Jun
17

මාතලේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවකයින් පිරිසකට අසාත්මිකතාවක්

 
1548 Views
   
 

මාතලේ පලාපත්වල පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් 60කට ආසන්න පිරිසකට අද (17)දා ඇතිවු ආසාත්මිකතාවයක් හේතුවෙන් මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

මෙම කම්හලේ පිරිස‍කට ඊයේ කොවිඩ් එන්නත් සිදු කර ඇති අතර ඒ අවස්ථාවේ සහ පසුදින 17 මෙම සේවිකාවන් හට විවිධ සංකුලතා ඇතිවිම හේතුවෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

කිසිදු සේවිකාවකට බරපතල තත්වයක් නොමැති බවත් ඇතිවු ආසාත්මිකතාවයක් ‍හා කම්පනයක් හේතුවෙන් මෙම පිරිස රෝහල් ගතකර ඇති බවද ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේය.

මහේෂ් කිර්තිරත්න

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්