May
11

පොලිස්පති හා යුද හමුදාපති අද මානව හිමිකම් කොමිසම හමුවට

 
1108 Views
   
IGP-and-Army-Commander-appear-before-the-Human-Rights-Commission-today  

පොලිස්පතිවරයා හා යුද හමුදාපතිවරයා අද (11) මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කොමිසමේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සඳහන් කළේ, අද පෙරවරු 10.00 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි ඔවුන්ට දැනුම්දී ඇති බවයි.

ජනතාවට සහ ඔවුන්ගේ නිවෙස්වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට හා නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් මෙහිදී අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසන බව මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

ඇය පවසන්නේ, සෑම විටම නියමිත ක්‍රියාවලිය සහතික කර ප්‍රචණ්ඩත්වයට වගකිව යුතු සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සිදු කළ යුතු බවයි.

මේ අතර රට තුළ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට බුද්ධි අංශ ප්‍රධානි, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා හෙට මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇති බව ද මානව හිමිකම් කොමිසම පවසයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්