Aug
13

සමහර අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු කතාකරලා දින ඉල්ලනවා,අපිට රූගතකිරීම් කරන්න පුළුවන් ජීවත්වෙලා හිටියොත් – නයනතාරා වික්‍රමආරච්චි

 
1755 Views
   
 

කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර ලබමින් පසුවන රංගන ශිල්පිණී නයනතාරා වික්‍රමආරච්චි කොවිඩ් රෝගය පිළිබඳ, තමන්ගේ අත්දැකීම් බෙදාගනිමින් සංවේදී ඉල්ලීමක් අප සැමගෙන්ම කර තිබෙනවා. එහි සඳහන් වූ කරුණු කිහිපයක් සහ ඇය කතා කළ වීඩියෝව පහතින්.

මට කොවිඩ් ආසාදනය වුණා. මම දැනටත් ඉන්නෙ පෞද්ගලික රෝහලක. මේක ඉතාම භ යා නක ලෙඩක්. මේකේ භ යා න ක කම දැන් හංගලා තේරුමක් නෑ. මම අවශ්‍ය බේත් ගන්නවා. දවසට තුන් හතරපාරක් ස්ටීම් කරනවා. හරිම අමාරුයි. මේ මොහොතේ හොදට ඉන්නවා ඊළඟ මොහොතේ අ මා රු වෙ න වා.

තද කැස්සක් ඇවිත් හුස්ම හිරවුණා. දෙවිවරු වගේ වෛද්‍යවරු හෙදියන් අපි වෙනුවෙන් වැඩ කරනවා. ඒ ප්‍රතිකාර ඔක්කොම අරගෙනත් මම නිරෝගීව ඉඳලත්, ගොඩක් පරිස්සම් වෙලත් මට මේ රෝගය හැදුනා.

එහෙම බලකොට අසනීපයෙන් ඉන්න කෙනෙක්ට, පුංචි ද රු වෙ ක් ට මේක හැදුනොත් කොච්චර අමාරුවෙයිද.

සමහර අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු කතාකරලා දින ඉල්ලනවලු ශූටින්වලට. මේක උණක් හෙම්බිරිස්සාවක් නෙවෙයි. මේක හැදුනාම හරිම අමාරුයි. ඒක හැදුන මනුස්සයා විතරයි දන්නෙ අමාරුව.

ගෞරවයෙන් ඉල්ලනවා රංගන ක්ෂේත්‍රයේ සියලුම දෙනාගෙන් මිනිස්සුන්ගේ වටිනාකම තේරුම්අරගෙන රූපගතකිරීම නවත්වන්න. අපිට රූගතකිරීම් කරන්න පුළුවන් ජීවත්වෙලා හිටියොත්. රෑ නිදාගත්තාම උදේ ඇහැරෙයිද කියලා හිතෙනවා.

මම දැක්කා ගුරුවරු සත්‍යග්‍රහ කරනවා. සමහර වෙලාවට ජීවිතේ අපිට හරි අමාරුයි. සල්ලි ඕනෙ තමයි. හැබැයි ඒ දේවල් කරන්න මේ කාලයද. ගුරුවරුන්ට අපි දෙවියන්ට වගේ ආදරෙයි. ඔය දේ කරන්න සුදුසු දේ මේ වෙලාව නෙවෙයි. එහොම නො ක ළො ත් අපිට ගැහෙන හුස්ම ඉල්ලලා සත්‍යග්‍රහ කරන්න වෙයි.

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්