Aug
25

රට වසා තැබීම සාමුහික දි වි න සා ගැනීමක්

 
1207 Views
   
 

රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇ දි රි නී ති ය තවත් දින 10කින් දීර්ඝ කළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසන්නේ පවතින මෙම ගෝලීය වසංගතය පාලනය කිරීම සදහා ඇති එකම විසදුම එන්නත්කරණය පමණක් නො වන නමුත් වැඩි ප්‍රතිශතයකට එන්නත් ලබාදීමට වඩා අවුරුදු 60ට වැඩි කණ්ඩාමට එන්නත් ලබාදීම වැදගත් බවත්ය.
එසේම ව සංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා මේ පිළිබදව මෙවන් අදහසක් පළ කර ඇත.

”එන්නත්කරණ මේ ගෝලීය වසංගතය පාලනය කිරීම සදහා ඇති එකම විසදුම නෙ මෙයි. ඉක්මනින් වැඩි ප්‍රතිශතයකට දෙන්න ගිහින් තමයි ඇත්තටම මේ අත්‍යාවශ්‍යම අය අවුරුදු 60ට වඩා වැඩි කණ්ඩායම අපිට මගහැරුණේ. ඒ නිසා තමයි මේ මි යයමින් ඉන්නේ. මේ එන්නත් ක්‍රියාවලියෙන් පමණක් ‌මේ රෝගීන් වැඩිවීම නවත්වන්න බැ හැ. මේ තත්ත්වය පාලනය කරන්න සංචරණ සීමා අවශ්‍ය වෙනවාමයි. මේ ර‌ටේ වසංගත රෝග විද්‍යා අංශයේ අවුරුදු 21ක් සේවය කළ රාජ්‍ය සේවකයෙක් හැටියට මම ඉල්ලන්නේ මේ සංචරණ සීමා කාලය අඩුම තරමින් තව දින 10ක් දීර්ඝ කරන්න වෙයි කියලා”

සෞඛ්‍ය අංශයේ අනෙක් ප්‍රධානින් බහුතරයක් දෙනාද තව දුරටත් ඉල්ලා සිටින්නේ රට වසා දැමුණු කාලය තවත් දීර්ඝ කරන ලෙසය. එම ඉල්ලීම තුළ අ සාධාරණයක් නො මැත. එහෙත් සෞඛ්‍ය සේවා ප්‍රධානින් මෙම වසංගතයේදී ක්‍රියා කරනු ලබන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නිරෝගීව පවත්වාගෙන යාම ගැන පමණක් සිතාය. රටේ අනෙකුත් සියලු අංශ අ ත් හැර අදහස් පළකරන ඔවුන් මේ මොහොත ගැන පමණක් සිතා රජයෙන් ඉල්ලීම් කරමින් සිටින්නේය. එහෙත් රටක ජනාධිපතිවරයෙකුට සෞඛ්‍ය අංශය ගැන හෝ කුමන හෝ එක් අංශයක් ගැන පමණක් සිතා තීන්දු තීරණ ගත නො හැක. පසුගියදා ජාතිය අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේද එම යථාර්තයයි.

එහෙත් මේ ව්‍යසනය තුළ රටක ජනාධිපතිවරයෙකුට පුරවැසියා වෙනුවෙන් කළ හැකි ඉහළම දේ මේ වනවිටත් වත්මන් ජනපති සිදු කරමින් සිටින්නේය. මෙම වසංගතය අවම කළ හැකි යැයි ලෝකයම පිළිගත් එන්නත්කරණය මේ වන විට අප ශ්‍රී ලංකාව තුළ ඉතාම ක්‍රමානුකුලව ඉලක්කයන්ද පසුකරමින් ඉතා වේගවත්ව එම වැඩපිළිවෙල ඉදිරියට ඇදෙමින් ඇත. මේ මොහොතේ ශ්‍රී ලාංකිකයන් ලෙස පක්ෂ පාට බේදයකින් තොරව ඔබට එය අගය කළ හැකි විය යුතුය.

පසුගියදා රට වැසීමෙන් මේ වන විටත් රටේ ආර්ථිකයට දරුණු පහරක් එල්ලවෙමින් තිබේ. ඒ පිළිබදව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා පවතී මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබුනේ නිරෝධායන ඇඳිරි නී ති ය පැනවීම හේතුවෙන් රජයට දෛනිකව රුපියල් කෝටි එක්දහස් පන්සියයක පමණ පාඩුවක් සිදුවන නිසා අගුළුදැමීම් හැකිතරම් කෙටිකිරීමට කටයුතු කළයුතු බවයි.

“මේ වගේ තත්ත්වයක් ඇති වුණහම රටේ වර්ධන වේගයට, රටේ දළ දේශීය නිෂ්පාදිතයට යම් බ ල පෑ ම ක් එල්ල වෙනවා. රට වැසීම මගින් ඇතිවන පාඩුව අවම කර ගැනීමට නම් අපි පුළුවන් තරම් ඉක්මණින් රට යථා තත්ත්වයකට ගෙන එන්න ඕනේ.’ යැයි ඇමැතිවරයා සදහන් කර ඇත.

සෞඛ්‍ය අංශ ප්‍රධානින් මෙන්ම අනෙකුත් පාර්ශ්වයන් රට වැසීම දීර්ඝ කරන ලෙස ඉල්ලීම් කළද එය කොපමණ කාලයකට යටත් දැයි ඔවුන්ටද නිශ්චිත අවබෝධයක් නො මැ ත. රටක අගුළු තද කරගනිමින් රටක් ඉදිරියට ගෙන යාමට අපහසු බව ඒ සියලු පාර්ශ්වයන් වටහා ගත යුතුව ඇත. අද එය ලෝක යථාර්ථයක් ලෙස තහවුරුව තිබෙන්නක්. රටක් වසාගෙන සිටීම ආර්ථික, සාමාජීය මෙන්ම දේශපාලනිකවද රට අර්බුදයන් කරා ගෙනයනු ඇත. ඒවායේ ප්‍රතිපළ තවත් දශක ගනනාවකට රට ආපස්සට ඇද දැමීම පමණක් වෙනු ඇත. එහෙත් අපට අවශ්‍ය වන්නේ ඉදිරිගාමී සංවර්ධිත රටකි. කුටුම්බ මත හිද එය සිදුකළ නො හැක. මේ අභියෝගය ජය ගැනීමෙ වැඩි බර ඇත්තේ පුරවැසියා සතුවය.
මේ මොහොතේ සිදු විය යුත්තේ පුරවැසියා තුල ස්වයං විනයක් ගොඩනගා ගැනීමය. අපට තවත් දීර්ඝ කාලයක් මේ වෛරසය සමඟ ජීවත් වීමට සිදුවීම අ නි වාර්යයකි. මෙම වසංගතයේ කොටස් කරුවෙකු නොවීමට පුරවැසියා වගකීමෙන් කටයුතු කළ යුතුව ඇත.

ප්‍රතිශක්ති එන්නත ලබාගැනීම ඒ ලබා ගත් අයගේ සෞඛ්‍ය ආ ර ක් ෂා ව ට යම් පමණකට ප්‍රමාණවත් වන විසඳුමක් පමණි. වසංගත අ වදානම ඉන් ඉවත්වන්නේ නැ ත. මේ නිසා පුරවැසියාගේ එක් වගකීම් වි ර හි ත ක්‍රියාවක් තවත් ජිවිත ගණනාවක් අ න තු රේ හෙලීමට ප්‍රමාණවත් බව සෑම විටම අවබෝධ කර ගත යුතුව ඇත. වගකීම් සහගත රටක් ගොඩනැගෙන්නේ පාලකයන් මතින් නො ව තනි පුද්ගලයන් මතින් බව වටහා ගත් දිනෙක ඔබටත් මටත් මේ වසංගතයෙන් දුරස්විය හැකිය. එහෙත් තවදුරටත් රට වසා තැබීමෙන් වන්නේ සාමුහික දි වි න සා ගැනීමක් විය හැකිය.-පංචාලි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්