Oct
30

“ලස්සන නැති උනාට මම බුද්ධිමත්. මට හොඳ කටක් තියෙනවා.” – දිනිති වල්ගමගේ

 
1554 Views
   
 

පහුගිය කාලෙදි පුංචි තිරයේ වැඩිපුර පෙනෙන්න හිටියෙ නැති දිනිති වල්ගමගේ මේ දිනවල ආයෙත් ආලින්දයට ඇවිත්. ඒ විකාශය කෙරෙන කොළඹ ඉතාලියේ චරිතයක් සමගයි. ජයප්රකාශ් සිවගුරුනාදන්ගේ කොළඹ ඉතාලියේ ඇය රඟපාන්නේ හංසි යන චරිතයයි. ඊට අමතරව ධනංජය නිර්මාල්ගේ BTS නාට්යයේ රූපගත කිරීම්වලට දායක වන දිනිති, නාලක විතානගේ අධ්යක්ෂණය කරන “ෂැඩෝ” හි චරිතයක්ද රඟපාන අතරේ කාලයකට පසුව සඳැල්ල කතාබහකට එක් වුණේ මේ විදිහටයි. 

දිනිති කොහොමද මේ දිනවල ගෙවන ජීවිතය? 

හරිම කාර්යබහුලයි.

එච්චරටම කාර්යබහුල වුණේ ? 

කොළඹ ඉතාලියේ, ෂැඩෝ සහ BTS බ්රහ්ම වල රඟපෑමට අමතරව BTS නාට්යයේ පිටපත ලියන්නෙත් මමයි. ඒ වෙනුවෙන් මගේ යාළුවෙක් වුණ දුෂී අමරසිංහ සම්බන්ධ වෙනවා. ඉතින් මේ වැඩ නිසා කාර්යබහුලයි.

01.

රඟපාමින් නිවේදනය කරමින් හිටපු දිනිති නාට්ය පිටපත් රචිකාවියක් වුණේ පළමු වතාවටද? නාට්ය ලියන්න පටන් ගෙන මේ පළමු අවස්ථාවද ? 

ඔව්. නාට්යයක තිර පිටපත ලියන පළමු අවස්ථාව මෙයයි. දුෂී සහ මම එකතු වෙලා මේ පිටපත ලියන්න පටන් ගත්තේ පහුගිය කොයි කාලයේ වෙච්ච සිදුවීම් සහ පුද්ගලිකව අපි මුහුණදුන් සිදුවීම් මෙහි තිර පිටපතට ඇතුළත්. අපේ එදිනෙදා ජීවිතයේ මුහුණදුන් සිදුවීම් සුන්දර අවස්ථා මේ සියල්ල අපි මේ කතාවට ගලපගෙන තියෙනවා. ඒ ඔක්කොම එකතු කරලා පිටපතක් ලියන්න හිතුවා. සංජය නිර්මාල් නිර්මාණ පිටපත කැමැති වුණා. අපි මේක නිෂ්පාදනයටත් හවුල් වුණේ. 

මේ දිනවල සුපුරුදු විදිහට ගුවන් සේවයේ වෘත්තිය කටයුතු කොහොමද ? 

මේ වැඩ එක්ක මේ දිනවල නම් වෘත්තීය ජීවිතයේ දී නෝපේ යන්නෙ කිව්වොත් හරි. මොකද මම මේ වැඩ නිසා එච්චරටම නිවාඩු අරගෙන. කොහොමටත් පහුගිය කාලයේදී කොවිඩ් තත්ත්වය නිසා එතරම් ගුවන් ගමන් තිබුණෙත් නැහැ. 

02.

රඟපෑමට අමතරව දිනිති අද වැඩිපුරම කැමති මොනවටද ? 

ලියන්න. ඒකට මම හරිම ආසයි. කොහොමටත් ඒ ආසාව ඇති වුණේ අද ඊයෙක නෙවෙයි. පොඩි කාලෙ ඉඳලම මම ලියන්න ආසා කළා. 

මොනවා ගැනද ලියන්න ආස ? 

එහෙමම කියලා නැහැ. සමහර විට බොහෝ දෙනා බාහිරව මගේ ජීවිතේ දිහා බලලා ප්රශ්න නැති කෙනෙක් කියලා හිතන්න පුළුවන්. ඒත් හැමෝටම වගේ මටත් ප්රශ්න තියෙන්න පුළුවන්. ඒත් ඒවා බාහිරව නොපෙනෙන්නේ මම ඒවා ලියලා තියෙන නිසා වෙන්න ඇති. එතකොට හිත නිදහස්නේ. එහෙම උනාම ජීවිතයේ සැහැල්ලුයි.

03.

ප්රේමය ආදරය හාස්ය ජීවිතය මේ අතරින් ලියන්නට වැඩිපුර හිත යන්නේ ?

මේ සියල්ල සමග වූ මගේ ජීවිතේ අත්දැකීම් වලට ආසයි. මම හිතන විදිහට ජීවිතයේ බොහෝ අත්දැකීම් මට තියෙනවා. ඒ වගේම මම හොඳ සවන් දෙන්නෙක් බොහෝදෙනෙකුට ඇහුම්කන් දෙන්න මම කැමතියි. සේවය කරද්දී මිනිසුන් දහසක් විතර එක්ක වෙලාවකට කටයුතු කරන්න ලැබෙනවා. ඒ හැමෝම කියන දේ අහන් ඉන්න තරම් මම ඉවසිලිවන්තයි. ඒ වගේම විසඳුම් ලබා දෙන්නත් කැමතියි. ඒ නිසා මගේ ජීවිතේ මගේ මතක මනසේ කතන්දර ගොඩක් තියෙනවා. 

දිනිති ප්රකාශ කළ අදහස් වලට දිනිතිට පෙරළා ලැබුණු ප්රතිචාර මොන වගේද ? 

පහුගිය දිනවල මම සමාජ මාධ්යන්ගේ සාකච්ඡා වලට පෙනී සිටියා. ඒ අදහස් ප්රකාශ කළේ හරිම විවෘතව සහ සෘජුව. ඒ කතා කළ දේ ගැන හරි විදිහට සහ වැරදි විදිහට හිතපු දෙපාර්ශ්වයෙන් ලැබුණු ප්රතිචාර බොහොමයි. එහිදී මම තේරුම් ගත්ත දේ නම් ගැහැනු ළමුන්ට මේ සමාජයේ බොහෝ ප්රශ්න තියෙනවා. ඒ ගැන එයාලට කියන්නත් පුළුවන්. හැබැයි ඒවා ප්රකාශ කරන්න වේදිකාවක් නැහැ කියන එක. 

04.

ලස්සන, හැකියාව සහ බුද්ධිය කියන මාතෘකා ගත්තොත් ඒ අතරින් දිනිති ඉදිරියෙන් සිටින්නේ ? 

ලස්සන කියන මාතෘකාව ගත්තොත් මම ලස්සන කෙල්ලෙක් නෙවෙයි. ඒ කාලයේදී අවුරුදු කුමාරි තරඟයකට තේරිලා යන්න හැදුවාම අපේ අම්මා මට කිව්වේ අපෝ ඕවට යන්න ඕනෑ ලස්සන අයයි. ඒ හන්ඳා ඕවට ගිහින් ලැජ්ජා වෙන්න එපා කිව්වා. එදා ඉදල මම හිතුවේ මම ලස්සන කෙනෙක් නෙමෙයි කියලා. ලස්සන නැති වුණාට මම හරි බුද්ධිමත් කියලා කියන්න පුළුවන්. ඒ වගේම අදහස් ප්රකාශ කිරීමේ දී මට හොඳ කටක් තියෙන බවත් මම දන්නවා. මම අදහස් ප්රකාශ කරන්න බය නැහැ. 

ඒ හොඳටද ? නරකටද ? 

අදාළ දේ අදාළ තැන දී මුහුණටම කියන්න ඕනෑ. අදාළ දේ අදාල තැනට නොකියා ගෙදර ගිහින් ඒ ගැන හිතලා දුක් වෙන්න ඕන නැහැනේ. 

05.

ඒ කියන්නේ දිනිති පසුවට පසුතැවිලි වෙන්න වැඩ කරන කෙනෙක් නෙවෙයි ? 

කොහෙත්ම නැහැ. අද කළ යුතු දේ අද කිවයුතු දේ ඒ මොහොතේම කරන කියන කෙනෙක්. 

ආදරය, ප්රේමය දිනිති ප්රකාශ කිරීමේදීත් පෙරලා දිනිතිට ආදරය ප්රකාශ වීමේදීත් ඒ ප්රතිපත්තියමද අනුගමනය කරන්නේ ? 

ඔව්. කෙළින්ම මූණටම කියන කෙනෙක්. “May be”, නැත්නම් “බලමු” “විය හැකියි” කියන දේ මා ළඟ නැහැ. මගේ තියෙන්නෙ “Yes or No” “ඔව් හෝ නැහැ” හා හෝ “බැහැ” කියන එක විතරයි. කරන්න පුළුවන් නම් පුළුවන්. බැරිනම් බැහැ. 

06.

එහෙමනම් දිනිති Yes වෙච්ච ප්රේමය ගැන කියමු ? 

තවමත් Yes වෙලා නැහැ. අන්න ඒකයි ප්රශ්නය. ඒ නිසා ඒ ගැන කියන්න දෙයක් තවම නැහැ. 

මේතාක් ගෙව් ජීවිතයේදී දිනිතිට අපේක්ෂා කළ අරමුණු කරා යන්න පුළුවන් වුණාය කියලා හිතනවද ?

ඔව්. ගෙවූ ජීවිතය ගැන මම තෘප්තිමත්. කොහොමටත් ජීවිතයේ මම ලද දෙයින් සතුටු වෙන කෙනෙක්. ඒ නිසා අතෘප්තිකර නැහැ. ඒ වගේම ලැබෙන දේ උපරිම කැපවීමෙන් කරන කෙනෙක්. ජීවිතයේ සතුටු වෙන්න කියලා මහා වස්තු කන්දරාවක් තිබිය යුතුය කියලා හිතන කෙනෙක් නෙවෙයි. මම තව කෙනෙක් වගේ වෙන්න ඕනෑය කියන තරඟයක් මට නෑ. මට යන්න ඕනෑ තැන මම දන්නවා. හැබැයි එහෙම කියලා මගේ අරමුණින් පිට පැනලා යන්න කැමති නැහැ. 

07.

මතුපිටින් දකින පෙනෙන දිනිතිට වඩා ඇතුළාන්තයෙන් තරමක් tough චරිතයක් වගෙයි ? 

ඔව්. මම ටිකක් tough චරිතයක්. 

ප්රේමයක ඇලී ගැලී වෙලී නොසිට කාලය ගැනීම අපරාදේ කියලා හිතෙන්නේ නැද්ද ? 

කිසිම අපරාධයක් නැහැ. මොකද මට කරන්න වැඩ ගොඩක් තියෙනවා. උපරිම බිසී වෙලා ඉන්නේ. ඒ කරන වැඩ වලට උපරිම සාධාරණය කැපවීම කරන්න ඕන. මොකද ආදරය කරන්න පටන් ගත්තොත් ඒක කාලයක් වෙන් කරන්න බැරිනම් ඒක ආදරයක් නෙවෙයි. අනික ආදරය කරන්න ගත්තොත් මම හරි බොළඳ වෙනවා. 

08.

ඒ කියන්නේ පිස්සෙක් වගේ ආදරේ කරන්නේ ? 

ඔව්. හරි ආදරේට මම හරි ආදරෙයි. ඒ තරමටම ආදරේදි මම අවංකයි. මගේ ලෝකයේ තියෙන්නේ හරිම ෆැන්ටසි ලව් එකක්. ඒ වගේ කෙනෙක් හමු වුණාම මගේ ලව් ස්ටෝරි එක ගලාගෙන යාවි.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්