Mar
18

අගමැති මහින්දට බතික් ඇඳුම් දෙන්න දයාසිරි පොරොන්දු වෙයි

 
1585 Views
   
 

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය පැවති දින අගමැති මහින්ද දිවා ආහාරය ගෙන පාර්ලිමේන්තු ආලින්දයට පැමිණෙමින් සිටියදී රාජ්‍ය ඇමැති දයාසිරි මුණ ගැසුණි. දයාසිරි ඇඳ සිටියේ තැඹිලි හා කහ වර්ණයෙන් යුතු බතික් ඇඳුමකි.

දයාසිරිගේ කමිසය අල්ලා බැලූ මහින්ද” ඇඳුම හරි ලස්සනයි…” කීවේය.

‘‘මම සර්ටත් බතික් ඇඳුම් ටිකක් එව්වා.” දයාසිරි කීවේය.

‘‘මම ඇඳලා බලන්නම්කෝ.” මහින්ද කීවේය.

‘‘සර් දායාසිරි දෙන ඇඳුම් අඳින්නේ පරිස්සමින්.” පිටුපස සිටි සාගර කාරියවසම් කීවේ අවට සිටි සියලූ දෙනා ද සිනාගන්වමිනි.

නෑ නෑ බය වෙන්න එපා. මාව එහෙම ලේසියෙන් කාටවත් අන්දන්න බැහැ. කියමින් මහින්ද රාජපක්ෂද ඒ සිනහවට එකතු විය.

Courtesy – Divaina

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්