Jan
3

වස්තියෝ

 
380 Views
   
 

පන්සලේ සිටින දික් බෙරවා දණ්ඩා

සන්සලේ කරයි සඟ ගණ වන සණ්ඩා

තුන්කලේ වෙසෙන දෙවියෝ පිං ගන්ඩා

පැන් කළේ සේම උගෙ බඩ පුපුරන්ඩා

 

ඉහත ඇත්තේ ගුරුකම් සඳහා ප්රකට වූ කුංකුණාවේ හිමියන්ට විහිළු කළ ඇබිත්තයෙකුට උන්වහන්සේ කියූ වස් කවියකි. පහත ඇත්තේ තමන්ගේ දේශපාලන පක්ෂය දිනවන්නට හෝ සිස්ටම් චේන්ජ් කරන්නට බලා සිටිනා ගොබිලන් මේ දිනවල උදේ හවා මතුරන වස් කවියකි.

එකා පිට මැරෙන තෙක් කොරෝනාවෙන් වැනසියන් තවත් දින දහයකින් රටේ ඉන්ධන නැති වෙයන් බඩ පිටට ඇලෙන තෙක් සාගතය ඇති වෙයන් බිංදුවට වැටෙන තෙක් ඩොලර් ටික හිඟ වෙයන් මෑතක් වන තුරු ශ්රී ලංකාව සතුව තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් වටිනා විදෙස් සංචිත පමණක් වූ අතර ඒවායෙන් විනිමය වශයෙන් පැවතුණේ ඩොලර් බිලියන 1.1කි.

නමුත් මහ බැංකුව ඊයේ සඳහන් කළේ මෙරට සමස්ත විදෙස් සංචිත ප්රමාණය ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙය තවදුරටත් ඉහළ යනු ඇතැයි බලාපොරොත්තු තබා ගත හැකිය. IMF යන්නට ඕනෑමයි කියූ දෙක පාස් මළකඩ බාස්ලා ටික ලේසියෙන් පරාජය බාරගන්නට අකමැති නිසා කොරෝනා සමයේ කළාක් මෙන් නැවත වර්ජන රැල්ලක් දියත් කරමින් රට ආපස්සට යවන්නට කටයුතු කරනු ඇත.

කෙසේ වෙතත් උදේ හවා රටට කෙළවෙයන් යැයි වස්කවි මතුරමින් ඉන්නා අසරණ වස්තියන්ට අනුකම්පා කරමින් මේ ඉල්ලීම කිරීම මේ මොහොතේ අපගේ යුතුකමකි. ඇතිමුත් කම්කටොලු නෙක් බාධා එමට පසුබා නොයව් කිසිදා නොම වී නිවට රට දැය නගන්නට සැරසෙන හෙට දිනට වස් කවි නොවී සෙත් කවියක් වෙනු දැයට

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්