැනි කොටස විකාශනය වෙනකොට ඒ ආදරය වැඩිවුණා කිව්වොත් නි වැ ර දි යි.

අධ්‍යක්‍ෂ ටිකිරි රත්නායක රෝෂිනි ගැන තෘප්තිමත්ද? අනිවාර්යයෙන්ම. සකලගුරු කියන්නේ මම ටිකිරි සර් එක්ක වැඩ කරපු පළමු ටෙලිනාට්‍යය. මම මේ ක්‍ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු පහක වගේ පොඩි කාලයක් වෙන්නේ. ඔහුත් සමග වැඩ කරද්දී මට ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුණා.රෝෂිනිට මුදලාලිගෙන් සහ හාමිනේගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද? රෝෂිනි කියන්නේ මට ලැබුණ වෙනස්ම චරිතයක්. අභියෝගයක් කිව්වොත් හරියටම හරි. හාස්‍ය උත්පාදනය කරන චරිතයක් තමයි රෝෂිනි කියන්නේ. උදය කුමාරි සහ මහින්ද පතිරගේ කියන්නේ මේ ක්‍ෂේත‍්‍රයේ ඉන්න අති දක්‍ෂයන්. කතාවට අනුව ඒ දෙන්නගේ දුව මම. මම අද මෙතැන ඉන්නේ ඔවුන් දෙදෙනාගෙන් ලැබෙන සහයෝගය සහ උපදෙස් නිසයි. අනික මම හැමවෙලාවකම මම කරන දේ ගැන ප‍්‍රවීණයන්ගෙන් නිතර විමසනවා. මම හිතන්නේ අදටත් මේ චරිතය සාර්ථක කරගන්න පුළුවන් වුණේ ඒ නිසා වෙන්න ඇති.

ඇත්තටම රෝෂිනි කසාද බඳින්නේ කාවද? ඒක ඇත්තටම මටත් ප‍්‍රශ්නයක්. රෝෂිනි හරියට ආදරය හොයනවානේ. එයාට හොඳ ආදරයක් ලැබෙයි කියලා මාත් බලාපොරොත්තුවෙන් ඉන්නේ. රෝෂිණියි අංජුයි අතර තියෙන්නේ මොනව ගේ සම්බන්ධයක්ද? ඒක මෙහෙමයි. රෝෂිනි කියන්නේ කිසිම බ ර ප ත ළ ක් නැ ති හරි සරල තරුණියක්. නමුත් අංජුටනම් ජීවිතයේ බ ර ක් ප ත ළ ක් තියෙනවා. ජීවිතයේ සතුටුවෙන තැන්වල සුන්දරව ඉන්න තැන්වල රෝෂිණි අංජුයි හරි සමානයි. ආදරය සම්බන්ධයෙන් නම් මම එච්චර මෝඩ වෙන්න කැමැති නැ හැ.

රෝෂිනි ආදරය හෙව්වාට හර්ෂි නම් ආදරය විඳිනවා කියන්නේ ඇත්තද? ඔව්. ඇත්තටම මම ආදරය විඳිනවා.ඔහු ජනපි‍්‍රය චරිතයක් කියන්නේ ඇත්තද? නැ හැ. ඔහු ජනපි‍්‍රය චරිතයක් නෙමෙයි වගේම මේ ක්‍ෂේත‍්‍රයටත් සම්බන්ධ නැ හැ. ෆ පෙම්වතාගෙන් රංගනයට වි රු ද් ධ ත් ව ය ක් නැ ති ද? ඇත්තටම නැ හැ. එයා හරිම කැමැතියි. එයා සකලගුරු ටෙලි නිර්මාණයට ගොඩක්ම කැමැතියි. එයා තමයි මගේ හොඳ නරක කියන්නේ. අම්මා තාත්තා මගේ පවුලේ අයට පස්සේ එයා තමයි මට හොඳ ප‍්‍රතිචාරයක් දෙන්නේ.

රෝෂින ගැන පෙම්වතා මොනවද කියන්නේ? එයා හරි ආසා චරිතයක්. සකලගුරු එක කොටසක්වත් අ ත් හරින්නේ නැ තිව නරඹනවා. එයා හරි කැමැතියි. සමහර වෙලාවලදී එයා මටත් කියනවා අනේ රෝෂිණි වගේ හිටිය නම්. මේ දවස්වල වෙන මොනවද කරන්නේ? ඇත්තටම මට පුංචි කාලේ ඉඳන් තිබුණ හීනයක් තමයි නිවේදනය පැත්තට එන්න ඕනෑ කියලා. ඒ හීනය සැබෑ වුණේ මම රංගන ක්‍ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු පහකට පස්සේ. මම ක්‍ෂේත‍්‍රයට එන්නේ දෙරණ ලිට්ල් ස්ටාර්හි පුංචි නර්තන තරුවක් විදිහට. ඒ හරහා තමයි මම රංගනයට එන්නේ. හැබැයි මගේ පුංචි කාලේ ඉඳලා තිබුණ හීනයක් තමයි නිවේදනය කියන්නේ. අවුරුදු පහකට පස්සේ මට ඒ හීනය සැබෑ වුණේ අවුරුදු දෙකක් තිස්සේ මම සකලගුරු ටෙලි නිර්මාණයත් එක්ක ඉදලා වැඩකරපු නිසයි. දැන් මම ජාතික රූපවාහිනියේ සජීවී සංගීත වැඩසටහනක නිවේදිකාවක් විදිහට වැඩ කරනවා.

දැන් නර්තනයෙන් ඈත් වෙලාද? නර්තනයෙන් ඈත්වෙලා නැ හැ. පුංචි නර්තනතරුව තවමත් ඉන්නවා. විශ්ව විද්‍යාල වැඩකටයුතු එක්ක මට නර්තන පන්ති යන්න විතරයි බැ රි වුණේ. කො රෝනා වසංගතයත් එක්ක අපි ගෙදරට සීමාවුණ හින්ද යළිත් නර්තනය හදාරන්න දැන් මම ඒ විභාගවලට ලෑස්ති වෙනවා. කො රෝනා කාලයේ මගේ නැවතුන නර්තන වැඩ ආපහු පටන්ගන්න පුළුවන් වුණා. (දිනේෂ් විතාන)

 

 

34

 

33

 

32

 

31

 

30

 

29

 

28

 

27

 

26

 

25

 

24

 

23

 

22

 

21

 

20

 

19

 

18

 

17

 

16

 

15

 

14

 

13

 

12

 

11

 

10

 

9

 

8

 

7

 

6

 

5

 

4

 

3

 

2

 

1

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්