Feb
13

” නංගිව බලන්න පුතාලට එන්න කිව්වට එයාලා වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ ” ජනප්‍රිය නළු ගයාන් වික්‍රමතිලක

 
963 Views
   
 

ගයාන් වික්‍රමතිලක කියල කියන්නේ මේවෙනකොට රටේම ආදරය දිනා ගනිමින් ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පියෙක්. ඇත්තෙන්ම පුංචි තිරයේ දැවැන්ත චරිත නිරූපණය කරන ඔහුට අති විශාල ජනතා ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා. ඒ ඔහු සතුව ඇති පුදුමාකාර රංගන හැකියාව නිසාවෙන්මයි. කොහොම නමුත් මේ ජනප්‍රිය රංගන ශිල්පියාව අපට මේ දිනවල සිරස නාලිකාවේ විකාශය වන කියා කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයෙහි ලොකු අයියාගේ චරිතය තුළින් දැකගන්නට ලැබෙනවා

කොහොමහරි ඉතින් මෙරට කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙසින් සුවිශේෂ ගමනක් යන ඔහු පිළිබඳ කතා කරනවානම් ගයාන් විවාහවෙන්නේ මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක සමගිනුයි. ඒ ජනප්‍රිය රංගන ශිල්පිනී චතුරිකා පීරිස් සමගින් වන අතර මේවෙනකොට මේ යුවළට පුංචි හුරතල් දියණියක සිටිනවා. කෙසේවෙතත් ගයාන් චතුරිකා සමගින් විවාහවෙන්නේ ඔහුගේ දෙවනි විවාහය ලෙසයි. ඔහු පළමු වරට විවාහවෙන්නේ මැලේ ජාතික තරුණියක් සමගින් වන අතර එම විවාහයෙන් ඔහුට කුඩා පිරිමි දරුවන් දෙදෙනකු ද සිටිනවා

කෙසේවෙතත් මේ යුවළ අතර තිබුණු සමහර නොගැලපීම් නිසා ඔවුන්ගේ විවාහය දෙදරා ගියත් ගයාන් තවමත් පියෙකු ලෙස ඔහුගේ වගකීම් සහ යුතුකම් සියල්ල ඉටුකරනු ලබනවා. කොහොම නමුත් ගයාන්ගේ පළමු විවාහයේ පුතුන් දෙදෙනා තම මව සමඟ ජීවිතය ගතකරන අතර මෑතකදී ගයාන් ඒ පිළිබඳව අදහස් දක්වලා තිබුණා. ඒ මෙලෙසයි

” මම නීතියෙන් වෙන් වී සිටියා සිටියත් මගෙන් මගේ පුතුන් දෙදෙනාට සිදුවිය යුතු යුතුකම් මම එලෙසින්ම සිදු කිරීමට වග බලා ගන්නවා.විවාහයක ඉන්න බැරිනම් ,නොගැලපීම් බොහොමයක් තියෙනවා නම් එතැනින් ඉවත් වෙන්න ඕන.එයා පව්,දරුවෝ පව් කියලා සිතමින් නොගැලපෙන තැන් වල දිගටම රැඳෙන්න ගියොත් ප්‍රශ්න තව තවත් වැඩි වීමක් මිස අඩු වීමක් සිදුවන්නේ නැහැ .ගොඩක් හැඟීම් බර වෙලා ජීවිතය ගැන තීරණ ගන්න අමාරුයි .
පුතාලා දෙන්නට නංගිව බලන්න ඉන්න කිව්වට එයාලා වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ .සමහරවිට එයාලා එන්න අකමැති වෙන්නේ එයාලා ඉන්න වටපිටාවත් එක්ක වෙන්න ඇති.තාත්ත කෙනෙක් විදියට මම ගොඩක්ම කැමැතියි දරුවෝ තුන් දෙනා එකට ඉන්නවා දකින්නයි.”

ගයාන් ඉතාමත් හැඟීම්බර වෙමින් පසුගිය දිනක මේ විදිහට පවසා තිබුනේ. ඒ කොහොම වුවත් මේවෙනකොට අපේ කලා ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂ කාර්‍යබාර්‍යයක් ඉටුකරන මේ ජනප්‍රිය රංගන ශිල්පියාගේ ඉදිරි වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල අපිත් හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

තොරතුරු උපුටා ගැනීම : යූටියුබ් ඇසුරින්

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්