Sep
14

රටට අවශ්‍ය මිරිස් රට තුළම

 
492 Views
   
 

වත්මන් රාජ්‍ය නායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව මෙරට නිශ්පාදනය කලහැකි සියල්ල දේශීයව නිශ්පාදනය කිරීමට බලාපොරොත්තු වේ. මේ අවස්ථාව වනවිටත් වියලි මිරිස් 100%ක් ම ආනයනය කරන අතර එය සම්පූර්ණයෙන්ම ඉදිරියේදී නවතා දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ඉදිරියේදී රටට අවශ්‍ය වියලි මිරිස් මෙට්‍රික් ටොන් 50,000ක් දේශීයව නිශ්පාදනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

ඒ සඳහා අමු මිරිස් ‍මෙට්‍රික් ටොන් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.මේ වනවිට ඒ සඳහා නාවලපිටිය ගලබොඩවත්ත ප්‍රදේශයේ අක්කර 100ක මෙම මිරිස් වගා ව්‍යාපෘතිය කරගෙන යන අතර,මිරිස් වගාකරන ගොවීන් 200 දෙනෙක් දක්වා වැඩි කර ගැනීමටද බලාපොරොත්තු වේ. එම ප්‍රදේශයේම වගාවට අවශ්‍ය බීජ නිශ්පාදනය කරන අතර ,රටට අවශ්‍ය බීජ සියල්ලම මහනුවර දිස්ත්‍රික්කය තුළ නිශ්පාදනය කරනු ලබන බව සතුටින් කිව යුතුය. උතුරු, නැගෙනහිර ආදී ප්‍රදේශ ගණනාවක් මෙම මිරිස් වගාවට සුදුසු බිම් ලෙස හඳුනාගෙන ඇති අතර අක්කර 3000ක් ඒ හඳුනා ගත් බිම් වලට ඇතුලත්ය.

මෙම මිරිස් වගාවෙන් අනතුරුව බලාපොරොත්තු වන්නේ 2024 වර්ෂය උදාවන විට 100% ක් වියලි මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නවතාලීම බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි. මෙම ගලබොඩවත්ත ප්‍රදේශය ඉතාමත් දුෂ්කර වතු ප්‍රදේශක් වන අතර මෙහි ඵලදායි ආකාරයෙන් කිසිවක් සිදු නොවූ වතුයායකි. කිසිවකුට රැකියා අවස්ථාවක් හෝ නොතිබුණි. මෙසේ තිබූ අවස්ථාවක මාර්ගය අලුතින් සකස් කර,පාලම් සකස් කර බස් රථද දමා මෙම වතු ප්‍රදේශයේ රැකියා නොමැති තරුණයන් හට අක්කර භාගයක් බැගින් ඉඩම් ලබා දී ,නිවාස නැති සේවයක් හට පර්චස් 7 බැගින් ඉඩම් ලබා දී මෙම වතු ප්‍රදේශය ඉතාමත් ඉක්මනින් සංවර්ධනය කරා ගෙනගිය බව දන්වා සිටින්නේ සතුටිනි.

තවද මෙම වතුයායේම භාවිතා නොකරන වෙනත් කොටසක් තවත් ව්‍යාපෘතියක් සඳහා වෙන් කර ඇති අතර එයින්ද තරුණ තරුණියන් 500ක් සඳහා රැකියා ලබාදීමට නියමිතය. එනිසා මෙතෙක් කාලයක් රැකියා සඳහා කොළඹ වැනි තදාසන්න ප්‍රදේශ කරා ඇදී ආ තරුණ ප්‍රජාවට,ජීවත් වීමට මගක් සොයමින් සිටි වතුකරයේ තරුණ තරුණියන් හට මෙම ඉඩම් ලබා දීම සහ මෙම වයාපෘතිය ආරම්භ වීම තුළ විශාල සහනයක් ලැබී ඇත. අනාගතය සුබ වන බවත්,රට විවිධාකාරයෙන් සංවර්ධනය බවත් සෞභාග්‍යයමත් රටක් වෙනුවෙන් සූදානම් වීම විනිවිදව දකින්නට ලැබීමත්, ශ්‍රී ලාංකික ජනතාව ලෙස අප ආඩම්බර විය යුතු නොවේද….
රෂිකා සඳමාලි හෙන්නායක

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්