Oct
5

වරද නිවැරදි කරගත යුත්තේ ආණ්ඩුවක් පත්කරගත්තෝ මිස විපක්ෂය නියෝජනය කළෝ නොවෙති

 
400 Views
   
 

සංවර්ධනය වූ සහ සංවර්ධනය නොවූ මෙන්ම සංවර්ධනය වෙමින් පවතින වර්ගීකරණයේ පවතින ලොව සියලු රාජ්‍යයන් මේ වනවිට කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හමුවේ අසරණව ගොසින් සිටියි. මේ අසරණවීම යනු, ඇති හැකි, නැති බැරි සියලුම දෙනාට එක හා සමානව කරන සැලකිල්ලකි. එය යම් සමාජ ස්ථරයක සිටින කිසිවෙකුට වුව හුස්ම ගැනීමකින් තොරව ජීවත්වන්නට නොහැකි සේ අසම සම සමානාත්මතාවක් ප්‍රකට කර තිබේ. මේ හේතුවෙන් දිගින් දිගට ම කුමන දේශයක හෝ දෛනික ක්‍රියාවලිය අත්හිටුවා හෙට දවසක් ගැන සිතන්නට නොහැකි වාතාවරණයක් ඇති කරයි. මේ අනුව, ‘කිතුවසින් 2020 වෙනුවෙන් හිරු උදාවූ දා පටන් සමස්තයක් ලෙස ගත්කල කොවිඩ් වසංගතය ලොව සියලු රාජ්‍යයන් අකර්මන්‍ය කර තිබේ’ යන්න කෙටියෙන් පැවැසිය හැකිය. යථාව එසේ නම්, අප වැනි රාජ්‍යයක් මේ පමණකින් හෝ මෙසේ සිය ආර්ථිකය කළමනාකරණය කරගෙන සිටින්නේ කෙසේදැයි සිතන්නට පෙළඹීම පවා පුදුම එලවන සුළුය.

2015 සිට පුරා වසර 5ක් ඉක්මවන්නට අත් නොහල හැකි උදාසීන බවකට රට පත් කොට තිබිය දී නව පාලනය විසින් රට බාරගත්තේය. ආර්ථික වර්ධන වේගය සියයට 2ට පහලට ඇද දමා තිබුණි. දේශීය සම්පත් දිගින් දිගට ම විකුණා දමමින් හා විකුණා දමන තැනට පත්කරමින් පිඹුරුපත් සකසා තිබුණි. ජාතික ආරක්ෂාව බිංදුවට ඇද දමා තිබිුණි. ජන ජීවිතය සාරවත් කිරීම පමණක් නොව හෙට දවස පිළිබඳ අවිනිශ්චිත බවක් ඇති කර තිබුණි. මේ ආදී ව්‍යසනයන් ගණනාවක් කැන්දා තිබූ දේශයක් අලුත් පාලන තන්ත්‍රයකට මෙහෙයවන්නට ලැබෙන්නේ ගෝලීය වසංගතයක මුවවිට සිට ය. එතැන් සිට වසර දෙකක් ලංවෙමින් ඇති කාල පරාසයක දී පෙරකී දුෂ්කරතාවන් සියල්ල විඳගනිමින් රටේ ජනතා සුබ සිද්ධිය සලසන්නට හැකිවීම ම පුදුමසහගත ය. ඒ අතරතුර රටේ සංවර්ධන ඉලක්ක සුපරාගැනීම ද අත්නොහල රාජ්‍යයක් වෙත්නම් එහි ගරුත්වය ද ශ්‍රී ලංකාවට හිමිවන තැනට රට සේන්දු කර තිබේ. මෙය ප්‍රකට නොවන සැඟවුණු යථාර්තයකි.

සැලසුම් කරගත් පරිදි රටේ යටිතල පහසුකම් සියල්ල සංවර්ධනය වෙයි. ඊට අමතරව සහනාධාරලාභීන් ලෙස හඳුනාගෙන සිටි මිලියන ගණනක් ජනතාව වෙත සියලු වරප්‍රසාදයන් අඩුවකින් තොරව ලබා දෙයි. මිලියන එකහමාරක් ඉක්ම වූ රාජ්‍ය සේවකයින් තම රාජකාරියෙන් අඩක් ඉටු කරන්නට හේතු වුව ද වැටුප නිසි ලෙස ලබාගන්නා පරිසරයක් ද නිර්මාණය වෙයි. ඒ සියල්ල අතරතුර අලුත් රැකියා අවස්ථාවන් ද උදාවෙයි. රටේ දෛනික රැකියාවන්හි නියුක්ත වූවන්ගේ ප්‍රතිශතය ඉහල මට්ටමක ය. ලොව බොහෝ රටවල් එවන් පිරිස් අමතක කර දැඩි නෛතික ක්‍රියාවන් හමුවේ කොවිඩ් පාලනය ගෙන ගිය ද ශ්‍රී ලංකාවේ එසේ පීඩනයක් ඇති නොකිරීමට වගබලා ගනිමින් රටතුල ආර්ථික සහයෝගීතාවය වර්ධනය කරන පියවර රැසක් ගත්තේ ය. මූල්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීම් ඇතැමුන් දුෂ්ට චේතනාවෙන් ප්‍රාර්ථනා කළ ද එහි මනා කළමනාකරණයක් ඇතිකරගනිමින් ද්‍රවශීලතාව වර්ධනය කරමින් රටේ ආර්ථිකය කළමනාකරණය කරගන්නට ද සමත්විය. කෙතරම් දුෂ්කරතා පැමිණියද රටේ ජනතාව තුල ක්‍රය ශක්තිය රඳවාගැනීමට ද අවශ්‍ය පියවර ගනු ලැබ තිබිණි.

මේ ආදී බොහෝ කාර්යයන් නිසිව පරිපාලනය කරගැනීමට මේවනවිට පොදුජන පෙරමුණු රජය සමත්වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ තිරසර නායකත්වය හමුවේ බව පැහැදිලි සත්‍යයකි. එය සැබැවින් වටහාගෙන සිටින වත්මන් විපක්ෂය, හබකෙන් බැරිනම් කෙමනෙන් හෝ අවස්ථාවාදය ට නව අරුත් දෙමින් රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍ය කිරීමට වෙර දරති. මෙය වටහාගත යුත්තේ විපක්ෂයේ පැතුම් සඵලවීමට උරදුන් පිරිස නොව, පොහොට්ටුව ජයග්‍රහණය කරවීම පිණිස උර දුන් උදවියයි. මන්ද යත්, විපක්ෂය හා විපක්ෂයේ ජය පැතූ උදවිය සෑම විටම තතමන්නේ මෙම පාලනය පෙරලා දමන්නට විනා වෙන න්‍යාය පත්‍රයක රටේ සංවර්ධනයට නොවන නිසා ය.එසේ හෙයින්, වත්මන් විපක්ෂයේ දුෂ්ට බව සමාජය හමුවේ පැහැදිලි කරන්නට කෙස් පැලෙන තර්ක හෝ ආර්ථික න්‍යායයන් අනවශ්‍ය ය. ලොව පවතින වසංගතය හා වසංගත තත්ත්වයක් තුල හැසිරීම පමණක් මානුෂීයව පහදන්නට යමෙක් සමත් වන්නේ නම් එයද මේ මොහොතේ නිරෝගී සමාජයක් වෙනුවෙන් මහෞෂධයකි. ඉන් මඳක් ඔබ්බට යාමට සිදුවන්නේ නම්, ලොව දියුණු යැයි සම්මත අන් රටවල් හා අප අතර පරතරය පමණක් සිතා අප මේ වසංගතය හමුවේ ලබා ඇති ප්‍රගතිය පැහැදිලි කර දීම ද ප්‍රමාණවත් ය. ඉනුත් යමෙක් සෑහීමට පත් නොවන්නේ නම්, මේ දෙවසරක කාලය තුල රට තුල දියත්ව ඇති සංවර්ධන යෝජනා ක්‍රම පැහැදිලි කළ හැකි ය. තවත් අවශ්‍ය නම් මිලියන 6ක් පමණ වූ පවුල් ඒකක වෙනුවෙන් සහනාධාර ප්‍රදානය කිරිම ද මතක්කර දිය හැකිය. මේ සරල කරුණු කිහිපයෙන්වත් සෑහීමකට පත්වීම කෙසේ වෙතත්, “අවබෝධයක් නොලබා දුර්ගුණ ම මවාගන්නෙක් නම් ඒ අන්ධ භක්තික වසලයෙකි” යන නිගමනයට පැමිණීම අපහසු නැත.

වසංගතය හමුවේ සංචාරක ව්‍යාපාරයෙන් හා විදෙස් රැකියාවන්ගෙන් හිමි වූ අති විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් අහිමිව යද්දී වුව රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබාගන්නට පහසුකම් සලසමින් ද, වෙළදපොල ආර්ථිකයේ මුල් ඇද්ද වූ මාෆියාවන්ට ද මුහුණු දෙමින් රටක් ලෙස ලොව ඉදිරියේ අභිමානවත්ව නැගී සිටීම ද මෙහි දී ආඩම්බර විය යුතු කාරණාවන් ය. (ජනිත් විපුලගුණ)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්