Feb
13

ඇට මිදුලු බද්ධ කිරීමේ ඒකකයක් ආරම්භ කිරීම වෙනුවෙන් ලක්ෂ 75ක මුදලක් පරිත්‍යාග කළා

 
608 Views
   
A sum of Rs. 7.5 million was donated to start a bone marrow transplant unit  

නිල් උපුලී මල් කැකුලී
කඳුළ ඉතිං සමාවෙයන්
ඇතුළු ජනප්‍රිය ගීතාවලියකට හිමිකම් කියන කීර්ති පැස්කුවෙල් ගායන ශිල්පියාගේ උපන් දිනය යෙදිලා තියෙන්නෙ ජනවාරි 29 වෙනිදාට. ඉතිං ඔහුගේ උපන් දිනයක් වෙනුවෙන් ලැබුණ බර්ත්ඩේ සප්‍රයිස් ගැන මං අහල බැලුවා.

මගේ උපන්දින දවසේදී සාමාන්‍යයෙන් සිද්ධවෙන්නේ මාව සප්‍රයිස් කිරීමක් නෙවෙයි. මම වෙනත් කෙනෙක්ව සප්‍රයිස් කිරීමක්…
මොකද මගේ පුංචිකාලෙදිත් මගේ උපන් දිනය දවසට මගේ අම්මා මට බත්මුල් හත අටක් බැඳලා දීලා නැතිබැරි අයට ගිහිල්ලා දීලා ඒ අය සතුටු කරන්න කියලා කියනවා. එය මගේ උපන් දිනයත් සමඟ මගේ මතකයට එන කාරණයක්.

ඒ පුරුද්දට මම මගේ උපන් දිනය දාට කාට හරි මොනවා හරි දෙයක් දෙනවා. 2019 අවුරුද්දෙදි මම ලක්ෂ 75 ක මුදලක් එකතු කරලා මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කළා. ඇට මිදුලු බද්ධ කිරීමේ ඒකකයක් ආරම්භ කිරීම වෙනුවෙන්.

තව වසරක මගේ උපන් දිනය සැමරුවේ වජිර ළමා නිවාසේ ළමයින් එක්ක එයාලගේ සතුට වෙනුවෙන් මම ලොකු සංගීත ප්‍රසංගයක් පැවැත්තුවා.

1991 දී පටන් ගත්ත ගායක ගායිකා සංගමයේ අරමුදල් තරකරන්න 2016 වසරෙදි ලොකු ප්‍රසංගයක් සංවිධානය කළා… එදා ගායකයෝ ගායිකාවෝ 156 දෙනෙක් ගීත ගායනා කළා.

මේ විදිහට මගේ උපන් දිනය දවසේ මම කරලා තියෙන්නේ යමක් දීම. ඒ දීමට මුදල් උපකරණ වගේම ගීතත් ඇතුළත්. මේ අවුරුද්දේ උදාවෙන මගේ උපන් දිනය දවසේදීත් මම දේවල් කිහිපයක්ම දෙන්න සූදානම් කරලා තියෙන්නේ. කොළඹ 7 පදනම් ආයතනයේදී සවස පහට තමා ඒ බර්ත් ඩේ සප්‍රයිස් එක කෙරෙන්නේ.

මම ඒ උළෙලට ආරාධනා කරන්නේ මෙන්න මේ වගේ ආරාධනයකින්

අදරණීය ඇරයුම….! 
මිහිරක උපත 
වින්දනයක උපත 
එකමුතුවක උපත 
සෙනෙහසක උපත 
බෙදාගැනීමක උපත 
දැනුමක උපත 
දිරියක උපත මෙන්ම 
නිවීමක උපත 
සංගීතයම බව පසක් කරලමින් 
එයින් පොහොසත් සුමිහිරි 
පරපුරක් හෙටටත් බිහිකරලනු වස් 
මා උපන් දිනය දා 
මා උපන්බිමේ දහසක් 
දුවාදරුවන්ට වයලීන දහසක් පිරිනමන
සත්සර පාරමිතා 
ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහක් කරමි… 
ඇත්තටම මේක වයලින් දානයක්.
ඒ එක්කම මගේ අලුත්ම ගීතය රසිකයන්ට තිළිණ කරන්නේ මේ උළෙලෙදී.
මගෙ සොනික් නාමාවලියෙ හා දිනපොතේ අලුත්ම මුද්‍රණයක් මේ උළෙලෙදි එළි දක්වනවා.
ඒව තමා මේ අවුරුද්දේ දී මම දෙන බර්ත් ඩේ සප්‍රයිස්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්