Oct
22

“ලංකාවේ එකම රෝස පාට Range Rover එක මගේ” – PHOTOS

 
1808 Views
   
 

ත්‍රිකලා ධරණි කීවම එක පාරටම කාගෙත් මතකයට එන්නේ ලක්ෂ ගාණන් වටින Handbag පාවිච්චි කරන, කෝටි ගණන් වටින වාහන පාවිච්චි කරන තරුවක්. ඔව් සත්තකින්ම ඇය සුන්දර තාරකාවියක්. ඇය වෘත්තීය නිරූපණ ශිල්පිනියක්. අපේ රට තුළ ම කොටු නොවුණු ජාත්‍යන්තරයට ගිය දක්ෂ නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණී කියලා කියන්නේ. ඇය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2017 වසරේදී මිසිස් යුනිවර්ස් ලෙස කිරුළු පළඳිමින්. එතැන් පටන් කාලයෙන් කාලයට ඇය කරළියට එන්නේ ඇගේ සුවිශේෂී වූ යම් යම් කාරණාවන් හේතුවෙන්.

මාස කිහිපයකට පෙර චැනල් සී නාලිකාව මගින් පවත්වපු My Handbag කියන වැඩ සටහන තුළින් ඇගේ වටිනා කියන හෑන්ඩ් බෑග් එකක් ගැන කතිකාවක් ගොඩ නැඟුණා. ඒ උණුසුම ගිහින් පොඩි කාලෙකට පස්සේ පස්සේ නැවත ඇය ගැන කතාබහ කරන්නට යෙදුනේ ඇය භාවිතා කරන සුපිරි ගණයේ වාහනයක් හේතුවෙන්. වෙනස්ම වර්ණයකින් ඇයටම නිර්මාණය කර ගත්තු රේන්ජ් රෝවර් වර්ගයේ වාහනයක් ඇය සතුයි. ශ්‍රී ලාංකික නිරූපිකාවක් විදියට ඇගේ ධනවත් භාවය ප්‍රකට කරන්නට එයම සමත් වෙනවා.ඉතින් මේ මෑත කාලයේ ඇගේ වාහනය ගැන නැවතත් channel c නාලිකාව මගින් වැඩසටහනකට ඇයව සම්බන්ධ කරගෙන තිබුණා. එහිදී ඇය පළ කරණ ලද අදහස් කිහිපයක් පහත දැක්වේ.

ඉතින් ත්‍රිකලා ඔයාගේ මේ වාහනේ මේ විදියට ඩිසයින් කරගත්තු විදිය ගැන අපිට පොඩ්ඩක් විස්තර කියන්නකො. 

“මගේ වාහනේ ඉතිං මම ඩිසයින් කරගත්තේ මටම ඕනේ විදිහට. මොකද මට හීනයක් තිබ්බා මගේ හිතේ තියෙන වාහනේ මටම කියලා මගේ නමින්ම හදාගන්න. ඒ නිසා තමයි මම ආසම කලර් එකක් වුන පින්ක් වලින්, ආසම වර්ගෙකින්, මගේ නමින්ම number ප්ලේට් එක ගහලා මං ආසම විදියට මගේ වාහනය හදා ගත්තේ. ඇත්තටම මේ වගේ පාටක මේ විදිහේ වාහනයක් ලංකාවට වෙන නෑ. මේක විතරයි තියෙන්නේ.

ඒ කියන්නේ මේක ත්‍රිකලාගේම නිර්මාණයයක්.ඔව් ඒ වගේ කියලා කීවත් වරදක් නෑ. මොකද මේක මේ වගේ කලර් එකකින් එන්නේ නැහැ. ඇත්තටම මම මුලින්ම ගත්තෙ සුදු පාට රේන්ජ් රෝවර් එකක්. මේ මෑතක වාහන ටිකක් මිල ගියපු නිසා මම ඒ වාහනේ හොඳ ගානකට ආව නිසා ඒක දුන්නා. දීලා පොඩ්ඩ කාලයක් ඉඳලා තව රතු පාට රේන්ජ් රෝවර් එකක් ගත්තා. ඉතිං එහෙම ඉද්දි මටම හිතුනා ඇයි මම මේ හැමෝම පදින විදිහේ වාහන පදින්නේ කියලා. එහෙම හිතලා තමයි ඉතින් මම මේ වාහනය මට ඕනේ පාටකින් බඩු ගෙන්වල මට ඕන විදිහට රැප්කරලා හදාගත්තේ. ඉතින් ඒ නිසා මම මේ වාහනයට කියන්නෙත් ත්‍රිකලා ධරණි රේන්ජ් රෝවර් කියලා තමයි. එහෙම කියන එකේ ඉතින් වැරද්දක් නැහැ.

ඉතිං ත්‍රිකලා මේ වගේ කෝටි ගාණක් වටින වාහනයක් පාවිච්චි කරන්න තරම් ලංකාවේ නිරූපිකාවක් වුණ ඔයාට සල්ලි කොහෙන්ද කියලා සමහර අයට පොඩි ප්‍රශ්නයක් පැන නැගෙනවා. ඒ ගැන මොකද කියන්නේ

ඔව් ඇත්තටම කලින් ඉඳන්ම කට්ටිය මට එක එක දේවල් කිව්වා. ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයෙන් ගොඩක් උපයන්න බැරි බව මම දන්නවා..ඒ හින්දම ඉතින් කට්ටිය හිතුවා මමත් නරක දේවල් කරලා සල්ලි හොයනව කියල. එහෙම නැහැ මම නිරූපිකාවක් විදියට වැඩ කරන්නේ ලංකාව ඇතුළෙ විතරක් නෙවෙයි. මම වැඩ කරන්නේ ඩුබායි අබුඩාබී සාජා කියන ප්‍රාන්තවල. ඒ ප්‍රාන්ත වල අපේ රටේ වගේ නෙමෙයි, නිරූපිකාවන්ට හොඳ ගෙවීමක් කරනවා. එයාලා අපෙන් මොන වැඩක් ගත්තත් අපිට හොඳට ගෙවෙනවා.

ඒක තමයි ඉතින් වෙනස. මං අපේ නිරූපණ ක්ෂේත්‍රයෙ ඉන්න අනිත් අයටත් කියනවා උත්සාහ කරලා බලන්න කියලා.මොකද ඒ වගේ රටවල අපේ රටේ අයගේ ස්කින් කලර් එකට, ෆීචර්ස් වලට තියෙන ඉල්ලුම ගොඩක් වැඩියි. ඒ හින්දා ඉතිං හොඳ අවස්ථා ලබා ගන්න පුළුවන්. මම හැමදාම කියනවා වගේ අපි සල්ලි පස්සෙන් දුවන්නේ නැතුව සල්ලි වලට අපි පස්සෙන් දුවන්න දෙන්න ඕනේ.ඉතින් ඇය ඇගේ වාහනය ගැන ඇගේ වෘතිය ගැනත් අදහස් ප්‍රකාශ කරලා තිබුණේ ඒ විදිහට. කෙසේ නමුත් ඇගේ නිරූපණ දිවියටත්, ඇගේ අනාගතයටත්, අපි සුබ පතමු.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්