Jun
12

තවත් කොවිඩ් මරණ 62ක් සමස්තය 2073යි

 
1424 Views
   
 

තවත් කොවිඩ් ආසාදිත ම’රණ 62ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඉන් ම’රණ 07 මැයි මස 08 වනදා සිට මැයි මස 31 වනදා දක්වා කාලය තුළ සිදුව ඇති අතර අනෙක් ම’රණ 55 ජුනි මස 01 වනදා සිට ජුනි මස 10 වනදා දක්වා කාලය තුළ සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එහෙත් ඊයේ (11) දිනයේ කිසිදු ම’රණයක් වාර්තා වී නොමැති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත ම’රණ සංඛ්‍යාව 2,073 දෙනෙකු දක්වා ඉහළ ගොස් යනු ඇති.

ඊයේ දිනයේ තහවුරු කරන ලද ම’රණ අතර පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු සහ කාන්තාවන් 27 දෙනෙකු වේ. එම ම’රණ අතර වයස අවුරුදු 30ත් – 39ත් අතර පුද්ගලයින් දෙදෙනෙකු, අවුරුදු 40ත් – 49ත් අතර පුද්ගලයින් තිදෙනෙකු, අවුරුදු 50ත් – 59ත් අතර පුද්ගලයින් සිව් දෙනෙකු, අවුරුදු 60ත් – 69ත් අතර පුද්ගලයින් 13 දෙනෙකු, අවුරුදු 70ත් – 79ත් අතර පුද්ගලයින් 21 දෙනෙකු, අවුරුදු 80ත් – 89ත් අතර පුද්ගලයින් 17 දෙනෙකු සහ අවුරුදු 90ත් – 99ත් අතර පුද්ගලයින් දෙදෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඉන් පුද්ගලයින් 13 දෙනෙකු නිවසේදී මි’යගොස් ඇති බව වාර්තා වෙනවා. ම’රණ 05ක් රෝහල් ගත කරන අවස්ථාවේදී සිදුව ඇති අතර සෙසු ම’රණ 44 රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මි’යගොස් තිබේ. කොවිඩ් නියුමෝනියා, කොවිඩ් නියුමෝනියාවත් සමග ඇති වූ සංකූලතා සහ කොවිඩ් වෛරසය ආසාදනයවීමත් සමග පැවැති නිදන්ගත රෝග උස්සන්නවීම එම සියලු ම’රණවලට හේතු වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මි’යගිය පුද්ගලයින් පානදුර, මොරටුව, අලුබෝමුල්ල, ගෝනවල, ගෝවින්න, මහනුවර, ගාල්ල, තිඹිරිගස්කටුව, කොච්චිකඩේ, මීගමුව, සන්දිවෙලි, බලංගොඩ, නින්දවූර් 10, සරන්තුරෙයි, පතන, බදුරලිය, වලල්ලාවිට, බෝඹුවල, වස්කඩුව, මහගම, කළුතර, දොඩංගොඩ, මැල්සිරිපුර, අඹකොටේ, කුරුණෑගල, පනාගමුව, මදුරාගොඩ, මේරහවත්ත, කින්නියා, කාත්තාන්කුඩි 4, එරාවුර් 1, කාත්තාන්කුඩි 3, රත්තොට, මොනරාගල, අනුරාධපුර, මතුගම, කොටිකාවත්ත, නාගොල්ලාගම, කොළඹ 12, කඩුගන්නාව, ගම්පොළ, සීදුව, හෙම්මාතගම, පිටිගල, නියාගම, කරන්දෙනිය, කහදුව යන ප්‍රදේශවලින් වාර්තා වී තිබුණා.

adaderana

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්