Feb
25

නිවාඩුවක් ලැබුණු ගමන් අකිල පුංචි දෝනි එක්ක ජල ක්‍රීඩා කරපු හැටි

 
778 Views
   
How-Akila-played-water-sports-with-little-Dhoni-while-on-vacation  

අකිල ධනුද්දර ඇන්තනි මේ නම නම් කාටවත් අමතක වෙන නමක් නෙවෙයි. ඉතාමත් දක්ෂ වගේම ඉතාමත් නිරහංකාර නිහතමානී චරිතයක්. ඒ පවුලේ හැමෝම ඒ වගේ කියලා කිවුවත් වරදක් නැහැ. ජැක්සන් ඇන්තනි ඒ මහා කලාකරුවාගේ ආදරණිය ලොකු පුතා තමයි අකිල. ගැහෙ කටු උල් කරන්න ඕනි නෑ කියනවා වගේ අකිල කියන්නෙත් තාත්තා සහ අම්මාගේ හැකියාවන් එලෙසින්ම රැගෙන ආ දක්ෂ කලාකාරයෙක්. ඔහු රංගනයට, ගායනයට, නර්තනයට, නිවේදනයට ඒ වගේම මොඩ්ලින් වලට මේ හැමදේටම ඔහු හරිම දක්ෂයි.

මේ වෙද්දී ලංකාවේ සිනාමවේ ඔහු නිතරම දක්නට ලැබෙන චරිතයක්. ඔහු ඕනෑම චරිතයකට උපරිම සාධාරණයක් ඉටුකරනු ලබනවා. ඔහු විවාහකයි. අකිල විවාහ වෙන්නේ කාලයක් පුරාවට ආදරය කරලා. අකිලගේ අත ගන්න වාසනාවන්ත වුන තරුණිය තමයි එමීඇය හරිම සිරියාවන්ත තරුණියක්. නිතරම සිනහවෙන් මුව සරසාගෙන ඇය සිටින්නේ. අකිල සහ ඒමි හරිම ආදරණිය සුන්දර ජිවිතයක් තමයි ගත කරන්නේ. දැන් මේ දෙන්නා අම්මා තාත්තා කියන උතුම් පදවිය ලබලා ඉන්නේ.

අකිලගේ පළමු විවාහ සංවත්සරයදා ලැබුණු තෑග්ග තමයි පුංචි දෝනි. ඒ තමයි සකී ආරන්‍යා. ඒ තෑග්ග නිසා ඔවුන්ගේ මුළු ජිවිතයම සුන්දර වෙලා. පුංචි දෝනි නිතරම තාත්තා හොයනවා. තාත්තා සතුටින් ගියාම දෝනි නිතරම අප්පච්චි හොයනවා. ඒ බව දැක්වෙන වීඩියෝ පවා සමාජ මාධ්‍යට අකිල මුදා හැර තිබුනා. ඉතින් අකිලට නිවාඩුවක් ලැබුන ගමන් අම්මයි දෝනි එක්ක කාලය ගත කරන එක තමයි කරන්නේ. එහෙම ලැබුණු නිවාඩුවක් මෙවර දෝනි අප්පච්චියි අම්මියි තුන්දෙනාම ජාල ක්‍රීඩා කරලා තිබුනා. ඒ වව්ස්තවේ චායාරූප අකිල සමාජ මාධ්‍යට එක්කරලා තිබුනා. ඉතින් මේ පුංචි කැදැල්ලට හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියා අප ප්‍රාර්ථනා කරනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්