Nov
19

ලේ ගංඟා, සහ මරණ බියට තිත තබමින් ජනපතිගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ලැබූ ත්‍යාගය

 
1587 Views
   
 

යුද ජයග්රහණය සමරන්න 2010දි වැඩ ආරම්භ කරපු සඳහිරු සෑය එදා ආරක්ෂක ලේකම් ලෙස හිටපු වත්මන් ජනපති ගෝටාභය ජනපතිට එතුමගෙ දෙවර්ෂ සපුරන පදවිප්රාප්තිය වෙනුවෙන් අමතක නොවන තෑග්ගකුත් ලබාදුන්න.

ඒතමා එතුමගෙම දෑතින් සඝ සතුකිරීම. මේක කලාතුරකින් අපේ රටේ නායකයෙකුට උදාවෙන දෙයක්. තමන් ආරම්භ කරපු වැඩසටහනක් තමාගෙ අතින්ම ජනතාවට බාරකරන්න ලබාදීම තමා එතුම ලබපු තෑග්ග.

2015දි කප්පරක් බොරු කියල අටවගත්ත යහපාලන ආණ්ඩුවෙ අවසානය සටහන් කරමින් එතුමා මීට හරියටම අවුරුදු දෙකකකට කලින් ජනධිපති ධූරයේ වැඩ බාරගත්ත. බාරගත්තෙ රටක් නෙමේ සෝමාලියාවක් කියල අපි කවුරුත් දන්නව. 97 වතාවක් දනුම් දීලත් නතර කරගන්න බැරිවුණ පාස්කු ප්රහාරයත් එක්කම අපේ රටේ ආර්ථිකය හොදටම කඩා වැටිල තිබුණෙ.

දැන් බබ්බු වගේ කෑගැහුවට එදා බලයෙ හිටපු යහපාලන නඩය මේතත්වයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ කියන එක තමා අපේ අදහස. පදවියට පත්වෙලා මාස 5 ගියාට පස්සෙ තමා මුළු ලෝකෙම වෙලාගත්ත කොරෝනා අපේ රටටත් ඇතුල්වුණේ.

එදා ඉදලම එතුමා මූණ දුන්නෙ අභියෝග වලටම තමා. එක එතුමම ප්රසිද්ධියේ අනන්තවත් කියල ඇති. එතුමගෙ යථාර්තයට මූණ දීමේ ලක්ෂණය වෙන කාටවත්ම වඩා එතුම අපිට පෙන්නල දීල තියෙනව. එතුමා නිහතමානීව කියනව එතුම වැඩේ හරියට කලේ නැත්නම් අවුරුදු 5කින් එතුමව විනිශ්චය කරන්න කියල. ඒතමා මෑත ඉතිහාසයේ නායකයෙකුගෙන් අපි අහපු නිහතමානීම ප්රකාශය.

අභියෝග මධ්යයයේ පවා එතුම තවමත් සක්රීයව ඕනෑම වැඩකට දායකත්වය ලබාදීම නිසා ජනතාව තවමත් එතුමා ගැන විශ්වාසය තියාගෙන ඉන්න එක ගැන අපිට කිසි සැකයක් නෑ. ප්රභ්හාකරන්ගෙ බෝම්බෙට පවා මූණ් අදීල ජීවිතය බේඑරාගත්ත එතුම බය කියන වචනෙවත් අහල නෑ කියල අපිට විශ්වාසයි. අභියෝග කියන එක එදා ඉදන්ම රාජපක්ෂලාට අලුත් දේවලුත් නෙමේ.

එතුමම කියන හැටියට කොරෝනා වසංගතය නිසා රට තුල යම් තරමකට ව්යාකූල තත්වයක් ඇතිවෙලා කියන එක අපිත් පිලිගන්නව. එන්නත්කරණය සාර්ථක වුණ රටවල්වලින් අපේ රට ඉහලින්ම ඉන්නෙ එතුමගෙ දක්ෂකමට පින් සිද්ද වෙන්න. විපක්ෂය ගොන්නු වගේ හැසිරුණාට අපිට මේ යථාර්තය පිලිගන්නම වෙනව. අභියෝග මැදින් ගෙවිල ඉවරවුණ පහුගිය අවුරුදු දෙකටම හරියන්න ඊලඟ අවුරුදු තුනේදි දැනෙන යමක් කරයි කියන බලාපොරොත්තුව තවමත් අපේ රටේ ජනතාව තුල තියන කියන එක අපි පිළිගන්නම ඕනෙ.

ඒ ශක්තිය එතුමට ලැබෙන්න කියල ඉල්ලන ගමන් අභියෝග මැදින් වුණත් අපිව තවමත් ජීවත් කරවීම ගැන එතුමට පින් දෙමින් අපි එතුමට වාසනාවන්ත පදවිප්රාප්තියක් අපේ හදවතින්ම ප්රාර්ථනා කරනවා.

චිරං ජයතු ජනාධිපතිතුමනි…!

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්