Mar
9

ලංකාවට මෙතරම් මිතුරන් සිටින බව නොදත් අසරණ මි‍ෂෙල් බැච්ලේ

 
3722 Views
   
 

ශ්රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ජිනීවා සංවාදයේදී මානව හිමිකම් කොමසාරිස්වරිය නොසිතූ දෙයක් සිදු වී ඇත. එනම්: සාමාජික රාජ්යයන් හතළිස් පහෙන් රටවල් තිස් එකක්ම ශ්රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමය

චීනය, ජපානය වැනි බලවත් රාජ්යයන් ද කියුබාව වැනි සමාජවාදී රාජ්යයන් ද සවුදි අරාබිය, ඉරානය වැනි තෙල් රාජ්යයන් ද නයිජීරියාව, ඊජිප්තුව, කෙන්යාව වැනි අප්රිකානු රාජ්යයන් ද පකිස්තානය, නේපාලය, මාලදිවයින, බංග්ලාදේශය වැනි දකුණු ආසියානු රාජ්යයන් ද ප්රකාශ කර ඇත්තේ ලෝක වසංගත තත්ත්වය හා ආර්ථික අර්බුද මැද ශ්රී ලංකාව ජාතික වැඩපිළිවෙළක් ඔස්සේ සහජීවනය ගොඩනැඟීම සඳහා දරන ප්රයත්නය ලෝකයේ අගය කිරීමට ලක් විය යුතු බවය. මෙය ශ්රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් හොඳ සහතිකයකි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ප්රධානියා වන මිෂෙල් බැච්ලේ ශ්රී ලංකාව සම්බන්ධයෙන් වූ සිය වාර්තාව ඉදිරිපත් කළේ පසුගිය හතර වනදාය. එම වාර්තාවෙන් ශ්රී ලංකාවට යම් පැසසුමක් හිමි කර දී තිබුණ ද චෝදනා පත්රයක් ද ඉදිරිපත් කර තිබිණි. එලෙසම යම් නියෝග කිහිපයක් නිකුත් කිරීමට ද කොමසාරිස්වරිය ක්රියා කර තිබිණි. එක් නියෝගයක් වන්නේ පාස්කු ප්රහාරය හමුවේ ආරක්ෂක අංශවල ක්රියාකාරිත්වය පිළිබඳ වාර්තාවක් ඉල්ලා සිටීමය. 

මානව හිමිකම් කොමිසමට එබඳු නියෝග නිකුත් කළ හැකි ද යන්න විවාදාපන්න ප්රශ්නයකි. කුමක් වුව එම නියෝගවලින් පෙනී යන්නේ කොමසාරිස්වරිය හැසිරෙන පක්ෂග්රාහී ස්වභාවයයි. නැත හොත් අධිපතිවාදී ස්වරූපයයි. ශ්රී ලංකාව දීර්ඝ කාලයක සිට නොබැඳි පිළිවෙත අනුගමනය කරන රාජ්යයකි. 

අප කිසිදු බල කඳවුරකට නැත. එමෙන්ම දකුණු ආසියාවේ රාජ්යයන් සමඟ හොඳ හිත පවත්වා ගැනීමට සෑම අවස්ථාවකම ඉදිරිපත් වී ඇත. කලාපීය වශයෙන් සහයෝගිතාව ගොඩනැඟීමට ද ශ්රී ලංකාව පුරෝගාමි මෙහෙවරක් ඉටු කර තිබේ. දකුණු ආසියාවේ කිසිදු රාජ්යයකට ශ්රී ලංකාවට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාවක් නැත. දෙමළ ඩයස්පෝරාවේ බලපෑම තිබුණ ද ඉන්දියාව අවශ්ය අවස්ථාවලදී ශ්රී ලංකාව සම්බන්ධයෙන් සුභවාදී ලෙස ක්රියා කරනු ඇත. චීනය, ජපානය වැනි ආර්ථික බලවතුන් සමඟ දිගුකාලීන මිත්රත්වයක් ගොඩනඟා ගැනීමට ශ්රී ලංකාව සමත් වී සිටී. එය දේශපාලන ජයග්රහණයක් ලෙස ද සැලකිය හැකිය. 

අපේ වත්මන් ජනාධිපතිවරයා කිසිදු කඳවුරක ඒජන්තයකු නොවී ස්වාධීන ලෙස ක්රියා කිරීම හැම විටම ප්රතිඵලදායක වී තිබේ. ත්ර:ස්ත මර්දන පනතට ජිනීවා අවසරයක් අවශ්ය වන්නේ නැත. එහෙත් මානව හිමිකම් ආයතනවල ඉල්ලීම මත අදාළ පනතේ සංශෝධන කිහිපයක් සිදු කිරීමට රජයේ අවධානය යොමු විය. 

ඉන් පෙනී යන්නේ ශ්රී ලංකා ආණ්ඩුවේ නම්යශීලි ප්රතිපත්තියයි. මිලිටරිකරණයක් ගැන ද බුද්ධාගම්කරණයක් ගැන ද දෙමළ ඩයස්පෝරාව චෝදනා නඟන අතර, එහි සෙවණැල්ලක් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවේ ද ඇත. යුද හමුදා නිලධාරින් කොවිඩ් මර්දනයට සහාය දැක්වීම වරදක් ද? බිඳවැටුණු රාජ්ය ආයතනවල නව කළමනාකරණයක් සඳහා ඔවුන් යෙදවීම වරදක් ද? මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්රී ලංකාව ගැන දන්නේ ඉතා ටිකකි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්