Jun
20

හෙට සිට බාර් විවෘතයි

 
1800 Views
   
 

හෙට (21දා) සංචරණ සීමා ඉවත් කිරීමත් සමග දිවයින පුරා මත්පැන් අලෙවිසල් ද හෙට සිට විවෘත කිරිමට අවසර ලැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මත්පැන් අලෙවිසල් වසා දැමීම නිසා මේ දක්වා රජයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 2000 කට ආසන්න යැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි

මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් සියලුම සහකාර සුරාබදු කොමසාරිස්වරුන් , සුරාබදු අධිකාරිවරුන් හා සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත නිවේදනයක්ද නිකුත් කර තිබේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සියලු වෙළඳසල් විවෘත කිරීමට අවකාශ ලබාදී ඇති හෙයින් සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන පමණක් විවෘත කිරීමට මෙමගින් අවසර දී තිබේ.

දැනට මුද්‍රා තබා ඇති බලපත්‍රලත් ස්ථානවල මුද්‍රා ඉවත් කිරීමට ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම සුරාබදු කොමසාරිස්වරුන්ට පවරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

source – ada.lk

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්