Jul
17

පළමු කසාදය ගැන අදටත් දුක් වෙන දිල්ශාන් සංවේදීව බිරිඳ සහා පුතා ගැන කියූ දේ

 
3110 Views
   
 

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තිලකරත්න දිල්ශාන් කියන්නේ කාලයක් ක්‍රිකට් ක්‍රීඩාව තුල කාගේත් කතා බහට ලක් වුන චරිතයක්.ඔහු එදා මෙදා තුර ලොව පහළවූ නිර්මාණශීලීම සීමිත පන්දුවාර පිතිකරුවෙකු ලෙසද හදුන්වනු ලබනවා.ජාත්‍යන්තර සහ ජාත්‍යන්තර නොවන විස්සයි විස්ස අර්ධ ශතක 47ට සහ ශතක දෙකකට උරුමකම් කියන දිල්ශාන් විස්සයි විස්ස ලකුණු 7000 සීමාව ඉක්මවූ පිතිකරුවෙක්. පන්දුවෙන්ද තම වගකීම සිය කණ්ඩායම වෙනුවෙන් නොපිරිහෙළා ඉටුකළ දිල්ශාන් විස්සයි විස්ස කඩුලු 154ටද උරුමකම් කියන ක්‍රීඩකයෙක් බවට පත් වී තිබෙනවා.ඒ වගේම නිමා වු Road Safety World Series 2021 තරඟ මාලාවේ විරයා ලෙස කන්ඩායම් නායක තිලකරත්න දිල්ශාන් සම්මානයෙන් පිදුම් ලැබුවා.ඉතින් හිටපු ක්‍රිකට් නායක තිලකරත්න දිල්ශාන් විවාහ වන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන මංජුලා තිලිණි සමඟයි.මේ දින වල තමන්ගේ ආදරණිය දරුවන් හතර දෙනාත් එක්ක ඕස්ට්‍රේලියාවේ ජිවත් වන මොවුන් සමාජ මාද්‍ය තුල කාගේත් කතා බහට ලක් වෙනවා.ඉතින් ඔවුන් අපිත් සමඟ ඔවුන් ගෙවන ජීවිතය ගැන කියා සිටියේ මෙලෙසයි.දැන් ලෝකයේ පවතින කොරෝනා තත්වය නිසා ගෙදරටම වෙලා ඉන්නවලු.ඒ වගේම නිසි ආකාරයට සෞඛ්‍ය නීති රීති ඒ විදිහටම පිළිපදිනවා කියලත් කිව්වා.රංගනයෙන් ඈත් වෙලා පවුලත් සමඟම ගෙවන මේ ජිවිතේට පළමු තැන දෙනවලු. මේ හැමදෙයක්ම කරන්නේ ලස්සන පවුල් ජිවිතයක් ගොඩ නගාගෙන සතුටින් ඉන්නනෙ,ඉතින් සැමියයි දරුවන් එකයි ගෙවන මේ ජිවිතේ ඇයට සතුටක්ලු.ඉතින් ඒ ගැන වැඩිදුරටත් කියා සිටියේ මේ විදිහටයි.

දරුවන් හතරදෙනෙක් බලාගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි.නමුත් මගේ වැඩිමල්ම දරුවන් තුන් දෙනාට යම්තාක් දුරට තේරෙන වයසක ඉන්නේ.ඒ නිසා මට ලෙසයි.පුංචිම බබාගේ වැඩ තමයි වැඩිපුරම තියෙන්නේ.ඒ වැඩ වලට දිල්ශානුත් සහයෝගය දක්වනවා.කොච්චර කාර්යබහුල උනත් දරුවෝ දකිද්දී අමුතුම නිදහසක් සතුටක් ලැබෙනවා.දරුවන් නිසාම මම රංගනයෙනුත් ඈත් වෙලා ඉන්නේ.නමුත් මම රංගනයට කැමැත්තෙන් ඉන්නේ.ඒ සඳහා කාල වෙලාව තිබුනොත් දිල්ශාන් එක්ක කතාවෙලා දායක වෙන්න කැමතියි.කොහොම නමුත් නවක රංගන ශිල්පිනියන් දකිද්දීත් මට ලොකු සතුටක් ඇති වෙනවා.ඉතින් මගේ ලොකු දුව ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවන්න සමත් වුනා.ඒ ප්‍රධාන පෙළ ක්‍රිකට් දරගාවලියක් නියෝජනය කර ලාබාලතම ක්‍රීඩිකාව බවට පත් වෙමින්.ඉතින් එයාගේ හැකියාවන් අපි හදුනාගන්නේ විදෙස්ගත වීමෙන් පසුවයි.ඒ දස්කම් දැකල අපිට ගොඩක් සතුටු හිතුනා.ඒ වගේම දිල්ශානුත් ඇයට ගොඩ උදවු කරනවා.ඒ වගේම තමයි කළා ගමනේදී මංජුලාගේ ලගින්ම හිටිය මිතුරියක් තමයි හිමාලි සයුරංගි කියන්නේ ඇය තවමත් අපෙ දුක සැප ගැන නිතරම සොයා බලනවා.මගේ පොඩි පුතා ලබුනහමත් මගේ ලගින්ම සිටියේ ඇයයි.ඇයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා හැමදාමත් අපිත් එක්ක ඉන්නවට.

මංජුලා වගේම දිල්ශානුත් අපේ කතාබහට එකතු වෙලා හිටියා.ඔහු කියන්නෙත් මේ දිනවල ලොකු දුවගේ කටයුතුයි,ක්‍රීඩා සමාජේ කටයුතුයිත් එක්ක ආර්යබහුලයි කියලයි.දෙමවුපියෝ විදිහට කරන්න ඕනි ඔවුන්ගේ දක්ෂතා හදුනාගෙන ඒ පැත්තෙන් ඉදිරියට යන්න අත දෙන එකයි.මම මගේ දරුවන්ට කිසිම දේකට බල කරන්නේ නැහැ.ඔවුන් දක්ෂ පැත්තට යන්න උදවු කරනවා.ඒ වගේම රංගනයට ආරාධනා ලැබුනොත් කාලය අනුව භාරගන්නවා.මේ වෙද්දීනම් පවතින තත්වය නිසා මගේ හෝටලය වහල දාල තියෙන්නේ.මේ වසංගත තත්වය පහව ගිය ගමන් ඒවත් පටන් ගන්නවා.ඒ වගේම මම ආපු ගමන් මග පිළිබද මම සතුටු වෙනවා.ඉතා දුෂ්කර ගමනක් ආපු මේ ගමන මම හිතුවේ නෑ මේ තැනට එන්න ලැබෙයි කියල.කුඩා කාලයේ කුලී ගෙදරක හිටපු මම අද වෙනකොට ඉන්න තැන ගැන මගේ පවුලේ අයත් ගොඩක් සතුටු වෙනවා.මගේ ජිවිත කතාව මම මේ දින වල පොතකට ඇතුලත් කර ගෙන යනවා.ඉතින් ලගදීම මගේ ජිවිත කතාවත් හැමෝටම කියවන්න ලැබෙයි.මගේ ජිවිතේ වෙනසක් සිදු කරගන්න අවස්තාව ආවොත් මම වෙනස් කරන එකම දේ මගේ පළමු කසාදයයි.ඒක මන් ගත්ත වැරදි තීරණයක් කියල මන් හිතනවා ඒ වගේමයි මට පළමු කසාදෙ පුතෙක් ඉන්නවා.ඉතින් ඔහු අවසන් වශයෙන් කියා සිටියේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට නිවාඩුවක් ලැබුන ගමන්ම ලංකාවට එනවා කියලයි.ඉතින් මේ ලොවක් දන්න සුන්දර පවුලේ චායාරුප පෙලකුත් ඔබ වෙත ගෙන ආවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

14

 

15

 

16

 

17

 

18

 

19

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්