Jan
20

වස බොනවාද කිරි බොනවාද ? තීරණය ඔබේ අතේ

 
2321 Views
   
 

ආරම්භයේ සිටම ඉතාමත් සාර්ථකව සාමාන්ය ජනතාව කිරිපිටි උගුලකට අසුකර ගැනීමට බහු ජාතික සමාගම් සමත් වී ඇතිබව කිරිපිටි පොලිම් සාක්ෂි දරයි.

කිරි පිටිවලට හුරැවූ අය එය සොයා දුෂ්කර ව්යායාමයක යෙදේ. අපි සොයා බැලුවහොත් අපට කිරිපිටි එවන නවසීලන්තය හෝ ඔස්ට්රේලියාව එම කිරිපිටි භාවිතා කරනවද කියා, පිලිතුර නැත. ඉන්දියාව පකිස්ථානය හෝ වෙනත් රටවලද නැත.

ඔවුන් උසස් තත්වයේ දියර කිරි පමණක් භාවිතයට ගන්නා බව ඔබට වැටහෙනු ඇත. එසේනම් දැන්වත් මෙේ ආර්ථික අර්බුදය සමගම අපද දියර කිරි සඳහා මාරැ විය යුතුය. මිල්කෝ සමාගම නිපදවන ඉතා පිරිසිදු හයිලන්ඩ් දියරකිරි මෙයට දිය හැකි පළමු පිළිතුරයි.

වැඩි ප්රමාණයක් කහට හෝ කෝපී සමඟ මද ප්රමාණයෙන් දියර කිරි එක්කර ධනවත් රටවල මිනිසුන් මෙන්ම අපටද හොද කිරි භාවිතයක් කල හැක. අවශ්ය වන්නේ ඉතා හොදින් එය කළමනාකරණය කර ගැනීම සහ නිසි අවබෝධයයි. නිවසට ගෙනෙන දියර කිරි ඉතා සකසුරැවම් ලෙස භාවිතයට ගැනීම තුලින් කිරිපිටි භාවිතයටත් වඩා ලාභදායී සහ ඵලදායීද වේ.

දේශීය කිරි සන්නාමයන් අතුරින් හයිලන්ඩ් ඉහලම තලයේ සිටි. කිසිදු වෙළඳ ප්රචාරණයක් නොමැතිව වුවද වෙළඳපොල අතික්රමණය කර ඇත. එහෙත් හයිලන්ඩ්, කිරිපිටි නිෂ්පාදනයට වඩා ඉදිරියේදී උත්සාහ කරන්නේ දියර කිරි ප්රචලිත කිරීමටයි. ඉනුත් පැස්ටරීකරණය කරන ලද එනම් ශරීරයට අහිතකර බැක්ටීරියා විනාශකරන ලද දියර කිරි සදහා වැඩි ආයෝජනයක් සිදුකෙරේ.

මෙයට අමතරව මාස හයක් පමණ කාලයක් විවෘත නොකර තබාගත හැකි UHT වැඩි උෂ්නත්වයකදී බැක්ටීරීයා නැසූ දියර කිරිද, වෙළද පොලට වැඩියෙන් එකතු කෙරේ. අතුරු නිෂ්පාදන වශයෙන්, බටර්, චීස් මුදවපු කිරි සහ කල්කිරි හයිලන්ඩ් වෙතින් ලැබෙනු ඇත.

හයිලන්ඩ් ඔබට ගෙනෙන මිල්කෝ සමාගම පසුගිය යහපාලන සමයේ මිලියන 800 ක⁣ට වඩා පාඩු ලැබූ ආයතනයකි. යහපාලනයේ දුර්වලකම මිල්කෝ භාණ්ඩාගාරයෙන් යැපෙන තත්වයට පත්කර තිබුණත් වත්මන් පාලනය නිසාත් එයට පත්වූ නව සභාපති ලසන්ත බියන්කා වික්රමසිංහයන් නිසාත් අද ලාභ ලබන ආයතනයක් සහ රටට ඉතාමත් අවශ්ය කිරි නිෂ්පාදන සපයන සමාගමක් බවට පත්වී ඇත.

දැනට තිබෙන අභියෝගය. අවශ්ය තරම් දේශීය කිරි සැපයුමක් ඇතිකර ගැනීමය. ඒ සඳහා.. තෘණ වගාකිරීම. අභිජනන ක්රියාවලිය. කෘතිම සිංචනය. දේශීය කිරිගොවියා රැකගැනීම. සිදුවේ. හයිලන්ඩ් කිරිපිටි පැකට් නිෂ්පාදනය වැඩිකිරීමට වඩා දියර කිරි නිෂ්පාදනය වැඩිකිරීමෙන් රටෙි ජනතාව නීරෝගී පරපුරක් බවට පත්කිරීම මෙහි මූලික අරමුණය. 100 % ක්ම දේශීය සමාගමක් වන මිල්කෝ අයිතිය මහා භාණ්ඩාගාරය සතුය.

නීරෝගීමත් ජාතියකට පා නගමු.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්