Aug
7

කරුමේ ඩබල් පින සිංගල්

 
1165 Views
   
 

ශ්‍රී ලංකාව කොරෝනා තුන්වන රැල්ලකට මුහුණ දීමෙන් පසු දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද විශාල ලෙස ඉහළ ගියේය. දෛනික ආසාදිත සංඛ්‍යාව 3500 ඉක්මවා ගිය ද ඉන් පසු ක්‍රමයෙන් අඩුවන්නට විය. ජූලි මස 12 දින අඩු ම මට්ටම වාර්තා කරමින් 1420 දක්වා පහළ වැටුණි. එහෙත් ඉන්පසු නැවත වරක් ‍ක්‍රමයෙන් ඉහළ යන්නට විය. ජූලි 31 වන විට දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2190 දක්වා ඉහළ ගොස් ඇත.

අලුත් අවුරුද්දෙන් පසු ආසාදිත සංඛ්‍යාව වැඩිවෙත් ම රජය විසින් සංචරණ සීමා පැනවූයේය. එම සීමාවන් ආසාදිතයන්ගේ ප්‍රමාණය පහළයාම සඳහා බොහෝදුරට හේතු විය. ඉන්පසු සංචරණ සීමාවන් ඉවත් කරනු ලැබුව ද පළාත් අතර සීමාවන් වැනි සංචරණ සීමාවන් තවදුරටත් ක්‍රියාත්මක වේ. සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ කරන ලද්දේ ආසාදිත ප්‍රමාණය පහල මට්ටමකට පත් ව තිබූ අවස්ථාවකය. සෞඛ්‍ය අංශ විසින් උද්ඝෝෂණ තහනම් කරනු ලැබීය. පොලිසිය විසින් උද්ඝෝෂණ නවතා, සහභාගිවූවන් සමහරෙක් අත් අඩංගුවට ගනු ලැබීය. එවිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු උද්ඝෝෂණයක් පවත්වා හැකි නම් තමන් ද අත් අඩංගුවට ගන්නා ලෙස ප්‍රකාශ කළේය. දැන් සමගි ජන බලවේගය ද ජනතා විමුක්ති පෙරමුණ ද පෙරටුගාමීන් ද තරඟයට උද්ඝෝෂණ පවත්වති. සමගි ජන බලවේගය කොටුව දුම්රියපල ඉදිරියේ දී මුඛ ආවරණ නො මැ ති ව, සියලු සෞඛ්‍යය නී ති රී ති බිඳ දමමින් උද්ඝෝෂණය කරන ආකාරය මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. ඇතැම් අය බීමත්ව සිටි බව ද එම වාර්තාවල සඳහන් විය.

යහපාලන රජය විසින් හම්බන්තොට වරායේ තෙල්ටැංකි චීනයට ලබාදීමට එරෙහිව තෙල් සංස්ථා සේවකයන් ගෙන ගිය උද්ඝෝෂණය මර්දනය කළ ආකාරය මහජනතාවට මතක තිබේ. එහෙත් වත්මන් රජය එවැනි පියවරකට එළඹීමට පෙළඹී නැ ත. පාසල් ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නයට විසඳුම් ලබාදිය යුතු බවට වැඩිදෙනෙකු එකඟ වනු ඇත. එහෙත් වැඩි වැටුප් තබා ගුරුවරුන් ඇතුළු රජයේ සේවකයන්ගේ මාසික වැටුප ගෙවීම පවා ප්‍රශ්නයක් වී ඇති මොහොතක වැටුප් වැඩිකිරීමක් මුල් කරගෙන මෙවැනි උද්ඝෝෂණ පැවැත්වීම ඒවාට සහභාගිවන්නන් මෙන් ම සාමාන්‍ය ජනතාව ද විශාල අ න තු ර ක ට ලක් කිරීමකි. ආසාදිතයන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු ව ගිය ද නැ ව ත වරක් එම ප්‍රමාණය වැඩි වීම සඳහා සමාජ දුරස්ථභාවය සහ සෞඛ්‍ය නීති රීති අනුගමනය නො ක ර මි න් ගෙන යන මෙම උද්ඝෝෂණ බොහෝ දුරට හේතු වී ඇත.

යුද්ධය අවසන් කරන ආකාරය පෙනි පෙනී තිබිය දී එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් අනුගමනය කරමින් සිටි පිළිවෙත කොරෝනා ව්‍යසනය හමුවේ ද එම පක්ෂ විසින් අනුගමනය කරමින් සිටී. යුද්ධය අවස්ථාවේ රජය බිඳ දැමීමට එම පක්ෂ දෙක විසින් විවිධ කුමන්ත්‍රණ දියත් කළ අතර යුද්ධයට එරෙහි ව විවිධ ප්‍රචාරණන් ද දියත් කරනු ලැබීය. අද පවත්නා ආකාරයෙන් විවිධ උද්ඝෝෂණ ද දියත් කරනු ලැබීය. එසේ ජනතාව සහ රට විශාල අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක එවැනි ව්‍යාපාර දියත් කිරීම තුළ ලබන ලද අත්දැකීම්වලින් මෙම දේශපාලන පක්ෂ පාඩමක් ඉගෙන ගෙන නැ ත. මහජනතාවට අවශ්‍ය මෙම අර්බුදයෙන් ගොඩ ඒමටය. ම ර ණ බිය තුරන් කර ගැනීමටය. මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතාවන්ගෙන් ගොඩ ඒමටය. එවැනි අවස්ථාවක දේශපාලන පක්ෂ නායකයන් වගකීමකින් කටයුතු කරනු දැකීම මහජනතා ජනතාවගේ අපේක්ෂාවය.

යුද්ධය අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ නායකයන් විසින් ප්‍රකාශ කළ කිලිනොච්චි – මැදවච්චි වැනි කතාවලට ද යුද්ධය මැද අයවැය පරාජය කිරීමට උත්සාහ කිරීම වැනි ජනතා විමුක්ති පෙරමුණ ගෙන ගිය ක්‍රියා මාර්ගවලට ද මහජනතාව ප්‍රතිචාරය දැක්වූයේ එම පක්ෂ දෙකට ම මැතිවරණවල දී ඒවායේ ඉතිහාසය තුළ ලැබූ දරුණු ම පරාජය අත්කර දෙමිනි. එම පරාජයන්ගෙන් ගොඩඒමට එම පක්ෂ දෙකටම තවමත් හැකි වී නැ ත. රනිල් වික්‍රමසිංහ මහතාට අවුරුදු 27ක් එජාප නායකත්වය දැරුව ද ජනාධිපතිධුරයට පත්වීමට නො හැ කි වූයේ ජනතා අපේක්ෂාවන්ට පිටුපෑම නිසාය. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා රනිල්ගේ පිළිවෙතම අනුගමනය කරමින් සිටී. දෙතුන් සියයක් එකතු කර මේ අවස්ථාවේ උද්ඝෝෂණ පැවැත්වීම මගින් ඔහු අ හි මි කර ගන්නා ඡන්ද දායකයන්ගේ ප්‍රමාණය දහස් ගණනින් ඉහළ යන බව ඔහුට නොතේරේ.

රජය රට වසා නො ද ම න විට එම පක්ෂ දෙක රට වසා දමන ලෙස උද්ඝෝෂණ කළේය. රජය සංචරණ සීමා පැන වූයේය. දැන් සංචාරණ සීමා පනවන ලෙස බල කළ පිරිස් විසින්ම එම නීති නො ත ක මි න් උද්ඝෝෂණ පවත්වනු ලබති. රජය එන්නත්කරණය සම්පූර්ණ කර කොරෝනා ම ර් ද න ය සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරද්දී මෙම පක්ෂ දෙක කොරෝනා තවදුරටත් ව්‍යාප්ත කරමින් මහජනතාව ම ර ණ ය වෙත දක්කාගෙන යෑමට උත්සාහ කරන විට කියන්නට තිබෙන්නේ කරුමේ ඩබල් පින සිංගල් කියා පමණි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්