Nov
4

පෙම්වතිය සමඟ එකතු වී සිහිසුන් වන තෙක් බිරිඳට පහරදීලා

 
4881 Views
   
 

සිය අනියම් බිරිඳ සමඟ ප්රසිද්ධියේ සාප්පු සවාරියක නිරත වූ අනුරාධපුර ප්රධාන පෙළේ ව්යාපාරික ආයතනයක හිමිකරුවෙකු බිරියගේ අතටම හසුවීම නිසා දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුවී ව්යාපාරිකයා ඇයට අමානුෂික ලෙස ගුටි බැට ප්රහාරයක් එල්ල කර මෝටර් රථයට හප්පා තුවාල කිරිමට උත්සාහ කරද්දී පොලිස් නිලධාරියෙකු මැදිහත් වී ඇයව බේරා ගැනීමේ සිද්ධියක් පසුගිය 02 දා සිදු වී තිබෙනවා.

අනුරාධපුර හරිස්චන්ද්ර මාවතේ පිහිටි දිවයිනේ ප්රසිද්ධ ආයතනයක අනුරාධපුර ශාඛාවට සිය අනියම් බිරිඳ සමඟ පැමිණි ව්යාපාරිකයා නීත්යානුකූල බිරිය එහි පැමිණීමත් සමඟ වෙළෙඳ ආයතනය ඉදිරිපිට දී ඇයට සිසුන් වන තුරු පහර දී තිබුණි. අනියම් බිරියත් අනියම් සැමියා සමඟ එක්වී ඇයට පහර දී ඇති බවයි වාර්තා වන්නේ. විශාල පිරිසක් බලා සිටියදී ව්යාපාරිකයා තරුණ බිරිඳට අමානුෂික අන්දමෙන් එලව එලවා මෙම පහරදීම සිදුකර තිබුණි.

ව්යාපාරිකයාත් පසුගිය 02 සවස අනුරාධපුර හරිස්චන්ද්ර මාවතේ පිහිටි සුපිරි වෙළෙඳ ආයතනයට පැමිණ ඇත්තේ සිය අනියම් බිරිඳගේ නිවසට අවශ්ය විදුලි උපකරණ කිහිපයක් මිලදී ගැනීමටයි. එම අවස්ථාවේ බිරිඳ අසනීප තත්ත්වයෙන් පසුවන දරු දෙදෙනා සමඟ ඔවුන්ට අවශ්ය කලමනා කිහිපයක් මිලදී ගැනීමට අනුරාධපුර නගරයට පැමිණ ත්රිරෝද රථයකින් හරිස්චන්ද්ර මාවත ඔස්සේ ගමන් කර තිබේ.

එසේ ගමන් කරද්දී සිය සැමියාගේ මෝටර් රථය සුපිරි වෙළෙඳ ආයතනයේ ඉදිරිපිට තිබෙනු දැක ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගෙන කුමන ස්ථානයක සිටින්නේ ද යන්න විමසා තිබේ. ඔහු පවසා ඇත්තේ ප්රදේශයේ ව්යාපාරික කටයුත්තක් සඳහා පැමිණි බවයි. බිරිය ආයතනයට ඇතුළු වෙද්දී සැමියා අනියම් බිරිඳ සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සුපිරි වෙළෙඳ භාණ්ඩවල මිල ගණන් විමසමින් ඒවා තෝරමින් සිට ඇත. ඇය ඔවුන් සිටි ස්ථානයට ගොස් සැමියා සමග බහින්බස් වී ඇත.

සැමියා ඇයගේ අතින් අල්ලාගෙන ආයතනයෙන් පිටතට රැගෙනවිත් ඇයට පහර දී තිබේ. එය අවස්ථාව කරගත් අනියම් බිරිඳත් ඇයට පයින් පහරදී හෙමින් සීරුවේ එම ස්ථානයෙන් නික්ම ගොස් ඇත. සැමියා බිරිඳට සිහිසුන් වන තුරුම පහර දී ඇය බිම වැටුණු පසුව මෝටර් රථයට දරුදෙදෙනා නංවා ගෙන ඇත. සිහිය පැමිණි කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහල දෙසට දිව යද්දී මෝටර් රථයෙන් හඹා ගිය සැමියා ඇයව රථයට යට කිරීමට අවස්ථා කිහිපයක් උත්සාහ දරද්දී ඇය ඉන් බේරී ඇත. සැමියා ඇයව බලහත්කාරයෙන් අල්ලාගෙන අමානුෂිකව පහර දී මෝටර් රථයට නංවා ගනිද්දී රාජ්ය අමාත්යවරයෙකුගේ කාර්යාලයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකු එම ස්ථානයට ගොස් කාන්තාව පොලිස් භාරයට ගෙන තිබේ.

ව්යාපාරිකයා “උඹට මේක වැඩක් නෑ මේක මගේ පවුල් ප්රශ්නයක්” කියමින් පොලිස් නිලධාරියාට ගෝරනාඩු දැමුවත් ඊට බිය නොවූ පොලිස් නිලධාරියා තරුණ කාන්තාවකට පහරදීම බරපතළ කරුණක් බව කියමින් ඇය සිය බාරයට ගෙන තිබේ. නැවතත් සැමියාගේ නිවසට යා නොහැකි බව කාන්තාව පොලිස් නිලධාරියාට පැවසීම නිසා පොලිස් නිළධාරියා ඇගේ පියාට දුරකථනයෙන් කතා කර පවසා තිබේ. ඔහු සිය නිවසට ත්රිරෝද රථය එවන ලෙස පොලිස් නිලධාරියාගෙන් ඉල්ලා ඇති අතර නිලධාරියා හා අවට සිටි පිරිස එක්වී දඹුල්ලට ආසන්න නගරයේ පදිංචි තරුණ කාන්තාව ත්රීරෝද රථකින් පිටත් කර යැවීමට පියවර ගෙන තිබේ.

ව්යාපාරික සැමියා බිරිඳට පහර දී අම්මා ඉල්ලමින් හඬා වැටුණු අසනීප තත්ත්වයකින් පෙළෙන දරුදෙදෙනා මෝටර් රථයේ නංවාගෙන පලාගිය බව සිද්ධිය ඇසින් දුටු පිරිස පැවසීය. කෙසේ නමුත් මෙම සිද්ධිය ජංගම දුරකථන වල පටිගත කර ගත් බව ද ඔවුන් ප්රකාශ කළහ.

මව්බිම පුවත්පත

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්