Dec
11

අනුර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුගදනවි ගිවිසුමේ පිටපත් ගන්න ආණ්ඩුවේ ඇමතිවරු පෝලිමේ

 
1877 Views
   
 

කැබිනට් මණ්ඩලයටත් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් නොකර ආණ්ඩුව හොර රහසේ අත්සන් කළ නිව් ෆෝටේස් ගිවිසුමේ ඇතුළත් කරුණු හෙළිදරව් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක එම ගිවිසුමේ පිටපතක් අය වැය විවාදය අවසන් දිනයේ දී පාර්ලිමේන්තුවේදී සභා ගත කළේය.

මෙම ගිවිසුම නිව් ෆෝට්රස් සමාගම සමඟ අත්සන් කර ඇති බවට කැබිනට් මණ්ඩලය සඳහන් කළත් එම ගිවිසුම පිටපතට අනුව එය අත්සන් කර තිබෙන්නේ “ශ්රී ලංකා පවර් හෝල්ඩින්ග්ස්” නැමැති සමාගමක් සමග බවත් එම සමාගමේ ශාඛාවක් ඇමරිකාවේ ලියාපදිංචි කර ඇතැයිද දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය. මෙම ගිවිසුම රටට ඉදිරිපත් කරන ලෙසත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටි නමුත් ආණ්ඩුව එය මඟහරිමින් සිටි බවද, දැන් එම පිටපත තමාට ලැබී ඇති බැවින් එය සභාගත කරන බවද පැවසීය.

මුදල් අමාත්යංශය විසින් 2021 සැප්තැම්බර් 6 වැනි දින ඉදිරිපත් කරන ලද කැබිනට් පත්රිකාවට අනුව එහි 8 (2) වගන්තියට අනුව භාණ්ඩාගාර ලේකම්තුමාට බලයක් දෙනවා නිව් ෆෝට්රස් එනර්ජි සමාගම සමග ගිවිසුම් අත්සන් කරන්න කියලා. මා දන්නා පරිදි ගිවිසුම පාර්ලිමේන්තුවටවත් කැබිනට් මණ්ඩලයටවත් ඉදිරිපත් කරලා නැහැ “යි දිසානායක මහතා පැවැසීය. 

“සෙලර් හැටියට ශ්රී ලංකා ආණ්ඩුව බයර් හැටියට ශ්රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් සමාගමත් අත්සන් කරපු ගිවිසුම ශ්රී ලංකා රජය වෙනුවෙන් අත්සන් කරලා තිබෙනවා.” යැයි මන්ත්රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. “මේක පෞද්ගලික දේපලක් පවරා දීමක් නොවෙයි. තමුන්නාන්සේලාගේ යම් බලයක් ඇටෝර්නි බලපත්රය තව කෙනෙකුට පවරා දීමක් නොවෙයි. මේක රටේ බලශක්ති ක්ෂේත්රයක්. මේ වෙනකොටත් රජයේ ආයතන ගණනාවකට හිමිව තිබෙන කෙරවලපිටිය බලාගාරය ඇමෙරිකානු සමාගමකට පවරා දීමට සකසනු ලැබූ ගිවිසුමක් “ යැයි අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසීය. 

“මාස එක හමාරකට වැඩි කාලයක් මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කිව්වත් කළේ නෑ. කැබිනට් මණ්ඩලයෙන් අවසර දෙන්නේ නිව් ෆෝට්රස් එනර්ජි කියන සමාගම සමග ගිවිසුම අත්සන් කරන්න. හැබැයි අත්සන් කරලා තිබෙන්නේ ශ්රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් කියන සමාගම සමඟ. කැබිනට් මණ්ඩලයෙන් බලය දෙන සමාගම සමඟ නෙමෙයි මේක අත්සන් කරලා තියෙන්නේ. ශ්රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් කියන සමාගමක් ඇමරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි කරලා තියෙනවා. මම දන්නෑ ශ්රී ලංකා හෝල්ඩින්ග්ස් සමාගමක් ඇමරිකාවේ රෙජිස්ටර් කරපු සමාගමක්ද කියලා” යැයි හෙතෙම කීය. 

ඒනිසා හරි පැහැදිලියි කැබිනට් මණ්ඩලයේ බලය දුන්නේ නිව් ෆෝට්රස් එනර්ජි සමාගමට. හැබැයි අස්සන් කරලා තිබෙන්නේ නිව් ෆෝට්රස් සමාගමට අනුබද්ධ හෝල්ඩින්ග්ස් සමාගමක් සමඟ. මේ නිසා කැබිනට් මණ්ඩලයත් නොමඟ යැවීමක් බව පැහැදිලියි” යැයි මන්ත්රීවරයා සඳහන් කළේය. 

“මෙහිදී 13 (1) වගන්තිය සඳහන් කරල තිබෙනවා අවුරුදු දෙකක් යනතෙක් දෙපාර්ශ්වය අතර එකඟතාවයකින් තොරව රටට හෝ ජනතාවට මෙම ගිවිසුම ප්රකාශයට පත් නොකර සිටිය යුතුයි කියලා. එහෙම කරන්න පුලුවන්ද මේ රටේ දේපළ පිළිබඳව. දේපල අයිතිය තිබෙන්නේ ජනතාවට. මුදල් අමාත්යාංශ අමාත්යවරයාට හෝ එහි ලේකම් ආටිගලට පවරලා නෑ. මේ නිසා මේ රටේ දේපළ පිළිබඳව අත්සන් කරන්න ඕනෑ ගිවිසුමක් ජනතාවට දැන ගැනීමට අයිතිය තිබෙනවා.” යැයි අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 

“මේකෙ 3 (2) වගන්තිය තියෙනවා. ඉදිරි සැලසුම් අත්සන් කරනකොට ශ්රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් සමාගමට ලැදියාවක් සහිතව අනුග්රහය දක්වන පරිදි ඉදිරි ගිවිසුම් අත්සන් කළ යුතුයි කියලා. ගිවිසුම ඉදිරිපත් නොකළ හේතුව දැන් පැහැදිලියි” හෙතෙම පෙන්වා දුන්නේය.

මේ අතර යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධ ගිවිසුමේ පිටපතක් ආණ්ඩුවේ කැබිනට් අමාත්යවරුන් තමන්ගෙන් ඉල්ලා සිටි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. තමන් විසින් එය පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් පසු බොහෝ කැබිනට් ඇමතිවරුන් තමන් අමතා එහි පිටපතක් ඉල්ලා සිටි බවද ඔහු පැවසීය. 

මෙම ගිවිසුම මුදල් අමාත්යවරයා හැර වෙනත් කිසිම ඇමතිවරයකු දැන නොසිටි බවද පැවසූ මන්ත්රීවරයා ආණ්ඩුවට අමුතුවෙන් සභාගත කිරීමට කිසිදු ගිවිසුමක් නැති බවද මෙය අදාළ ගිවිසුෙම් සත්ය පිටපතක් බවද ඔහු කියා සිටියේය. පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්