Sep
1

ළඟින් හිටපු අය කපපු වාර අනන්තයි, මියුසික් වීඩියෝවල රඟපාලා ඇතිවෙලා – ශෂී ඇන්ජලීනා

 
1598 Views
   
 

ඇය නමින් ශෂී ඇන්ජලීනා. මේ දිනවල පෝර්ක්වීදියේ මන්දාකිණි වගේම සකලගුරු භූති ලෙසින් ඔබ හමුවට එන ශෂී සමග මේ කතාබහ ඇය සමගයි.

මේ දවස්වල ටෙලි නාට්‍ය දෙකකින් දකින්න ලැබෙනවා. සකලගුරු ටෙලි නාට්‍යයේ භූතිගේ චරිතයට වෙනස්ම විදිහේ ප‍්‍රතිචාර දකින්න ලැබෙනවා. ඒ වගේම පෝර්ක්වීදිය ටෙලි නාට්‍යයේ නර්මදාටත් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා චරිත දෙකම වෙනස් අත්දැකීමක්. මන්දාකිණි වගේ ශෂීත් ඉස්සරහට පෝර්ක් වීදියේ පෝර්ක් විකුණයිද? දන්නේ නැ හැ ආසා හිතුනොත් ඒ වැඬේ ඉස්සරහට දිගටම වුණත් කරන්න ඉඩ තියෙනවා. මේ චරිත දෙක ගැන මොකද හිතෙන්නේ? මේ චරිත දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. සකලගුරු ටෙලි නාට්‍යයේ භූති ගේ චරිතයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි පෝර්ක්වීදියේ මන්දාකිණි කියන්නේ. ශෂීත් මන්දාකිණි වගේමද? ඇත්තටම අපි දෙන්නම එක සමානයි.

එතකොට භූතියි ශෂී අතර තියෙන වෙනස? භූති හින්දා මට බැණුම් අහන්න නම් වෙන්නේ නැ හැ භූතයාගේ චරිතය රගපාන්නේ මිහිර අයියා. මිනිස්සුන්ට එයා ගැන තියෙන්නේ කුතුහලයක්. නපුරුම චරිතයක්නේ. දැන් ගොඩක් දෙනෙක් මට භූති කියලා කතා කරනවා. මේ චරිතයට ලොකු ඉල්ලුමක් තියෙනවා. පසුගිය දවස්වල මොකද කළේ? පසුගිය කාලයේ මම වැඩිපුර මියුසික් වීඩියෝ පැත්තට තමයි නැඹුරුවෙලා හිටියේ. මම දැන් පොඞ්ඩක් ඒකෙන් ඈත්වුණා. ගොඩක් අය මගෙන් අහන්න ගත්තා රගපෑමෙන් ඉවත්වෙලාද කියලත්. එහෙම නෙමෙයි අවුරුදු ගණනාවක් මට මියුසික් වීඩියෝ කරලා කරලා ඇති වුණා. එකම රාමුවකට කොටුවෙලානේ හිටියේ. දැන් මියුසික් වීඩියෝවල රගපාන්නේ නැ තිද? රගපානවා හොඳ වැඩකට කතා කළොත් තමයි මම දැන් රගපාන්නේ. මම ඒක අමතක කරන්නේ නැ හැ. මට ඕනෑ වුණේ වෙනස් දෙයක් කරන්න. මොකද බූට් කාපු සින්දු, අඬපු සින්දුවල චරිතමනේ කළේ. මට එතැනින් එහාට දෙයක් කරන්න ඕනෑ වුණා. ඇත්තම කිව්වොත් සකලගුරු වගේම පෝර්ක්වීදිය මගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් තෝතැන්නක් වුණා.

ක්‍ෂේත‍්‍රය ගැන මොකද හිතන්නේ? සමහර විට මම මියුසික් වීඩියෝ කියන රාමුවකට කොටුවෙලා හින්දා වෙන්න ඇති ටෙලි නාට්‍යවලට වැඩිපුර ආරාධනා ලැබෙන්නේ නැ ත්තේ. හැබැයි සකල ගුරු ටෙලි නාට්‍යයෙන් පසසේ මම පෝර්ක්වීදිය ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුණා. ඊට අමතරව මට මේ දිනවල ජැකී කියන ටෙලි නාට්‍යයට ආරාධනා ලැබිලා තියෙනවා. ජැකී හි මොන වගේ චරිතයක්ද ලැබුණේ? ඒකත් ෂේප් චරිතයක්. ඒ ගැන වැඩි විස්තර පසුවට කතා කරමු. ශෂීට කැපිලි කෙටිලි කියන ප‍්‍රශ්නවලටත් මුහුණ දෙන්න වුණා කියන්නේ? ඔව්. ඒක නම් එහෙම තමයි. මුල ඉඳලා ඒ ප‍්‍රශ්නයට මුහුණ දීලා තියෙනවා. හැබැයි කවුරු කොහොම කැපුවත් මගේ වාසනාවට මට දෙයක් ලැබෙන්න තියෙනවා නම් ලැබෙනවා.  ජීවිතයේ පසුතැවීම් තියෙනවාද? ජීවිතයේ පසුතැවීම් නම් ගොඩක් තියෙනවා. කලාව පැත්තෙන් නම් ගොඩක් පසුතැවීම් තියෙනවා. අපි ආසාවෙන් දෙයක් කරලා ඉදිරියට යනවා නම් මා ළඟින් හිටපු අය කපපු වාර අනන්තයි. කලකිරීම් නම් එමටයි. ඒක හින්ද දැන් මම මගේ පාඩුවේ මට පුළුවන් දේ කරගෙන ඉන්නවා.

ඇත්තද ක්‍ෂේත‍්‍රයේ යාළුවෝ නැ හැ කියන්නේ? යාළුවෝ ඉන්නවා යාළුවෝ හිටියත් මම කැමති දැන් තනියම ඉන්න. මම ගොඩක් අයට උදව් කරලා තියෙනවා අන්තිමේ ඒ දේවල්වලින් බැටකාලා තියෙනවා. ශෂී පෙම්වතියක්ද? ආදරය ගැන නම් මම කතා කරන්නම කැමති නැ ති දෙයක්. ආදරයෙන් පැරදිලාද ඉන්නේ? ආදරය කරද්දී පරදිනවා දිනනවා. ඒ වගේම ආදරය හරි සුන්දරයි. අසුන්දරයි වගේම හරි අවස්ථාවාදීයි. (දිනේෂ් විතාන)

 

19

 

18

 

17

 

16

 

15

 

14

 

13

 

12

 

11

 

10

 

9

 

8

 

7

 

6

 

5

 

4

 

3

 

2

 

1

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්