Oct
23

ප්‍රාග් එතිහාසික යුගයේ අවුරුදු 7000 ක් පැරණි ජනාවාසයක් බණ්ඩාරවෙලින් මතුවෙයි

 
1101 Views
   
 

වසර 7000ක් පැරැණි ප්රාග් ඓතිහාසික මානවයාගේ ආදී එළිමහන් ජනාවාසයක් බදුල්ල දිස්ත්රික්කයේ බණ්ඩාරවෙල නගර මධ්යයෙන් හමු වී තිබේ.

ඇංග්ලිකන් දේවස්ථානයට හා ඇටැම්පිටිය පාරට යාබදව පිහිටි කඳුගැටය මත මෙම ආදි ජනාවාස පිහිටා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

බ්රිතාන්ය පාලන සමයේ 1908 දී ශ්රී ජාතික මානව විද්යාඥ පෝල් සරසීන් විසින් මෙම පු රාණ ජනාවාසය ප්රථමයෙන් සොයා ගෙන තිබුණි.

1913 දී පුරාවිද්යාඥ රිචඩ් හාඩ්ලි විසින් ද මෙම ස්ථානය ගවේෂ ණය කර ඇත. මධ්යම කඳුකරයේ භූමිය කෝපි වගාවට හා තේ වගාවට සංවර්ධනය කරන ලද අතර බ්රිතාන්ය පාලන සමයේ මෙහි ඇති පුරාවිද්යාත්මක වටිනාකම හඳුනා ගැනීම නිසා ආරක්ෂිත පුරාවිද්යා බිම්කඩක් ලෙස එය මේ දක්වා රැක ගත හැකිව තිබෙන බවයි ජ්යෙෂ්ඨ පුරාවිද්යාඥයෙකු වන ආචාර්ය නිමල් පෙරේරා මහතා පැවසුවේ.

හිටපු පුරාවිද්යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා විසින් 2001.11.29 දාතමින් අංක ඕ.ඕ.ඕ 277/74 යටතේ හෙක්ටයාර 6.84ක් වූ මෙම භූමිය පුරාවිද්යා ආඥාපනතින් ගැසට් කර ඇති බව ඌව පළාත් පුරාවිද්යා සහකාර අධ්යක්ෂිකා ඉනෝකා බාලසූරිය මහත්මිය පැවසුවා.

බණ්ඩාරවෙල නව ආර්ථික මධ්යස්ථානය දක්වා වැටෙන මාර්ගය පුළුල් කිරීමේ සැලසුමට මෙම පුරාවිද්යා රක්ෂිතයේ කොටසක් ඇතුළත්ව තිබූ අතර පුරාවිද්යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ මැදිහත් වීමෙන් මෙම ඉඩමේ වටිනාකම හා වැදගත්කම පෙන්වාදීමෙන් පසු නිසා සංවර්ධන කමිටුව එම අදහස ඉවත් කරගන්නා ලද බවද සහකාර අධ්යක්ෂවරිය පැවසුවා.

ප්රාග් ඓතිහාසික එළිමහන් ජනාවාස සුරක්ෂිත කරන අතරම බණ්ඩාරවෙල සංචාරක ප්රවර්ධන කටයුතු සඳහා මෙන්ම පාසල් දරුවන්ගේ අධ්යාපනික කටයුතු සඳහා ද ඉවහල් කරගත හැකි බවයි ශ්රී ලංකා පුරාවිද්යා දෙපාර්තමේන්තුව බණ්ඩාරවෙල නගර සභාවට පෙන්වා දී ඇත්තේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්