Jun
6

සංචරණ සීමා කාලයටම වලංගු ස්ටිකරයක් හෙට සිට

 
1614 Views
   
 

කොළඹට ඇතුලූවන අත්‍යවශ්‍ය සේවා සාමාජිකයින්ගේ රථවාහන සදහා මුලූ සංචරණ සීමා කාලයටම වලංගු වන පරිදි නව ස්ටිකරයක් හදුන්වාදෙන බව පොලීසිය පවසනවා. එය හෙට දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත අතර මාර්ග තදබදය අවම කිරීම එහි අරමුණ වී තිබෙනවා. මේ අතර නිරෝධායන නීති කඩ කල තවත් පුද්ගලයන් 995 දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුලු සංඛ්‍යාව 23 945 දක්වා ඉහළ යනු ඇති.

ඊයේ දිනයේදී කොළඹ නගරයට වාහන ඇතුලුවීමේ අඩුවක් දක්නට ලැබුණු බව පොලිසිය සඳහන් කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ ඊයේ දිනයේදී කොළඹට පැමිණ ඇත්තේ වාහන 42 473 ක් පමණක් බවයි. සාමාන්‍ය දිනවල එය 60 000 ත් 70 000 ත් අතර පැවතුණා. ඊයේ වාහන වලින් ද වැඩිම සංඛ්‍යාවක් බැංකු ඇතුලු මූල්‍ය ආයතනවලට අයත් ඒවා වන අතර එම සංඛ්‍යාව 9861 ක්. කිසිදු හේතුවක් නොමැතිව පැමිණි වාහන 931 ක්ද ඊයේ හඳුනාගෙන තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්