Feb
20

” මාව තනිනොකර ජීවන ගමන එකට යන මගේ ආදරණීය සුදු නෝනා ඔයාට නීරෝගිමත් සුභ උපන්දිනක් වේවා” ජනප්‍රිය නළු හර්ෂන බෙත්මගේ

 
2801 Views
   
 

හර්ෂණ බෙත්මගේ කියල කියන්නේ මෙරට පුංචි තිරය තුළ කාලයක් විවිධ කලා නිර්මාණයන් හරහා අපට දැකගන්නට ලැබුණු දක්ෂ වගේම කඩවසම් රංගන ශිල්පියෙක්. ඇත්තෙන්ම වසර කිහිපයකට පෙරදී රංගන ශිල්පියෙකු ලෙසින් මෙරට කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඔහුට සීඝ්‍ර ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. කෙසේවෙතත් මෙරට තාරුණ්‍යය නියෝජනය කරන කඩවසම් රංගන ශිල්පියෙකු වන ඔහුව අපට මෑතකදීනම් නව නිර්මාණ තුළින් දැකගන්නට ලැබුණේ නැහැ

කොහොමහරි ඉතින් ඔහු ඉදහිට කලා නිර්මාණයක් සදහා පෙනී සිටියත් ඔහුට තිබෙන ජනප්‍රියත්වයේනම් කිසිදු අඩුවක් වෙලා නැහැ. කොහොම නමුත් හර්ෂණගේ පෞද්ගලික ජීවිතය පසුගිය කාලයේ ගෙවුණේ විවිධ හැලහැප්පීම් මැදයි. ඇත්තෙන්ම හර්ෂන කියල කියන්නේ සිය පළමු විවාහයට සමුදී දෙවනි වරට විවාහ වු කෙනෙක්. ඔහු පළමු වරට විවාහවෙන්නේ මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක සමගිනුයි. ඒ බව මේවෙනකොට ලංකාවේ නොදන්න කෙනෙකු නැති තරම්

කෙසේවෙතත් සිය ජීවිතයේ ලද විවිධාකාර හැලහැප්පීම් වලට සාර්ථකව මුහුණ දුන්නු ඔහු මේවෙනකොට නැවත වරක් අලුත් ජීවිතයක් ආරම්භ කර තිබෙනවා. ඉතින් මේ ආකාරයට නව ජීවිතයක් ආරම්භ කළ ඔහු ඔහුගේ අලුත්ම තොරතුරු අපිට කිවුවේ මෙලෙසයි.

” මගේ ජීවිතයේ සියලුම දේ මට අහිමි වෙලා තනි වෙලා ඉන්නකොට ඉතාම අවුල් මනසකින් යුතුව මගේ ගෙදරට මවුපියන් ළඟට ආවා. එවැනි මොහොතක තමයි මට ඇයව මුණගැසුණේ. එනම් මම මගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න මම හිතුවා. ඒ නිසා “බෙත්ස් කෝඩ්” කියලා කොස්මෙටික් ස්ටොර් එකක්. එතැනදී මගේ බිස්නස් පාට්නර් විදිහට තමයි අරුණිව මට හමුවුණේ. ඇත්තටම ඇය වයසින් ළාබාල වුණාට, මනසින් ගැඹුරින් සිතන කෙනෙක්. ඇයට සමාජය ගැන ඉතාම හොඳ දැනුමක් තිබෙනවා.” කියලයි

එනිසා ඇයට අමුතුවෙන් හර්ෂණ බෙත්මගේ කියන්නේ කවුද කියලා හඳුන්වා දෙන්න ඕනි වුණේ නැහැ කියන ඔහු කියන්නේ මම හරි තැන හිටපු නිසා, මම කරන්නේ හොඳ දේ පමණයි කියලා විශ්වාස කළ නිසා අරුණිටවත් ඇයගේ මවුපියන්ටවත් කිසිම ගැටලුවක් ඇතිවුණේ නැහැ කියලයි. ඒ වගේම ඔහු කියන්නේ සිය බිරිදට මාව වටහා ගැනීමට ඉතාමත් හොඳ නුවණක්, ඉවක් තිබෙනවා කියලයි කියන්නේ. ඉතින් මේ ආකාරයට අදහස් දක්වපු ඔහු කියන්නේ මම කරන දේට එකතු වෙලා මට උදවු කරගෙන හොඳින් ජීවත් වෙන කෙනෙක් තමයි මට අවශ්‍ය වෙන්නේ කියලයි

ඒ වගේම ඉතාමත් උත්සාහවන්ත බිරියක් තමයි මට ඉන්නේ කියල කියන හර්ෂන කියන්නේ මුදල් පාලනය සහ සකසුරුවම් බව අරුණි තුළ ඉතා හොඳින් තිබෙනවා කියලයි. ඒ වගේම ඔහු කියන්නේ ජීවිතයේදී මිනිසුන්ට ප්‍රශ්න එන්න පුළුවන්. ඒවට හොඳින් මුහුණ දීමයි කළ යුත්තේ කියලයි

කොහොමහරි ඉතින් මේ විදිහට අදහස් දක්වපු ඔහු අවසාන වශයෙන් කියන්නේ මම හිතනවා ජීවිතයේදී මාව හොඳින් තේරුම් ගෙන හොඳ තීරණ ගන්න පුළුවන් කෙනා මට ලැබිලා කියලා මම හිතනවා.කියලයි ඔහු කියන්නේ. ඒ වගේම පසු ගිය දිනක උපන්දිනය සැමරූ ඔහුගේ ආදරණිය බිරිඳ වෙනුවෙන් ඇය අපුරු සටහනක් එක්කර තිබුනේ මේ විදිහටයි.මගේ හුස්ම, මගේ ආදරය, මගේ ලෝකය,මගේ කියලා මට ඉන්න,හැමදාමත් මගේ හෙවනැල්ල වගේ , වැටෙන හැමතැනදිම මාව හයියෙන් අල්ලගෙන ,මාව තනිනොකර ජීවන ගමන එකට යන මගේ ආදරණීය සුදු නෝනා ඔයාට නීරෝගිමත් සුභ උපන්දිනක් වේවා! බුදුසරණයි ඔයාට..ආදරෙයි හැමදාමත්

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්