Sep
6

ත්‍රිරෝද රථ අලංකරණයට අවසර ලැබෙන හැටි

 
552 Views
   
 

ජනතාවට අ න තු ර ක් නො වන ආකාරයෙන් යම් නීති මාලාවකට යටත් ව ත්‍රීරෝද අලංකරණය කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා. ඒ, ත්‍රීරෝද රථ හිමියන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාවකදි යි. ඊට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ද එක් ව සිටියා.

ත්‍රීරෝද රථ අලංකරණය සම්බන්ධයෙන් නීති කිහිපයක් සංශෝධනය කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවේ අගෝස්තු මස 14 වැනිදා යි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ ත්‍රීරෝද රථ හිමියන් සමඟ මෙම සාකච්ඡාව පැවති අතර, එහි දී යම් නීතින් සංශෝධනය කිරීමට අවසර ලබා දුන් බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්