Jul
3

2030 වර්ෂයට අදාළ සංවර්ධන ඉ’ලක්ක

 
1815 Views
   
 

අනාගතය සඳහා සම්පත් සුරැකීමේදී යම් ප්‍රමාණයකට හෝ වර්තමාන අවශ්‍යතා කැප කිරීමට සිදු වේ. තිරසර සංවර්ධනය පිළිබඳ සංකල්පය සකස් වී ඇත්තේ චිරාත් කාලයක් තුළ එකිනෙක ප්‍රතිවිරුද්ධ දෙසට ඇදී ගිය ධාරා දෙකක් එක් පොදු දිශාවකට යොමු වීම හේතුවෙනි. ඒවා නම් මානව කේන්ද්‍රීය භෞතික සංවර්ධනය පිළිබඳ චින්තන ධාරාව හා ජෛව කේන්ද්‍රීය වූ පරිසර සංරක්ෂණය පිළිබඳ චින්තන ධාරාවන්ය.

පශ්චාත් යු’ද සමයේ ඌ’න සංවර්ධිත ලෝකය යනුවෙන් හැඳින්වුණු වත්මන් තුන්වැනි ලොව රටවල් කාර්මිකකරණය කිරීම පිළිබඳ ප්‍රශ්නය සංවර්ධනය යනුවෙන් හඳුන්වන ලදී. එහිදී කැපී පෙනුණ මූලික ලක්ෂණය නම් ඌන සංවර්ධිත රටවලටම ආවේණික කාර්මිකකරණයේ අනුරුවක් බවට පත් විය යුතු විනා තෙවන රටවල පරිසර, සමාජ, ආර්ථික හා සංස්කෘතික තත්ත්වයන්ට ගැළපෙන සංවර්ධනයක් විය යුතු බව අදහස් නොවීමය.

සංවර්ධිත රටවල් අනුගමනය කළ දේශපාලන මතවාද සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපෑවේ විවිධාකාර ලෙස වුව ද සංවර්ධනය පිළිබඳ සමස්ත චින්තනයම හුදු ආර්ථික ප්‍රමිතීන්ට පදනම් කර ගත් එකක් බව පොදුවේ දක්නට ලැබේ. අනෙක් අතට පාරිසරික චින්තනය ඇසුරින් මතු වී ආ ප්‍රධාන කරුණ වූයේ සංවර්ධිත රටවල කාර්මිකකරණය තුළ ඇති වූ විපත් පිළිබඳව කතා කිරීමය. එබඳු තත්ත්වයක් සංවර්ධනය වි’රෝධී එකකි. මේ තත්ත්වය යටතේ මේ චින්තන ධාරා දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ විය. සංරක්ෂණවාදීන් ගත් කල සංවර්ධන විරෝධීන් වශයෙන් සංවර්ධනය පරිසරයේ සතුරකු ලෙස ද සිතීමට තරම් අ’න්තගාමී තත්ත්වයකට ‍ඔවුන්ගේ එම චින්තනයන් සකස් වී තිබුණි. මෙම අ’න්තගාමී තත්ත්වයන් දෙකෙහිම සාරය මුසු කොට ගත් විසඳුමක් කරා යොමු වීමට තිරසර සංවර්ධනය නම් සංකල්පය බිහි විය.
1972දී ස්වීඩනයේ ස්ටෝක්හෝම් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව පරිසරය පිළිබඳ සමුළුවේදී පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමු විය.

එම සමුළුවේදී එළිදැක්වූ ස්ටෝක්හෝම් ප්‍රකාශනය වගන්ති 26කින් සමන්විත විය. මෙහි ඇති පළමුවැනි වගන්තිය මඟින් අනාගත පරපුර වෙනුවෙන් පරිසරය රැකගැනීම පිළිබඳව අදහස් දක්වා ඇත. නමුත් මෙහිදී ඍජුවම තිරසර සංවර්ධනය පිළිබඳ අදහස් දක්වා නොමැති අතර, මානව පරිසරය පිළිබඳ අවධානය යොමු කොට ඇත.

මේ අනුව මිනිසා මිහිතලය මත ජීවත් වීමට අපහසු තරමටම පාරිසරික හානි සිදු කරන අතර, පාරිසරික වශයෙන් විශාල ගුණාත්මක පරිහානියක් සිදු වන විට එය වැ’ළැක්වීම සඳහා පාරිසරික වශ‍යෙන් සවිඥානක සමාජයක් තුළින් සම්පත් සංවර්ධනය හා පාරිසරික සංරක්ෂණය තුලනාත්මක ලෙස පවත්වාගෙන යා යුතු බව වැදගත් වේ. තිරසර සංවර්ධනයේ අවසාන ඉලක්කය මෙය වන්නේය. තිරසර සංවර්ධනය අරමුණු 17ක් සමඟ දර්ශක 244ක් ඇතිව ආරම්භ වූ සක්‍රීය ක්‍රියාදාමයකි.
ලෝකයේ සියලු සතුන් ජීවත් විය යුතු බව අවධාරණය කොට තිබීම නිසා බොහෝ සෙයින්ම එය බෞද්ධ දර්ශනයට සමානතා ඇති විශ්වීය වැඩපිළිවෙළකි. මෙහි ඇති පුළුල් දැක්ම සියලු සතුන්ගේ හුස්ම පොද වාතලයෙන් තුරන් කිරීම නොව එය රැකගැනීම මෙහි ඇති සුවිශේෂි බවය. ළඟ නොව දුර බලන්න යන මානුෂික ගුණාංගය සෑම කෙනෙකුගේම වර්තමාන පැවැත්මකි. අනාගත පරපුරේ පැවැත්මත්, සුරක්ෂිත කොට පැවතීම තිරසර සංවර්ධනයේ සැබෑ දිශානතිය කුමක් ද බව තේරුම් ගැනීමට තවත් අටුවාටීකා අවශ්‍ය නැත. තිරසර සංවර්ධනයේ ඇති අරමුණු 17 අතුරෙන් රැකියා සුරක්ෂිතතාව, දිළිඳුකම පිටුදැකීම, ආහාර සුරක්ෂිතතාවය, තිරසර බලශක්තිය, තිරසර නාගරිකරණය ආදි පුළුල් දැක්මත් සහිත ආර්ථික, සාමාජික හා පාරිසරික වශයෙන් බහුමානයන් පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් බව පැහැදිලි සත්‍යයකි. තිරසර සංවර්ධනය ශ්‍රී ලංකාවේ සාක්ෂාත් කර ගැනීමට 2017 අංක 19 පනතින් මුදල් අමාත්‍යාංශයේ තිරසර සංවර්ධන සභාව පිහිටුවා ඇත.

ඒ මඟින් රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල හා සංස්ථා ආදී රාජ්‍ය අංශය නිරන්තර දැනුවත් කිරීම් සිදු කරනු ලබයි. 2030 වන විට තිරසර සංවර්ධනයේ ඉලක්ක සපුරාගත යුතුය. එය මුළු ලෝකයේම අනාගත පරපුර වෙනුවෙන් ගන්නා ප්‍රායෝගික ක්‍රියාදාමයකි. රටක් වශයෙන් ශ්‍රී ලංකාව ගත් කල වර්තමාන රජයේ අරමුණු හා ප්‍රතිපත්තිවලට තිරසර සංවර්ධනයේ ඇති සුවිශේෂ ගුණාංග ඇතුළත් කොට ඇත.

ඒ අනුව වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම සමඟ තිරසර සංවර්ධනය අත්වැල් බැඳගෙන ඇත. විශේෂයෙන් දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් එතුමා ආරම්භ කොට ඇති ‘ගම සමඟ පිළිසඳර වැඩසටහන’ තිරසර සංවර්ධනයට නව ජීවයක් එකතු කොට ඇත. තුරුලතා රැකගැනීම, පිරිසුදු පානීය ජලය අනාගත පරපුර වෙනුවෙන් උරුම කර දීම වැනි කාර්යයන් තුළ වර්තමාන රජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජ්‍ය තන්ත්‍රයම සක්‍රිය දායකත්වය දරනු ලබයි.
තවද වස විසෙන් තොර කාබනික පොහොර භාවිතය මුළු මිනිස් ප්‍රජාව පමණක් නොව සතුන් ද අපේ ගහ‍කොළ පවා රැකගැනීම වෙනුවෙන් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් විශිෂ්ට ක්‍රියාදාමයකි. මෙවැනි දෑ තිරසර සංවර්ධනය සමඟ ඇත්තේ දැඩි සබඳතාවයකි. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තිරසර සංවර්ධනය වෙනුවෙන් ආසියා පැසිපික් කලාපයේ සභාපතිවරයා බව ද සිහිපත් කළ යුතුය. ශ්‍රී ලංකා රජයේ සභාපතිවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාය. 2030 තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට වර්තමාන ආණ්ඩුව පෙරමුණ ගෙන ක්‍රියා කිරීම අගය කළ යුත්තකි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්