Jan
3

අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් විපක්ෂයේ ආර්ථික ඔස්තාර්ලාට කණේ පහරක්

 
532 Views
   
 

කට්ටියට මතක ඇති අජිත් නිවාඩ් කබ්රාල් මහත්මයාව මහ බැංකුවේ අධිපති ධූරයට ජනාධිපතිතුමා පත් කරන්න හදද්දි විපක්ෂයේ මන්ත්රිවරුන් හැමෝම එකට එකතු වෙලා මොන තරම් මඩ ප්රහාරයක් අජිත් නිවාඩ් කබ්රාල්ට එල්ල කරාද කියලා. කබ්රාල් හොරෙක් කියලා හංවඩු ගැහුවා , දේශපාලකයෙක්ට මහ බැංකුවේ අධිපති වෙන්න බෑ කියාගෙන ගිහින් නඩු දැම්මා.

හැබැයි මේ උදවියට දැන් තමයි මතක් වෙලා තියෙන්නේ අජිත් නිවාඩ් කබ්රාල් දේශපාලකයෙක් කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමයේ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති බවට පත් කරලා අවුරුදු 9ක් එක දිගට ඔය ධූරයේ ඉන්දැද්දි මෙයාලට අමතක උනා අජිත් නිවාඩ් කබ්රාල් කියන්නේ එජාප හරහා කොළඹ දිස්ත්රික්කයෙන් පළාත් සභාවට තරඟ කරපු ක්රියාකාරි දේශපාලකයෙක් කියලා.

නමුත් මේ සැරේ විතරක් කබ්රාල් දේශපාලකයෙක් කියලා මතක් උනේ වෙන කිසිවක් නිසා නෙමෙයි කබ්රාල් කියන්නේ රටේ ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් පට්ට වැඩ්ඩෙක් කියලා විපක්ෂය හොඳින්ම දන්න නිසා. සජිත් , අනුර , චම්පික ප්රමුඛ විපක්ෂ නඩයට අවශ්ය වෙලා තිබුනේ මොන විදියකින් හරි රට බංකලොත් වෙනවා දකින්න. රට බංකලොත් උනොත් විතරයි සජිත්ලාගේ දේශපාලනයට අනාගතයක් තියෙන්නේ. සරළවම කිව්වොත් සජිත්ට හරි චම්පිකට හරි 2024දි රටේ ජනාධිපති බවට පත් වෙන්න පුලුවන් ප්රධානම තුරුම්පුව තමයි රටක් බංකලොත් වීම.

අන්න ඒ වෙනුවෙන් තමයි මේ උදවිය පුලුවන් තරම් කකුලෙන් ඇද්දේ කබ්රාල්ව මහ බැංකුවේ අධිපති බවට පත් කරන එක නවත්තන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කියන්නේ ඔහේ ආවට ගියාට වැඩ කරන නායකයෙක් නෙමෙයි. එතුමා ඔය සෝඩා බෝතල් ගේම් ගහලා ගැලරිය චූන් කරන්න බලාගෙන වැඩ කරන්නේ නෑ. එතුමා හොඳින්ම දැනගෙන හිටියා කොවිඩ් වසංගතය හේතුවෙන් දවසින් දවස කඩන් වැටෙමින් පවතින ඩොලර් සංචිතය ඉහළ දමන්නට කටයුතු කරේ නැතිනම් තව මාසයක් දෙකක් යද්දි ඇත්තටම රට බංකලොත් වෙනවා කියලා. ඩොලර් සංචිතය බින්දුවටම හිඳිලා රට බංකලොත් උනොත් විදෙස් ණය වාරික ටික ගෙවා ගන්න බැරි වෙනවා වගේම රටට අත්යවශ්ය භාණ්ඩයන් ටිකවත් ගෙන්න ගන්න බැරි වෙනවා කියලා.

අපිට හිතාගන්නවත් පුලුවන්ද නිකන් හරි ඔය වගේ අවධානමකට මුහුණ දෙන්න සිද්ද උනොත් රටට මොකක් වෙයිද කියලා? අඩුම තරමින් ඉන්ධන ටිකවත් ගෙන්න ගන්න විදියක් නැති වෙනවා. ඊට පස්සේ ලෝක රටවල්වලින් ණයටවත් ඩොලර් ගන්න පුලුවන්ද? ගත්තු ණය වාරික ටිකවත් ගෙවා ගන්න බැරි බංකලොත් රටකට කවුද ආයෙත් ණය දෙන්නේ? අපිට මේවා සාමාන්ය ප්රශ්නයන් වගේ දැනුනට මේ ප්රශ්නයේ බරපතලකම හොඳින්ම තේරුම් ගත්ත රටේ පාලකයාට මොන තරම් ප්රෙශර් එකක් තියෙන්න ඇද්ද?

මේ වගේ දැවැන්ත ආර්ථික අර්බුධයකට රට ලක් වෙලා තිබෙන වෙලාවක රටේ ජනාධිපති විදියට කවුරු හිටියත් ඔවුන්ට කෙලින් තීරණ අරගෙන මේ ප්රශ්නයෙන් රට ගොඩ ගන්න බැරි වෙනවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කියන්නේ ඕනෑම පීඩනයක් දරාගන්න පුලුවන් , ඕනෑම අවස්ථාවක නිවැරදි තීරණ ගන්න පුලුවන් නායකයෙක්. එතුමාට ඒ හැකියාව ලැබුනේ හමුදා නිලධාරියෙක් විදියට හමුදාවෙන් ගත්ත පන්නරය හා ආත්ම ශක්තිය නිසයි. විපක්ෂය දිගින් දිගටම බාල්දිය පෙරලද්දි , රටේ සැලකියුතු ජනතාවක් කබ්රාල්ට විරුද්ධව හඬ අවදි කරද්දි ඒ කිසිම දේකට සැලෙන්නේ නැතිව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මහ බැංකු අධිපති විදියට අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමාව පත් කරා.

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති බවට පත් කරපු දවසේ පටන් විපක්ෂය හිනා වෙවි ඇහුවා “කෝ කබ්රාල්ව පත් කරා කියලා ඩොලර් සංචිතය ඉහළ ගියාද? කබ්රාල්ට පුලුවන්ද ඔය තරම් හපන්කමක් කොරන්න? මේවා නිකන් විහිළු වැඩ. ජනවාරි වෙද්දි ණය වාරිකයවත් ගෙවාගන්න බැරි බංකලොත් රටක් බවට ලංකාව පත් වෙන එක කබ්රාල්ට නෙමෙයි කබ්රාල්ගේ තාත්තා ආවත් නවත්වන්න බැරි වෙයි” කියලා. ඔය වගේ බංකලොත් කතා කියන ගමන් විපක්ෂය කිව්වා “මේ අර්බුධයෙන් රට ගොඩ ගන්න පුලුවන් එකම නායකයා සජිත් ප්රේමදාසයි” කියලා.

රට බංකලොත් කරලා හරි දේශපාලන වාසි ලබා ගන්න දඟලපු විපක්ෂයේ කතාවන් කුඩු පට්ටම් කරලා ජනාධිපතිතුමා නිර්භීතව ගත්තු තීරණය 100%ක්ම නිවැරදි තීරණයක් කියලා අද දවස වෙද්දි අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිතුමා ඔප්පු කරලා පෙන්නලා අවසන්. ඔව් මේ මාසේ මුලදි රටේ ඩොලර් සංචිතය තිබුනේ ඩොලර් බිලියන 1.2ක්. නමුත් අද දවස වෙද්දි මහ බැංකු අධිපතිතුමාට පුලුවන්කම ලැබුනා රටේ ඩොලර් සංචිතය ඩොලර් බිලියන 3.3ක් දක්වා ඉහළට දාන්න. මේවා මැජික් වැඩ නෙමෙයිද? ලෝක බැංකුවෙන් ණය ගන්නේ නැතුව , සමහර රටවල්වලින් ඉතාම අඩු පොළියට ණය අරගෙන , තවත් සමහර රටවල්වලින් මුදල් හුවමාරුවක් විදියට ඩොලර් අරගෙන ඉතාමත්ම කෙටි කාළයකින් ඩොලර් බිලියන 2.1ක් රටට ගේන්න පුලුවන් කියන්නේ ඇත්තටම මැජික් එකක් තමයි.

අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා රටටම පෙන්නුවා තමන් වැඩ්ඩෙක් කියලා. ඒ විතරක් නෙමෙයි එතුමා කෙරෙහි ජනාධිපතිතුමා තැබූ විශ්වාස ඒ විදියටම ආරක්ෂා කරගනිමින් විපක්ෂයට රිදෙන්න කණේ පහරකුත් දීලා පෙන්නුවා “මෙන්න බලාපල්ලා අපේ රට බංකලොත් රටක් නෙමෙයි” කියලා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්