Oct
24

වී ගබඩා කළ වසර පහේ පාඩු ලැබූ මත්තල ගුවන්තොටුපොල කොවිඩ් මැද මේ වසර මුල් මාස 8ට ලාභ ලබයි

 
647 Views
   
 

දෙවෙනි ගුවන්තොටුපලක් විදියට අපේ රටේ ආරම්භ කරපු මත්තල ගුවන් තොටුපලේ අතිරික්ත වී ගබඩා කරන්න 2016දි පැවති එවක රජය කටයුතු කල බව අප හොදටම දන්නා කරුණක්. අපිට හිතෙන්නෙ ඒක ඒවෙලාවෙ එවක රජය තවකාලික සතුටක් ලබන්න කරපු ක්රියාවක් කියල. මත්තල ගුවන් තොටුපලේ පසුගිය කාලය තුල ලැබූ ලාභ වගේම පාඩු පිලිබදව දල විස්තරයක් අපිට ලැබිල තියෙනව. මේ ඒ ස්වල්ප කරුණු කිහිපය. පසුගිය ආණ්ඩුව යටතේ මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළේ වී ගබඩා කළ කාලය ඇතුළුව වසර 5 ක් තුළ එහි අදායම රුපියල් ලක්ෂ 1192කින් පහළ වැටී තිබේ. කොවිඩ් මැද මේ වසර මුල් මාස 8ට පමණක් ලක්ෂ 520ක් උපයා ඇත.
2014 වසරේදී රුපියල් ලක්ෂ 1362ක් වූ ආදායම 2015 වසරේදී රුපියල් 710ක් දක්වා සියයට පනහකින් පමණ පහත වැටී තිබේ.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව නැවත වරක් මත්තල ගුවන්තොට මගී ප්‍රවාහන කටයුතු සදහා විවෘත කිරීමට පියවර ගත් අතර කොවිඩ් වසංගතය මැද පවා මේ වසරේ අගෝස්තු මාසය දක්වා කාලය ඇතුළත රුපියල් ලක්ෂ 520ක් ආදායමක් ලැබීමට සමත්වී ඇති අතර එය 2019 වර්ෂයට වඩා රුපියල් ලක්ෂ 350ක පමණ ආදායම් වැඩිවීමකි.
අපේ රටේ අභාග්‍යට හේතුවන කරුණක් තමා කිසිම ජාතික ප්‍රතිපත්තියක් නො මැතිකම. ඒක පහුගිය අවුරුදු 50 පුරාවටම සිද්ද වෙච්ච දෙයක්. 2015 බලයට ආපු ආණ්ඩුව වැඩ කරනවට වඩා කලේ පැවති ආණ්ඩුවෙ වැරදි හොයන්න කාලය ගත කරපු එක.. 1977 ජේ ආර් බලයට ආව වැඩ පටන් ගත්ත. අවුරුදු 17කට පස්සෙ 1994දි චන්ද්‍රිකා බලයට ආව. වැඩ පටන් ගත්ත. 2005 මහින්ද බලයට ආව තිබ්බ දරුණුම ප්‍රශ්ණෙ වුණ යුද්දයට මුහුණ දීල ත්‍රස්තවාදය පරාජය කරපු හැටි අපි හොදටම දැක්ක. මිනිස්සු අදටත් මහින්දට ගරුකරන්නෙ ඒ කරපු ක්‍රියාවට. 2001 අත්සන් කරපු සටන් විරාම ගිවිසුම ගැන විවෙචනය කර කර හිටියනම් අදටත් යුද්දෙ ඉවර නෑ.

නමුත් 2015 බලයට ආපු යහපාලන ආණ්ඩුව කටයුතු කරේ ඔක්කොටම වඩා වෙනස් විදියකට. මන්දගාමීව ගිය මහවැලි ව්‍යාප්ෘතිය ජේ ආර් කඩිනම් මහවැලි විදියට නම් කරල ඒක ජනතාවට ලබාදුන්න. ඒ විතරක්ද කෝට්ටේ නගරය තුල අළුතින් පාර්ලිමේන්තුවකුත් හදල සීඝ්‍ර සංවර්ධනයකුත් සිද්ද කලා. නමුත් 2015 බලයට ආපු උදවිය කරේ විවෙචනය විතරක් කරමින් අවුරුදු පහක් නිකරුණේ කාලය කාදැමීමක් පමණයි. ආපු ගමන් එවකට සිදුකරමින් ගිය රටේ සංවර්ධන කටයුතු නවත්තල දැම්ම. අපේ අදහස නම් රටක් හැටියට රටේ සිදුවෙන ක්‍රියාදාමයන් ඉදිරියටම යායුතුයි කියල. ඒක මේරජයට වගේම අනාගතයෙදි බලයට පත්වෙන ඕනම ආණ්ඩුවකට පොදු කාරණාවක් වගේම අභියෝගයක් වෙන බව ස්ථීරයෙන්ම අපිට කියන්න පුළුවන්. (උපුල් දේවප්‍රිය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්