Dec
2

මස් කඩයට හරක් ඇද්ද රාජ්‍ය ඇමැති සම්බන්ධීකරණ ලේකම් මාට්ටු

 
1859 Views
   
 

රාජ්ය අමාත්යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු මත්තල ප්රදේශයෙන් සොරකම් කරන ලද ගවයන් 22 බණ්ඩාරවෙල මස් කඩයකට රැගෙන යමින් සිටියදී ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

ශ්රී ලංකා අවිහිංසාවාදී මහා සංගමය විසින් ප්රධාන සැකකරුට 2020 වර්ෂයේ වන සත්ව සංවිධානයේ සභාපති ලෙස සහතික පත්රයක් නිකුත් කර ඇති අතර එම සහතික පත්රය ප්රයෝජනයට ගෙන ගවයින් ප්රවාහන කටයුතු නීතිමය අවසරයකින් තොරව සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළේ ය. 

ප්රදේශයේ ගවපට්ටිවලින් මිලදී ගන්නා ගවයින් මෙලෙස ප්රවාහනය කරන බව පෙන්වා සැකකරු මෙම හරක් ප්රවාහනය කර ඇත. 

ගවයන් නිදහස් කිරීම සම්බන්ධයෙන් රාජ්ය අමාත්යවරයා ලබාදී ඇති ස්තුති ලිපියක් පෙන්නා සැකකරු පැන යාමට උත්සහා කළ ද එය අසාර්ථක වී ඇත.

01.

02.

03.

04.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්