Nov
1

“අවුරුදු 60දී දේශපාලනයට සමුදෙනවා” හරීන් උපන්දිනයදා කියයි

 
1003 Views
   
 

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා තමා වයස අවුරුදු 60 දී දේශපාලනයෙන් විශ්රාම ගන්නා බව අද විපක්ෂ නායකවරයා ඉදිරියේ සපථ කර සිටියා.

අද පෙරවරුවේ වත්තල ආසනයේ පැවැති සමගි ජන බලවේගයේ ප්රධාන පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදී 43 හැවිරිදි හරීන් ප්රනාන්දු මන්ත්රීවරයා මේ සම්බන්ධයෙන් වූ දිවුරුම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්රී සජිත් ප්රේමදාස මහතා වෙත භාර දීම ද සිදු කෙරුණා.

නව තරුණ පරපුරට දේශපාලනයට අවතීර්ණ වීමේ මංපෙත් විවර කර දීමේ අරමුණින් එලෙස තමා වයස අවුරුදු 60 දී දේශපාලනයෙන් සමුගන්නා බවයි මන්ත්රීවරයා ප්රකාශ කළේ.

එවිට අනාගතයේ දී ගතික ආර්ථික සමාජ සහ දේශපාලන පරිසරයත් සමග අපේ රටට ඉදිරියට යාමට හැකි වන බවයි මන්ත්රීවරයා වැඩිදුරටත් පැවසූයේ.

01.

02.

03.

04.

05.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්