Jul
23

රොෂාන්ගෙන් වෙන් වුන චතුරිකා ගයාන් සමග ගෙවන සැප ජීවිතේ

 
9781 Views
   
 

චතුරිකා පීරිස් කියන්නේ ජනප්‍රිය නිලියන් අතර ඉහලින්ම සිටින අහිංසක නිහතමානී ආදරණීය ප්‍රේමනීය චරිතවලට පන පෙවූ ලස්සන තරුණියක්.කොළඹ ඉපදී මියුසියස් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඇයට එක් සහෝදරියක් ඉන්නවා.ඇය ටෙලි නිර්මාණ සඳහා තම රංගන දායකත්වය පළමුවෙන්ම දායක වන්නේ බවසැලකිලි ටෙලි නාට්‍ය වුවත් පළමුවෙන්ම විකාශය වන්නේ දෙවනියට රංගන දායකත්වය ලබා දුන් සුර්යදරුවෝ ටෙලි නාට්‍යයි.ඇගේ රංගන ජිවිතයේ මේ වන තෙක් රංගන දායකත්වය ලබා දුන් ටෙලි නාට්‍ය 100කට අධික ගණනක් පමණ තිබෙන බව අපට දැනගන්නට ලැබුනා.ඒ වගේම සිනමා නිර්මාණත් 10කට පමණ දායක වී තිබෙනවා.ඉතින් ගොඩ දෙනෙක් දන්නේ නැති වුනාට ඇය දක්ෂ නිෂ්පාදිකාවක්ද වනවා.ඇගේ නිෂ්පාදන 10ක් පමණ තිබෙනවාලු. ඉතින් ඇයගේ මේ දක්ෂතා හේතුවෙන් කිහිපවරක්ම ඇගයීමට ලක් කොට තිබෙනවා.රූපවාහිනි,හා සිනමාවේත් නැගී එන නිළියටත්,හොඳම සහය නිළියටත්,ජනප්‍රියතම නිලියට හිමි සම්මාන කිහිප වරක්ම චතුරිකා ලබාගෙන තිබෙනවා.

ඉතින් කාලෙකට කලින් ඇය ජනප්‍රිය රංගන ශිල්පියෙක් වූ රොෂාන් පිලපිටිය සමඟ විවාහ වෙනවා.නමුත් වැඩි කල් එම විවාහ ජීවිතය පවතින්නේ නැහැ.ඔවුන් එම වෙන් වෙනවා.ඊට පස්සේ රොෂාන් නැවත වෙන තරුණියෙකු සමඟ විවාහ වෙන අතර චතුරිකාත් නැවත විවාහ වෙනවා.ඒ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන ගයාන් සමඟයි.මේ ආදර කතාවත් බොහෝ දෙනා අතර කතාබහට ලක් වුන එකක්.ඉතින් ගයාන් කියන්නෙත් අධ්‍යක්ෂකවරයෙක්.ඔහු විසින් අධ්‍යක්ෂණය කල නිර්මාණයක් ලෙස“එක රෑනේ කුරුල්ලෝ”හදුන්වන්නට පුළුවන්.ඉතින් මේ දෙපල දැන් සතුටින් කල් ගෙවන අතර පුංචි දියණියකගේ මවුපිය දෙපලක්ද වනවා. ඇය තමයි ආරාධනා කියන්නේ.චතුරිකා නම් කියන්නේ දුවව රංගනයට එන්න කැමතියි නම් ඒ දෙන්නගෙම ආරක්ෂාව මත ඒ දේවල් සඳහා යොමු කරනවා කියලයි.නමුත් ඊට වඩා වෙනත් රැකියාවක් කෙරෙහි යොමු වෙලා ඇයටත් වඩා ශක්තිමත් කාන්තාවක් වෙනවනම් චතුරිකත් ඉතාමත් කැමති බවයි.ඉතින් මේ සුන්දර පවුලේ ලස්සන ඡායාරූප කිහිපයකුත් ඔබ වෙත ගෙන ආවා

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්