Feb
9

පටු දේශපාලනය වෙනුවෙන් බෞද්ධයන්ගේ හදවතට අත තබා අවුරුදු 33යි

 
1879 Views
   
 

ලාංකේය බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ ලෙස හඳුන්වන්නේ මහනුවර ශ්රී දළදා මාලිගාවේ වැඩ සිටින බුදුරජාණන් දන්තධාතූන් වහන්සේයි. අතීතයේ සිටම ශ්රී දන්තධාතූන් වහන්සේ ශ්රී ලාංකේය රාජ්යත්වයේ උරුමය විය. අතීතයේ සතුරු උවදුරු පැමිණි කල්හි ත් දන්තධාතූන් වහන්සේ පණ දෙවනි කොට ආරක්ෂා කිරීමට රජවරු මෙන්ම ජනතාව කටයුතු කර ඇත. එලෙස අතීතයේ සිටම රැක ගත් දන්තධාතූන් වහන්සේ වැඩ සිටින ශ්රී දළදා මාලිගාවට නිදහසින් පසුව පහරදීමට පාර්ශවයන් දෙකක් උත්සහ දරා ඇත.

එම පාර්ශවයන් දෙකම ශ්රී ලංකාවේ තහනම් කරන ලද සංවිදාන වේ. තහනම් සංවිධාන ලෙස නම් කිරීමට තරම් එම සංවිධාන වලින් කෙතරම් හානියක් රටටත් ජනාතාවටත් වි ඇත්දැයි අතීතය නිරීක්ෂණය කිරීමෙන් පෙනේ.එක් සංවිධානයක් උතුර ගිනි තියමින් රට අරාජික කරද්දි, අනෙක් පාර්ශවය එයට දෙවනි නොවෙමින් දකුණ ගිනි තියමින් රට අරාජික කිරීමට කටයුතු කරන ලදී. 

දකුණ ගිනි තබමින් මීට වසර 33කට පෙර දළදා මාලිගාවට ප්රහාර එල්ල කල පාර්ශවය වෙන කවුරුත් නොව, ජනතා විමුක්ති පෙරමුණයි. අනෙක් පාර්ශවය 30වසරක කුරිරු යුද්ධ ගිනි ශ්රීලංකාව තුල දැල්වූ එල්.ටී.ටී යයි. අද වන විට එම පාර්ශවයන් දෙකම දේශපාලනිකව මෙන්ම සන්නද්ද අංශයන්ගෙන්ම කුණු කූඩයට විසිවී අවසානය. කුමක්දෝ සරදමකට මෙන් ඔවුන් රටට හානියක් කිරීමට හැකි අවස්ථාවකදීම එකට එකතු වෙයි. 

එම එකතු වීම් වලට ආසන්නතම උදාහරණ ලෙස , TNA (තවමත් LTTEයේ බෙදුම්වාදී මතවාද වෙනුවෙන් පෙනී සිටින ඔවුන්ගේ දේශපාලන අංශය) හා ජනතා විමුක්ති පෙරමුණ එක්ව , බටහිරයන්ගේ හා ඩයස්පෝරාවේ උවමනාවට 2010 ජනාධිපතිවරණයට හා 2015 වේ ජනාධිපතිවරණයට එකම වේදිකාවට ගොඩවීම දැක්විය හැකිය. දළදා මලිගාවට පහරදීමට පැමිණි අධිකාරි නොහොත් කෝසල නැමැති පුද්ගලයා විසින් පාපොච්චාරණයක් 2001 දී සිදු කරන ලදී. මෙම පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණෙන් අවි පුහුණුව ලබා ඇති අතර පල්ලේකැලේ හමුදා කඳවුරේ ප්රහාරය, 1987 බෝගම්බර බන්ධනාගාර ප්රහාරය සහ දිගන බැංකු කොල්ලය යන අපරාධ රැසකට ජනතා විමුක්ති පෙරමුණට දායකත්වය ලබා දී ඇත. 

මේ ඉතිහාසය මකා දැමීමට කිසිවෙකුට නොහැක. මක් නිසාද යත් උතුරේ එල්ටීටිය කරමින් සිටි අපරාධ හා සමානවම අපරාද ජවිපෙ දකුණේද කලහ. වර්තමානයේ බුකී ජෙප්පන් ශාප කරන 74 වසර තුල ඔවුන්ගේ ක්රියාකලාපය මෙමගින් ප්රශ්ණ කිරීමට ලක්කල යුතුය. මෙම පාපොච්චාරණයට අනුව මෙම ප්රහාරය සිදු කරන ලද්දේ මූලිකවම… රාජ්යත්වයේ සංකේතය වූ දළදා වහන්සේ පැහැර ගැනීමෙන්, දළදා වහන්සේව ආරක්ෂා කර ගැනීමට නොහැකි රජයක් යැයි පවතින රජයට එරෙහිව ජනතාව හැඟීම්බර කරවා රට තුල කැරැල්ලක් ඇති කිරීමටයි. තවද මෙම ප්රහාරය සිදු කිරීමට ගැහැනු ලමුන් දෙදෙනෙකුවද යොදා ගෙන ආයුද මල් වට්ටියක සඟවා යවන්න තරම් ජනතා විමුක්ති පෙරමුණ පහත් තත්වයකට වැටුනි.

👉 ඔබට පවතින රජය ගැන විවේචන තිබිය හැක. නමුත් නූතන සමාජය තුල රජයට විරුද්දව ජනතාව පාරට බැස්සීම සඳහා මෙවැනි ආගමික ස්ථාන වලට පහර දීම වැනි මි ලේ ච් ඡ, ගෝත්රික ක්රියාමාර්ගයන් ඔබ අනුමත කරනවාද ? 

👉 දරුවන්ට ළමා සාරි අන්දවා, මල් වට්ටියක් තුල ආයුධ සඟවා බෞද්ධ ජනතාවගේ හදවතට පහර දීමට යැවීම ඔබ අනුමත කරනවාද? 

ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ සිටම භීෂණය වපුරවමින්, බලහත්කාරයෙන් ජනතා මනස වෙනස් කිරීමට උත්සහ දරයි. අධිකාරිගේ පාපොච්චාරණයේ දි ඔහු විටෙක පවසන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ මොළ සේදීමේ යාන්ත්රණය හරහා කොයිම වෙලාවකදීවත් මේ සිදු කරන්නේ වරදක් කියා නොසිතුන බවයි. මෙය වර්තමානයේදි සමාන කල හැකි ආසන්නම අවස්තාවලෙස දැක්විය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව තුල සිටි ඊබ්රාහිම්ගේ උගත් පුතුන් දෙදෙනා ආගමේ නාමයෙන් සිදු කල ප්රහාරයටයි. 

මේ දෙකම මොළ සේදීම් මගින් සිදු කර ඇත. වර්තමානයේ මෙවැනි සමාජ පිළිල වල නවාතැන් පල වී ඇත්තේ ජවිපෙ වීමත් ඔවුන්ගේ ක්රියාවන් තවමත් අතීතයේ මෙන්ම වර්තමානයේදී සිදුවීමත් නිසා අවසාන වශයෙන් කිව හැක්කේ ජනතා විමුක්ති පෙරමුණ කැලේ මාරු කලාට පුල්ලි මාරු කරලා නැත යන්නය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්