Mar
11

ජනප්‍රිය නිළි විනු සිරිවර්ධනගේ උපන්දිනයට ඇගේ සැමියා ඇයව නින්දේදීම පුදුම කළ හැටි

 
786 Views
   
 

විනූ සිරිවර්ධන කියල කියන්නේ ලාංකීය කලා ලොවේ ජනප්‍රියත්වයට පත් සුන්දර යුවතියක්. ඇත්තෙන්ම ඇය පුංචි තිරයේ සිනමාවේ වගේම පේක්ශකාගාරයේ අපට නිරන්තරයෙන් මුණගැහෙන ප්‍රේක්ෂක ආදරය සහ ආකර්ෂණය නොමදව දිනාගත් චරිතයක් හැටියට හදුන්වන්න පුලුවන්. කොහොම නමුත් 2012 වසරේදී මිස් ශ්‍රී ලංකා කිරුළ ජයක්ග්‍රහනය කරන ඇය පසුකාලීනව අපට මෙරට කලා ක්ෂේත්‍රය තුළ වගේම නිරූපණ ක්ෂේත්‍රය තුළත් දැකගන්නට ලැබෙනවා

කෙසේවෙතත් වර්තමානයේ රංගන ශිල්පිනියක ලෙස ජනප්‍රියත්වයට පත්වන ඇයව අපට මුලින්ම දැකගන්නට ලැබෙන්නේ දෙරණේ පිපෙන මල් තුළිනුයි. කොහොම නමුත් ඇය මෙරට ප්‍රේක්ෂක ආකර්ෂණය වගේම ආදරය දිනාගැනීමට සමත්වෙන්නේ “තරුමලි” ටෙලිනාට්‍යය හරහායි. ඉතින් එලෙස ජනප්‍රියත්වයට පත්වෙන ඇයව අපට වර්තමානය වනවිට කලා නිර්මාණයන් රැසක් ඔස්සේ දැනගන්නට ලැබෙනවා

කොහොම නමුත් ඉතාමත් සුන්දර රුවකට හිමිකම් කියන ඇය ගැන කතා කරනවානම් ඇය මේවෙද්දී විවාහකයි. ඇය විවාහවෙන්නේ මෙරට ආචාර්යවරයකු වන කසුන් ලියනගේ සමගිනුයි. ඇත්තෙන්ම කසුන් කියල කියන්නේ මෙරට ඉන්නේ ප්‍රධාන පෙළේ කෝටිපති තරුණයෙක්. කෙසේවෙතත් විවාහයෙන් පස්සේ අපට වැඩිය විනුව මෙරට කලා ක්ෂේත්‍රය තුළ දැකගන්නට ලැබෙන්නේ නැහැ

නමුත් සැමියා එක්ක රූපවාහිනී වැඩසටහන් වලට ඇය නිතරම සම්බන්ධ වුනා. විවාහයෙන් පස්සේ පවුලට මුල්තැන දෙන බව ඇය කියා සිටියා. ඒ වගේම ඇය සැමියා සහ පවුලේ අය එක්ක තමයි කාලය ගත කරන්නේ. ඒ කොහොම උනත් එලෙස කසුන් ලියනගේ සමගින් විවාහවෙන ඇය මේවෙද්දී ඉතාමත් සතුටින් ජීවිතය ගතකරන බවයි අපට දැනගන්නට ලැබුණේ. ඒ බව මේ යුවළ දකින හැමෝටම මනාව වැටහෙනවා

කෙසේවෙතත් විනූ කියන්නේ සමාජ ජාලා මාධ්‍ය තුළත් ජනප්‍රිය චරිතයක්. ඉතින් පහුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ ඇය කෙරෙහි මෙරට ජනයා සුවිශේෂ අවධානයක් යොමුකර තිබුණා. ඊට හේතුව වෙන්නේ විනු විසින් සිය සමාජ ජාලා මාධ්‍ය ගිනුමට එක්කළ සුන්දර ජායාරූප පෙළක්. ඇත්තෙන්ම ඊයේ දිනට ඇගේ උපන්දිනය යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් අපුරු ස්පරයිස් එකක් සැමියා කසුන් සුදානම් කර තිබුණා

එලෙස ඇගේ උපන්දිනයට සප්‍රයිස් එකක් සංවිධානය කළ ඔහු ඇයට තෑගී බෝග රැසක් ලබාදී තිබුණා. ඒ ඇය උදෑසන අවදි වීමටත් පෙරයි. කෙසේවෙතත් මේ විදිහට ලබාදුන්නු සප්‍රයිස් එකෙන් ඇය පුදුමයට පත්වුණු බවනම් රහසක් නොවෙයි. ඉතින් මේ විදිහට ඊයේ දිනයේ සිය උපන්දිනය සැමරූ ඇයට අපිත් සුභපැතුම් එකතු කරන අතරම ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්