Dec
22

14 නැගණිය අතරමං කර 23 අක්කා පෙම්වතා සමඟ පැනයයි

 
3712 Views
   
 

වැලිගම පදිංචි 23 හැවිරිදි තරුණියක් සිය 14 හැවිරිදි නැගණිය සමග වැලිගම සිට කොළඹ පැමිණි කොළඹ කොටුවේදී නැගණිය අතහැර පෙම්වතා සමඟ පැනගොස් ඇතැයි පිටකොටුව පොලිසිය කියයි.

සිය සොහොයුරිය විසින් අතරමං කර දමාගොස් සිටි 14 හැවිරිදි දැරිය මධ්යම බස්නැවතුමේ අඬමින් සිටියදී එම පොලිස් මුරපොලේ නිලධාරීන් බාරයට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.

මොවුන් දෙදෙනා වැලිගම ඉබ්බාවල දුෂ්කර ප්රදේශයක පදිංචිකාරියන් බවත්, ජීවිතේ පළමු වතාවට කොළඹට පැමිණ ඇත්තේ පෙරේදා (21) දින බවද පොලිසිය කියයි.

23 හැවිරිදි සැකකාර තරුණිය බෙහෙත් ගැනීම සදහා යැයි සිය මවගෙන් මුදලක්ද ඉල්ලාගෙන 14 හැවිරිදි දැරියද සමඟ වැලිගමට නගරයට යන බව පවසා පිටව ගොස් ඇතැයිද පොලීසිය කියයි.

වැලිගම නගරයට පැමිණි ඔවුන් දෙදෙනා කොළඹ මාතර බස් රථයකින් කොළඹට පැමිණ ඇති බවද පොලිසිය සඳහන් කරයි.

කොළඹට පැමිණි පසු සැකකාර තරුණියගේ දුරකතනයට පෙම්වතාගෙන් ඇමතුමක් ලැබී ඇති අතර පසුව ඇය සිය 14 හැවිරිදි සොහොයුරිය අමතා රුපියල් 1000ක මුදලක් අතට දී මාතර බස් රථයකින් යළිත් වැලිගම නිවසට යන ලෙසට දැනුම් දී දැරිය බස් නැවතුමේ අතහැර තරුණිය පෙම්වතා සමග පලාගොස් ඇති බවද පොලීසිය කියයි.

පසුව පොලීසිය දැරියගේ මව්පියන් පොලීසිය වෙත ගෙන්වා අවවාද කර 14 හැවිරිදි දැරිය බාර දී ඇත.

 

ඉන්දිකා රාමනායක

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්