Aug
25

වයස 60 ඉක්මවූ වැඩිහිටියන් වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවය අ ඛණ්ඩව ඉදිරියටම

 
719 Views
   
 

කවුරු මොනව කිව්වත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙ නිර්දේශය තමා පවතින කොරෝනා වසංගතයට හොදම පිලිතුර වෙන්නෙ එන්නත්කරණය කියල. ඒක හින්දම තමා ලෝකෙ තියෙන එන්නත් වර්ග තොග පිටින් අපේ රටට ගෙනල්ල වේගවත් එන්නත්කරණ ක්‍රියාවලියක් පටන් අරන් තියෙන්නෙ. අපේ රටේ කොරෝනා වලින් මි යයන වැඩි කොටසක් එන්නත ලබානොගත්ත අවුරුදු 60 ඉක්මවෙච්ච වැඩිහිටියන් කියල තමා සංඛ්‍යා ලේඛණ වල සදහන් වෙන්නෙ. මෙන්න මේ කියන වයස් කාණ්ඩයට ජංගම එන්නත්කරණ ක්‍රියාවලියක් පටන් අරගෙන.

අපි පහත දකින පිංතූරවල තියෙන්නෙ එහෙම වැඩ සටහනකට ගිහිල්ල අපේ වැඩිහිටියන්ට එන්නත ලබාදෙන බලංගොඩ ප්‍රදේශයේ සෞඛ්‍ය සේවයේ යෙදිල ඉන්න පිරිසකගේ කැපවීම. මේක දැන් දිවයිනේ අනික් පලාත්වලත් මේ ජංගම සේවය පටන් අරගෙන

මේ වාර්තාවෙ තියෙන්නෙ විවිධ රෝ ගා බා ධ හේතුවෙන් එන්නත් මධ්‍යස්ථාන වලට පැමිණ එක එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගැනීමට නො හැකි වූ වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන් සදහා ඔවුන්ගේ නිවාස වලටම ගොස් එන්නත ලබාදීම ආරම්භ කළා.කියල. ඇත්තටම අගය කල යුතුම ක්‍රියාවක් . අපේම සමහරක් කට්ටිය පල් කරන්න කියන ,අපි වගේ හිගන රටක් මේවිදියට කරනව කියන එකේ තේරුම තමා අපේ රටේ එන්නත ලබාදෙන්න තියෙන රජයේ කැපවීම

ඉතින් මේ වගේ සේවාවන්ද ආරම්භ කරල තියෙන මේ වගේ වෙලාවක අපේ වගකීම වෙන්නෙ ගෙදර ඉදල මලමිණී ගණන් කරන එක නෙමේ කියල මතක් කරනව. ඕනම දෙයක ආරම්භය ඉතාමත් දුෂ්කරයි වගේම වේදනා ගෙන දෙන්නක් කියල අපි හොදටම දන්නව. ඒකට හොදම උදාහරණය තමා අපි දිනපු යුද්දය. මුහාමලේ ආරක්ෂක වලල්ල බිද දාන්න අපේ හමුදාවෙ 200 වැඩි ගනනක් බිලි වුණා. ඒ වගේම තවත් ගොඩක් හමුදා සාමාජිකයො ආ බා ධ ය ට ලක් වුණා. ඉතින් එදා ඒ සටන මුහමලින් හැරිල ආවනම තවමත් උතුර පාලනය කරන්නෙ එල් ටී ටී ය කියන එක අමතක කරන්න හොද නෑ.

යුද්දෙ වගේම තමා මේ කොරෝනා ක්‍රියාවලියත්. පිටින් වගේම ඇතුලෙනුත් බා ධ ක. කාලයක් තිබ්බ කටුනායකින් ප්‍ර හා ර ක යානා නග්ගනකොටම ඒක එල් ටී ටි ය අතරට යනව තත්පර ගාණකින්. දැනුත් එහෙමම තමා පිටතින් වගේම අභ්‍යන්තරව කො රෝනා ව සං ග ත ය මඩලන ක්‍රියාවලියට අකුල් හෙලන අය ඕන තරම් ඉන්නව. ඒක තමා මේකෙ තියෙන භ යා න ක ක ම වගේම කුහකකම.

කොරෝනා කියන්නෙ අපි විතරක් නෙමේ ලෝකෙ බලගතුම රටවල් පවා පීඩා විදින ව සං ග ත ය ක් වෙලා ඉවරයි කියන එක අද ලෝකෙ සිද්ධ වෙන වෙන දේවල් දිහා බැලුවම ඕනම කෙනෙකුට අ ව බෝ ධ වෙනව. හොදටම පාලනය කරපු රටවල් පවා දැන් දණින් වැටිල තියෙනව කොරෝනා ඉස්සරහ.

එන්නත්කරණය උපරිම වේගයෙන් සිද්ද වෙනව. තව ටික කාලයකින් අපේ රටෙත් එලියට බහින්න එන්නත ලබාගත්ත කාඩ් එක අත්‍යවශ්‍ය වෙයි. සමහර විට ඔය පුරුද්දක් විදියට වර්ජන, හර්තාල් වගේම වි රෝ ධ තා කරන උදවිය ඒකට වි රු ද් ධ වත් පාරට බහී කියල හිතෙනව. මොකද ඒගොල්ලන්ට පාරට බහින්න හේතු ඕනෙම නෑ.

දැන් පවතින වේගවත් ක්‍රියාවලිය අනුව සැප්තම්බර් මාසෙ වෙනකොට අපේ රටේ ජනතාවගෙන් සෑහෙන කොටසකට එන්නත ලබාදෙන්න පුළුවන් වෙයි කියන විශ්වාසෙ ජනතාවට ඇවිල්ල ඉවරයි. අපි මුලින් කිව්ව වගේ ම ල මි ණී ගනන් කර කර හිටියට හරියන්නෙ නෑ. තමන් පුද්ගලිකවම ගිහින් එන්නත විදගන්න එක තමා එකම විසදුම.  – උපුල් දේවප්‍රිය

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්