
කොළඹ අධ්‍යාපන කලාපයට අයත් සියළුම රජයේ පාසල් සහ පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී අද පෙරවරුවේ ආරම්භ වුණා. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් කියා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත් අගෝස්තු මාසයේදී පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් වන පළමු පියවර ගන්නා බවයි.