Mar
14

” කර්මයට අනුව මේ තමයි මගේ ලැබීම ” සුරූපී දියණියක් ඉන්න ප්‍රවීණ නිළි සේමිණි ඉද්දමල්ගොඩ

 
835 Views
   
 

ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න නිරන්තරයෙන් ලාංකීය ජනයාගේ මතකයේ රැදී සිටින ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය ප්‍රවීණ වගේම දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සේමිණි ඉද්දමල්ගොඩ කියන්නේ. වසර ගණනාවකට පෙරදී මෙරට කලා ක්ෂේත්‍රයත් සමගින් එක්වන සේමිණි 2017 වසර වෙනුවෙන් හොඳම නිළිය සඳහා වූ ජනාධිපති සම්මානය හිමිකර ගන්නා අතර කාලයකට පස්සේ නැවත වරක් අපට ඇයව නිර්මාණ තුළින් දැකගන්නට ලැබෙනවා

කොහොම නමුත් මේවෙද්දී අපේ කලා ක්ෂේත්‍රය තූළ සුවිශේෂ ගමනක් යන ඇය පහුගිය දවසක සතිඅන්ත පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙලා තිබුණා. එහිදී ඇය ඇගේ වර්තමාන ජීවිතය ගැන වගේම කලා ජීවිතය ගැනත් අදහස් දක්වලා තිබුණා. ඉතින් එහිදී ඇගෙන් අහපු ප්‍රශ්න සදහා ඇය පිළිතුරු ලබාදී තිබුනේ මෙලෙසයි

සේමිණි කාලෙකට පස්සේ නේද ?

ඇත්තටම ඔවු , අවුරුදු පහක් විතර මම ටෙලිනාට්‍යවල වැඩ නොකර හිටියා. මේ දවස්වල විකාශය කෙරෙන ටෙලිනාට්‍යයක මම රගපානවා. ලගදිම ජාතික රූපවාහිනීයේ විකාශය කිරීමට නියමිත ප්‍රසන්න ජයකොඩිගේ ” එයා දැන් බැදල ” ටෙලි නිර්මාණයටත් රංගන දායකත්වය ලබා දෙනවා

දිගු කාලයකට පස්සේ මේ වගේ පිබිදීමකට හේතු කියන්න පුලුවන්ද ?

පහුගිය කාලයේ මම ටිකක් කම්මැලි වුනා. ඒත් මට හොදයි කියල හිතුන චිත්‍රපටවල රගපෑවා. වැඩ නොකර හිටපු කාලයේ දුවත් එක්ක එයාගේ වැඩවලට උදව් වුනා. මම ටිකක් මහත්වෙලා පෙනුමත් වෙනස්වුනා. පස්සේ මටම දැනුනා අපරාදේ මෙහෙම ඉන්න එක කියල. වැඩකරන්න තව කාලය තියෙනවා නේද කියල හිතුනා

සේමිණිට කම්මැලිකමෙන් මිදෙන්න මොන වාගේ චරිතද ලැබුණේ ?

ආශාවරී චිත්‍රපටයේ මම කරන මැදිවියේ වංශක්කාර කාන්තාවගේ චරිතය නැරඹුවාම ඔබට තේරෙයි මම ඒ චරිතය එක්ක මොන තරම් බැදෙනවාද කියලා. මම බලන්නේ මගේ රංගනයෙන් විතරක් නොවෙයි පෙනුමෙන් පවා සාධාරණයක් කරන්න පුලුවන් චරිත රගපාන්න. මම මැරුණු චරිත පවා රගපාපු කෙනෙක්

ඔබට ලැබුණු සම්මාන අතුරින් විශේෂත්වයක් තිබෙන සම්මාන මොනවද ?

හොදම නිළියට මගේ නම නිර්දේශ වෙලා තියෙනවා. නමුත් හොදම නිළිය සහ ජනප්‍රියතම නිළිය සම්මාන මට ලැබිල නැහැ. වේදිකාවේ සහ සිනමාවේ හොදම නිළිය සම්මානය ලැබිල තිබෙනවා. ජනප්‍රිය නිළිය සම්මානය නම් තවම ලැබිල නැහැ. මම කර්මය විශ්වාස කරන කෙනෙක් හැටියට මම හිතනවා මේ තමයි මගේ ලැබීම කියලා

ඔබේ දියණිය කුමලිගේ වැඩවලටත් දැන් යනවා එනවා අඩුයි නේද ?

එයා දැන් අවුරුදු විසි එක්ක තරුණියක්. එයාට හොඳ නරක තේරෙනවා. දැන් එයා එයාගේ වැඩ තනිවම කරගන්න පුලුවන් කෙනෙක්. එයාගේ හැම දේකටම මම දැන් පස්සෙන් යන්න උවමනාවක් නැහැ

කුමලිට නිළියක් වෙන්න කැමැත්තක් නැද්ද ?

එයාට එහෙම උවමනාවක් තිබ්බේ නැහැ. මන් හරහා එයාට ආරාධනා ලැබිල තිබෙනවා. එයා නිළියක් කරන්න මම හිතුවෙත් නැහැ. හැබැයි එයා ඒකට කැමති උනානම් ඒ අවස්ථාව අපි එයාට නොදී ඉන්නෙත් නැහැ. මේවෙද්දී කුමලි නීතිය හදාරන්න සූදානම් වෙනවා එයා රංගනයටනම් එන එකක් නැහැ

ඔබයි ප්‍රවීණ නිළියකුයි අතර තිබුණු මත ගැටුම දැන් ඉවරයිද ?

මම තරහා හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. ඔය කිසි දෙයක් දැන් මගේ හිතේ නැහැ. ඔය කොයි දේ දිහාත් උපේක්ෂාවෙන් බලපු කෙනෙක් මම. නමුත් ඒ ප්‍රශ්නයේදී නිහඩව ඉන්න පුලුවන් වාතාවරණයක් තිබුනේ නැති නිසයි මට ඒ සම්බන්ධව කිසියම් පියවරක් ගන්න සිද්ද වුනේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්