Jun
5

නාට්ටාමි කියලා කතා කළාට පියුමිට ස්තූතියි | මේ රටේ පොලීසිය නිරූපණ ශිල්පිනියන්ට බයයි – චමුදිත (වීඩියෝ)

 
2632 Views
   
 

නිරෝධායන නීති කඩකරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක පැවැත්වූ උපන්දින සාදයට සම්බන්ධ වූ චන්දිමාල්, පියුමි හංසමාලි ඇතුළු පිරිස මේ වනවිට නිරෝධායනයට යොමුකර තිබෙනවා. පියුමි හංසමාලි සමාජ ජාල ඔස්සේ පසුගිය දා හිරු මාධ්‍ය ආයතනයේ පැවැත්වූ වැඩ සටහනක් පිළිබදව පවසමින් නිතරම මාධ්‍යවේදී චමුදිතට චෝදනා එල්ල කරනවා. ඒ පිළිබඳව මාධ්‍යවේදී හරේන්ද්‍ර ජයලාල්ගේ යූටියුබ් චැනලයේ මාධ්‍යවේදී චමුදිත සමග කතාබහක් පැවැත්වූවා. එහිදී හරේද්‍ර මහතා චමුදිත මහතාගෙන් ඇසූ ප්‍රශ්නයක් වූයේ ‘සංවාදවලට එන අය ආවේගශීලී වුනාට නිවේදකයෝ ආවේගශීලී විය යුතුද?” කියලයි. එහිදී  චමුදිත කියා සිටියේ “ඇත්ත මං පිළිගන්නවා, මං ප්‍රහාරත්මකයි, මං ඉන්නේ හරි අවාසනාවන්ත තැනක,  මට හොදක් කියන්නෙම නැති තරම්, හැමෝම මං දිහා බලන්නේ කාගේ හරි ඉත්තෙක් විදියට. අනේ මේ මගේ හැටි මං කාගේවත් ඉත්තෙක් නෙවෙයි” යන්නයි.

හරේන්ද්‍ර නැවතත් අසා සිටියේ “එතකොට ඔබේ ගෙදරදී සද්දේ වැඩි ඔබේද? බිරිඳගේද ? ” කියායි. එහිදී චමුදිත ” දන්නවනේ ඉතිං ගෙවල්වල සද්දේ වැඩි කාගෙද කියලා, අපේ සද්දේ ඉතිං එළියේදී විතරයි” යනුවෙන් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් හරේන්ද්‍ර විසින් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම්වලදී “මේ රටේ පොලීසිය නිරූපණ ශිල්පිණියන්ට බයයි, මනමාලියන්ට අන්දනඅයට බයයි” වගේ දේවල් ගොඩක් චමුදිත කිව්වා. ඒ සියල්ල පහත වීඩියෝවෙන් බලන්න පුළුවන්.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්