Oct
27

හොරණ මිල්ලෑව ඖෂධ කලාපයේ කටයුතු සඳහා කැබිනට් අනුමැතිය

 
493 Views
   
 

හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපනය කෙරෙන ඖෂධ කලාපයේ කටයුතු සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇත. එම ඖෂධ කලාපය SPMC LOTUS ඖෂධ ව්‍යාපෘතිය ලෙස නම් කර ඇත. ඖෂධ කලාපය පිහිටුවීම සඳහා පසුගිය මාර්තු මස 08 වනදා කැබිනට් අනුමැතිය ලබා දී තිබිණ .එම ව්‍යාපෘතිය සඳහා අක්කර 65ක ඉඩම් ප්‍රමාණයක් වෙන්කර ඇත.මෙම යෝජනාව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවකි.

ජාත්‍යන්තර තරගකාරී ලන්සු ක්‍රමවේදය අනුගමනය කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යොග්‍ය උපදේශක ආයතනයක් තෝරා ගැනීමටත් , අභිලාශය පලකිරීම් කැඳවා විකලාංග හා ස්නායු ශල්‍ය උපකරණ , පිළිකා නාශන ඖෂධ සහ මුඛ මාර්ගයෙන් ලබා ගන්නා සාමාන්‍ය ඖෂධ නිපදවීම් සඳහා කර්මාන්ත ශාලා තුනක් කඩිනමින් ස්ථාපිත කිරීමට රජය කඩිනමින් පියවර ගනු ඇත. රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිපදවීම අප ලද විශාල ජයග්‍රහණයක් නොවේද. (රෂිකා සඳමාලි හෙන්නාය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්