Jun
1

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පසුපස කොටසේ යම්කිසි ගිලා බැස්මක්? (Photos)

 
1439 Views
   
 

කොළඹ වාරයට නාවික සැතපුම් 9.5ක් දුරින් ගිනි ගැනීමට ලක්වූ එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ පසුපස කොටසේ යම්කිසි ගිලා බැස්මක් දක්නට ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පවසනවා.

මේ පිලිබඳ සොයා බැලීම සඳහා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් නෞකාව ස්ථාන ගතකර ඇති ප්‍රදේශයට පිටත් කර යවා ඇති බව සඳහන්.  එම පිරිස නෞකාව අවට ජලයේ සිදු කෙරෙන ජල තත්ත්ව පරීක්ෂාවකින් අනතුරුව කිමිදුම් කටයුතු සිදු කරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේ.

මේ අතර අද දහවල් පළමු වරට, ගිනිගත් නෞකාවට ඇතුළු වීමට එහි මුදා ගැනීම් කටයුතු සිදුකල සිංගප්පුරු සහ නොර්වේ මුදාගැනීම් කණ්ඩායමේ සාමාජිකයින් සිව් දෙනෙකු කටයුතු කළා. එහිදී ඔවුන් නෞකාවේ තත්ව පරීක්ෂණයක් සහ තක්සේරුවක් සිදු කිරීමට නියමිතයි.

මේ සම්බන්දයෙන් ඡායාරූප කිහිපයක් සමගින් ට්විටර් පණිවිඩයක් කරන ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය පවසන්නේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සාමුහික ප්‍රයත්නයේ ප්‍රතිඵල ඡායාරුප වලින් විද්‍යමාන වන බවයි.

එමෙන්ම නෞකාවේ ගින්න නිවා දැමූ බව නිල වශයෙන් පවසන ඔවුන් සාගර් ආරක්ෂා මෙහෙයුම දෙක තීරණාත්මක සන්දිස්ථානයකට ලඟා වූ බවත් සඳහන් කරනවා.

 

 

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්