Jun
13

දකුණු කොරියාවේ රැකියා අහිමි විමේ අවදානමක්

 
2605 Views
   
 

ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් වීසා කාලය අවසන් වුවද දකුණු කොරියාවේ තවදුරටත් රැකියාවල නිරතව සිටීම නිසා එරටින් ශ්‍රී ලංකාවට ලැබෙන රැකියා පංගුව අහිමි වීමේ තත්වයක් උද්ගතවී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා පවසයි.

වීසා නොමැතිව දකුණු කොරියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් වහාම ගෙන්වා ගන්නා ලෙස දකුණු කොරියානු රජය ශ්‍රී ලංකාවට දන්වා ඇති බවත් එසේ නො’වුණහොත් ශ්‍රී ලංකාවට රැකියා විශාල සංඛ්‍යාවක් අහිමිවීමේ අවදානමක් ඇති බවත් රත්වත්තේ මහතා කියයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී දකුණු කොරියාවේ රැකියාවලට ගොස් වීසා අවසන් වූ 2000 පමණ තවදුරටත් එහි රැඳී සිටින බවත් ඔවුන් හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බවත් සභාපතිවරයා සඳහන් කරයි.

සභාපති වරයා වැඩිදුරටත් පැවසුවේ එසේ නොවුණහොත් ඔවුන් වෙනුවෙන් ඇපකර අත්සන් කළ පුද්ගලයන්ට එරෙහිව නීතියානුකූල පියවර ගන්නා බවත් අදාළ ශ්‍රමිකයන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බවත්ය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්