Mar
7

” මම ලංකාවෙන් පිට උනේ මගේ වෘත්තිමය ජීවිතය සාර්ථක වුන යුගයක, ඒ ගැන මට දුකක් නැහැ” ජනප්‍රිය රංගන ශිල්පිනී කාංචනා මෙන්ඩිස්

 
843 Views
   
 

වසර ගණනාවකට පෙරදී මෙරට කලා ක්ෂේත්‍රයට පිවිස එදා මෙන්ම අදටත් සිය ජනප්‍රියත්වය එකලෙසින්ම තබාගෙන ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි කාංචනා මෙන්ඩිස් කියල කියන්නේ. ඇත්තෙන්ම ඇය වේදිකාව ,සිනමාව තුළ වගේම පුංචි තිරයේත් විශාල ලෙස දස්කම් දැක් වූ ප්‍රවීන රංගන ශිල්පිනියක්. ඇය 1980 ජුනි විසි හතර වන දින උපත ලබන අතර මේවෙනකොට ඇය දරුවන් තිදෙනෙකුගේ මවක්

කොහොමහරි ඉතින් දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඇය මේවෙනකොට සැමියා රොෂාන් සහ දරුවන් සමඟ එංගලන්තයේ වාසය කරන බවයි අපට දැනගන්නට ලැබුණේ. කොහොම නමුත් වයස අවුරුදු 12දී මෙරට කලා ක්ෂේත්‍රයට එක්වන ඇයට මේවෙද්දී ඉහළ ජනප්‍රියක් වගේම ජනතා ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ බව නොරහසක්. ඉතින් අද අපි මේ විදිහට කතා කරන්න යන්නේ මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය සමගිනුයි

කාංචනා කියල කියන්නේ අපට මෙරට කලා නිර්මාණ රැසක් තුළින් දැකගන්නට ලැබුණු රංගන ශිල්පිනියක්. ඉතින් ජීවිතයේ ඔබට ආපස්සට යන්න ලැබිලා ඔබ රඟපෑ චරිතයක් වෙනස් විදිහට රඟපාන්න අවස්ථාව ලැබුණොත් ඔබ ඒ චරිතය රඟපානවද?

ඇත්තටම මට එහෙම අවස්ථාවක් ලැබුණොත් මට හිතෙනවා ඒ කාලෙට වඩා මම දැන් හොඳට කරයි කියලා. ඊට විශේෂිත ම හේතු මේ වන විට මම අත්දැකීම් බහුල නිසා. එදා මම රඟපෑ චිත්‍රපටයක අද මම රඟපානවා නම් එදා දෙබස් අද මම හොඳට කියන්න ඉඩ තියෙනවා

ටෙලි නාට්‍ය තුළින් ඔබ රංගනයට පිවිසි ඔබට සිනමා මාර්ගය තුලට යන්න පාර විවෘත වුණා නේද ?

ඇත්තටම ඒ අතින් මම හරිම වාසනාවන්ත කෙනෙක්. ගොඩක් අය හිතනවා ටෙලි නාට්‍යවල ජනප්‍රිය චරිත වලට සිනමාවට එන්න අවස්ථාව නැහැ කියලා. මට නම් එහෙම දෙයක් සිද්ද වුණේ නැහැ. මගේ මුල්ම සිනමා රංගනය රාජ්‍ය සේවය පිණිසයි. එහිදී මට හොඳම සහාය නිළියට හිමි සම්මානය ලැබුණා. ජනප්‍රිය මෙන්ම හොඳම නිළිය සම්මානයත් මට ලැබිලා තියෙනවා. හැමදේටම අමතරව දකුණු ඉන්දීය චිත්‍රපට දෙකකටත් මම සහභාගි වුණා

මේවෙද්දී ඔබව වැඩිය ක්ෂේත්‍රය තුළ දැකගන්නට ලැබෙන්නේ නැහැ. සම්මාන ලැබිලත් ඔබ කලාවෙන් සමු අරගෙන නේද ?

ඇත්තටම මම කලාවේ කලාවෙන් සමු අරගෙන නැහැ. කලාවෙන් මෙහෙම ඈත්වෙලා ඉන්න එකත් මට ලේසි පාසු දෙයක් නෙවෙයි. හැබැයි මම මගේ පවුලට මූලිකත්වය දුන්නා. හැබැයි මට හොඳ චරිතයක් ලැබුණොත් මම ලංකාවට ඇවිත් ඒක රඟපාලා යනවා

ඇත්තෙන්ම කාංචනා කියන්නේ ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් ලංකාවේ කලා අධ්‍යක්ෂකවරු ඔබෙන් හරියට ප්‍රයෝජන ගත්තේ නැද්ද කියල ඇහුවොත් ?

ඇත්තටම මට එහෙම දෙයක් හිතිලා නැහැ. මොකද මම ලංකාවෙන් පිට උනේ මගේ වෘත්තිමය ජීවිතය සාර්ථක වුන යුගයක. ඒ ගැන මට දුකක් නැහැ. මම මගේ ස්වාමියා සහ දරුවන් සමඟ සතුටින් ජීවත් වෙනවා. හැබැයි මම බලාපොරොත්තුවෙන් ඉන්නවා හොඳ චරිතාංග නිළියක් වෙන්න. ඒ වගේ චරිතයක් රඟපාන්න මම ලංකාවට එන්නත් දෙපාරක් හිතන්නේ නෑ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්