Apr
26

‘මම නළුවෙක් නෙවෙයි චිත්‍ර විෂය උගන්වන ගුරුවරයෙක්’ ජනප්‍රිය නළු ධර්මප්‍රිය ඩයස්

 
990 Views
   
'I-am-not-an-actor,-I-am-an-art-teacher'-Popular-actor-Dharmapriya-Dias  

කළා ලෝකය තුල චරිතාංග රංගන ශිල්පියන් ඉන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්, ඉතින් අපේ කළා ලෝකයේ ඉන්න රිදී තිරයට වගේම පුංචි තිරයටත් ගැලපෙන ධක්ෂ රංගන ශිල්පියෙක් තමයි ධර්මප්‍රිය ඩයස් කියන්නේ. මේ දවස්වල ඔහු කා අතරත් ජනප්‍රිය නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ‘තෙලිජ්ජවිල බින්දුසිරි’ නමින්, ඉතින් අපි අද කතා කරන්නේ ඔහු සමග.

ධර්මප්‍රිය ඔබ වඩාත්ම කැමති ටෙලිනාට්‍ය වලටද සිනමාපට වලට රංගන දායකත්වය ලබා දෙන්නද ”මම වඩාත්ම කැමති සිනමාපටවලට, ඒත් මම අඩුවෙන්ම දායක වෙලා තියෙන්නෙත් සිනමාවටම තමයි ඇත්තම කියනවනම් මම නළුවෙක් වෙන්න හීන දැකපු කෙනෙක් නෙවෙයි. මට ඕන වුනේ අධ්‍යක්ෂවරයෙක් වෙන්න, කරුමෙට සිද්ධ වුණේ නළුවෙක් වෙන්න. මට තවම බැරිවුනා අධ්‍යක්ෂවරයෙක් වෙන හීනේ සැබෑ කරගන්න තව ටිකක් ලොකුවෙලා බලනව අධ්‍යක්ෂවරයෙකුත් වෙන්න පුලුවන්ද කියලා”

ඔබේ වෘත්තිය රංගනයද? ”නෑ මම පාසල් ගුරුවරයෙක් මගේ විෂය චිත්‍ර කලාව, ඒ වගේම මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ චිත්‍ර මූර්ති අංශයෙ විශ්ව සන්නිවේදන සැලසුම් උපාධිය ලබලා තියෙනව. ඒ වගේම මට චිත්‍ර විෂය උගන්වන්න ගුරු පත්වීමක් ලැබිලා තියෙනව, මගෙන් ගොඩක් අය අහනවා ඇයි රඟපාන්න උගන්වන්නෙ නැත්තෙ කියලා. ඇත්තටම හරියට රඟපාන්න උගන්වන්න අමාරුයි. රංගන ඉගන ගන්න ඒ තුල ඉන්න ඕන. අවුරුදු පහක් හයක් එක දිගට වැඩ කළොත් අපිට වැඩක් කරන්න පුළුවන් මිනිහෙක් බිහිකරගන්න පුළුවන් මාස තුනේ හයේ රංගන පාඨමාලාවලින් නළුවන් බිහිකරන්න බෑ. මේක කාලය අරගෙන විනයක් ඇතුව කරන්න ඕන.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්