May
7

පීඩිත පන්තියට රජයෙන් ලැබෙන සහන මෙන්න

 
1508 Views
   
 

වර්තමානයේ රටතුල පවතින අර්බුදකාරී තත්වය හමුවේ වුවද ජනතාවට සහන සැලසීම වෙනුවෙන් භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යෑම වැලක්වීමේ අරමුණින් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් සඳහා උපරිම මිළක් නියම කර මිල පාලනය කිරීමට වත්මන් රජය සැළසුම් කර ඇත.

⁣එහි පළමු අදියර ලෙස සහල් සඳහා පාලන මිළක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය ක්‍රියා කළේය. ඒ අනුව දේශීය සහල් වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගිය 02 වනදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණ. ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් යුතුවය.

ඒ අනුව,

⬛ දේශීය සුදු සහ රතු නාඩු කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 220 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
⬛ සුදු සහ රතු සම්බා සහල් කිලෝග්‍රැමයක් සඳහා රුපියල් 230 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
⬛ දේශිය කීරි සම්බා කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 260 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

මෙතෙක් පාරිභෝගික අධිකාරිය භාණ්ඩවල මිල පාලනයක් නොකළ අතර ඉදිරියේදී දේශීයව නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කිරීමට බලාපොරොත්තු වනබව සමූපකාරසේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර මහතා සදහන් කර ඇත. එසේම, අත්‍යාවශ්‍ය භාණ්ඩ කවරේදැයි නිශ්චිත ලැයිස්තුවක් මෙතෙක් කල් නොතිබීම නිසා භාණ්ඩ වලට උපරිම මිලක් නියම කිරීමට නොහැකිවූ බවත් ඒ අනුව ඉදිරියේදී එවැනි ලේඛනයක් සකසා පාලන මිලක් නියම කිරීමට රජයේ සැලසුම බවත් අමාත්‍ය වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව ඉතා ඉක්මණින්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවක් සකස් කර දේශීයව නිපදවන අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා ඉදිරියේදී පාලන මිලක් යෙදීමට කටයුතු කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කරමින් සිටින අතර වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කරයි.

එසේම පසුගිය දිනක රජය මගින් සමෘද්ධිලාභීන්ට, වැඩිහිටියන්ට, ආබාධිතයන්ට ලබා දෙන දීමනා වැඩිකිරීමටත් අඩුආදායම්ලාභී පවුල් සඳහා මාස තුනක් රුපියල් පන්දහසක දීමනාවක් ලබා දීමටත් රජය තීරණය කර ඇති බව දැනුම් දෙනු ලැබුවා. එයද ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට විශාල සහනයකි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්