Aug
15

ගම්පහ, මරදගහමුල නගරය සතියක කාලයකට වසා තැබේ

 
1278 Views
   
 

කො වි ඩ් ව්‍යාප්තිය පාලනය කිරිමේ අරමුණින් ප්‍රදේශ කිහිපයක වෙළෙඳ සංගම් ඉදිරි කාලය තුළ වෙළඳසැල් වසා තැබිමට තීරණය කර තිබෙනවා.

මරදගහමුල ව්‍යාපාර සංගමයේ සභාපති බී.කේ. රංජිත් සඳහන් කළේ ප්‍රදේශයේ ආ ර ක් ෂා ව වෙනුවෙන් හෙට (16) සිට සතියක කාලයක් ඔසුසැල් හැර අනෙක් සියලු වෙළඳසැල් වසා තැබෙන බවයි.

මේ අතර අද (15) සිට අම්බලන්තොට නගරයේ සියලු වෙළඳසැල් සතියක කාලයක් වසා තැබෙන බව ද එම නගරයේ වෙළඳ සංගමය ඊයේ ප්‍රකාශ කළා.

නගරය හා අවට ප්‍රදේශවලින් වැඩි වශයෙන් කොරෝනා වෛරස් ආ සා දි ත ය න්  වාර්තාවීම හේතුවෙනුයි ඔවුන් මෙම තීරණයට එළඹ ඇත්තේ.

එම ප්‍රදේශවල කොරෝනා වෛරසය පැතිර යාමේ දැඩි අ ව දා න ම ක් පවතින බැවින් ජනතාව නිරන්තරයෙන් නගරයට පිවිසීම හමුවේ අනෙක් ජනතාව ද අ ව දා න ම ක ට ලක්වන බව වෙළඳ සංගමය පෙන්වා දෙනවා.

මෙම තීරණය සතියක කාලයක් ක්‍රියාත්මක කරන අතර ඉදිරියේදී රටේ තත්වය සලකා බලා නගරයේ වෙළඳසැල් විවෘත කිරීමට හෝ තවදුරටත් ව සා තැබීමට කටයුතු කරන බවයි අම්බලන්තොට වෙළඳ සංගමයේ ලේකම් ඒ.එච්. ප්‍රේමචන්ද්‍ර කියාසිටියේ.

මේ අතර පලාපත්වල එක්සත් වෙළඳ සංගමය ද පසුගියදා තීරණය කළේ එම නගරයේ සියලු වෙළඳසැල් ව සා දැමීමටයි.

ත්‍රී රෝද රථ සංගමයේ රියදුරන් කිහිප දෙනෙකු මෙන්ම වෙළඳසැල් කිහිපයක සේවකයන් ඇතුලු පිරිසක් කො රෝ නා ආ සා දි ත ය න් බවට තහවුරු වීම හේතුවෙනුයි ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්