Apr
10

එංලන්තයට රස බෙදන ලංකාවේ ගායිකාව

 
777 Views
   
Sri-Lankan-singer-sharing-tastes-to-England  

අවුරුදු හයක් තිස්සේ එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික යුවතියක වන සුමුදු ජයතිලක වෛද්‍ය උපාධිය සඳහා අධ්‍යාපනය හදාරන්නියකි. එහෙත් ඒ අතරවාරයේ ඇය ගීත රචිකාවක ලෙසද ගායිකාවක ලෙසද තම කුසලතා ප්‍රදර්ශනය කරන්නීය. ඇගේ කටහඬ විල්ලුද ඇතිරුවාක් මෙන් මිහිරිය ඇගේ ගී ප්‍රසංග ගණනාවක් එංගලන්තයේ සුප්‍රකට රංග ශාලා කිහිපයකදීම පැවැත්වුණෙත් ඒ ප්‍රසංග රසිකයන්ගෙන් පිරීගියේත් එබැවිණි සුමුදු ‘හායි’ සඟරාව සමඟ කළ සංවාදයකි මේ. 

ඔබේ පළමුවැනි ගීතය ගායනා කළේ කොයි කාලෙද?

මං හිතන්නේ එතකොට මං අවුරුදු දෙකක විතර දැරියක් වෙන්නැති. අපි පවුලේ හැමෝම එක්ව ගී ගැයුවා.

සංගීතයට යොමුවිය යුතුයි කියලා ඔබට හිතුනේ?

හුඟක් අය මට කිව්වා ගී ගයන්න කියලා පස්සේ මටත් හිතුනා ගී ගැයුවොත් හොඳයි කියලා. දවසක් බර්ට් බචරච් සහ හල් ඩේවිඩ් ‘ද රෝයල් ඇල්බට් ශාලාවේ’ පැවැත්වූ ප්‍රසංගයකදී මම ඇල්ජි ගීතය ගායනා කළා. ඒක තමයි මගේ සංගීත ජීවිතයේ හැරවුම් ලක්ෂය.

ඔබ ගායනය පුහුණු කළේ කොයි කාලෙද කොහේදිද?

ගායනය මට ආවේ සහජයෙන්. මම සංගීත උත්සව වලදී වගේම නාට්‍ය උත්සව වලදී ගීත ගායනා කළා. පියානෝව වයලීනය වගේම බටනලාවත් වාදනය කරන හැටි ඉගෙන ගත්තා. ඊට කන හුරු කළා. ඒවගේම ගීත රචනයටත් මට දක්ෂතා තිබුණා.

ජෑස් සංගීතයට ඔබේ විශේෂ ලැදියාවක් තියෙනවා. 

පෝ ඕල් වී නෝ නැමති කවර් ගී එකතුව, නැට් කිං කෝවෙල්, එලා පිට්ෂජරල්ඩ්, බිලී හොලිඩේ වැනී ප්‍රවීණයන්ගේ ගී වල කවර්ස් මම ගායනා කළා.

මේ ගී වලින් කියැවෙන්නේ ලස්සන කතන්දර. ජෑස් සංගීතයට මගේ කැමැත්තක් ඇති වෙන්නේ ඒ විදිහට.
බී.බී.සී. සේවයෙන් ඔබේම ප්‍රබන්ධයක් ඉදිරිපත් කරන විට ඔබේ වයස අවුරුදු 15යි. ඒ ගැන කියනවනම්.
ගීත රචනා තරඟයකට මගේ සොයුරිය මාව යොමුකළා. මම ගී ලියූ පළමු අවස්ථාවයි ඒ. එය මට මහඟු අත්දැකීමක් වුණා. ඒ පද රචනය බී.බී.සියෙන් ප්‍රචාරය වෙද්දී ඇගයීමට ලක්වෙද්දී මට ගී ලියන්න පුළුවන් බව දැනුණා.

ඔබේ නිර්මාණයක් හාපුරා එළිදකින්නේ?

2010 දි වේටිං ෆෝ යූ මගේ පළමු ඇල්බමය.

1997 – 2000 කාලයේදී ජාතික තරුණ ජෑස් වාදක මණ්ඩලයේ ඔබ ගායිකාවක් වුණා. ඔබ කොහොමද ඔබේ අධ්‍යාපනය සමඟ මේ කටයුතු කරගෙන ගියේ. 

මම ඉගෙනගත්තේ ෂෙපීල්ඩ් සරසවියෙන්. සති අන්තයේ මම ලන්ඩනයට ගියා. ප්‍රසංග වලට සහභාගී වුණා. පසුදා ඇවිත් සරසවියට ගියා. මේ ප්‍රසංග වලදී මට දක්ෂ සංගීතඥයින් හමුවුණා. ඔවුන් සමඟ මම දැනටත් වැඩකරනවා.

ඔබ රැජින ඉදිරියේදීත් සජීවීව ගී ගායනා කළා. ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් රූපවාහිනියෙන් ඒ ප්‍රසංග නරඹනවා. ඒ අත්දැකීම කෙබඳුද?

ඒක පුදුමයක්. ශ්‍රීමත් ජෝන් ටවනර් ලියූ ලස්සන ගීතයක් එදා මම ගායනා කළා. ඒ අවස්ථාවේ මගේ මවත් පියාත් රැජින සමගම වාඩිවෙලා මා ගී ගයන හැටි බලාගෙන සිටියා. ඒ අවස්ථාව මට මහා සතුටක්.

ඔබ සමඟ එක්වුණු ක්ෂේත්‍රයේ දැවැන්තයනුත් ඉන්නවා. 

ශ්‍රීමත් වැන් මොරිසන්, ජැමී කුලම්, බර්ට් බචාරැක්, පර්බෝ බෘසන්, ජෝන් නිව්මන් වැනි ප්‍රවීණ ශිල්පීන් සමඟ ගී ගැයීමට ලැබීම වාසනාවක්.

එවැනි ගී තරු සමඟ එක්ව ගැයීම ඔබට දැනුණේ කොයි ආකාරයටද?

විශ්මිත අත්දැකීමක්. මගේ සිහින ඉටුවීම මට දැනෙන්නෙ පුදුමයක් විදිහට. බර්ට් බැචාරැක් ගේ හඬ මගේ සවනට වැටෙන විට එය මට විශ්වාස කරන්න බැරි තරම්. පර්බෝ බෘසන් සමඟ ‘අ හූල් නිව් වර්ල්ඩ්’ ගීතය ගයන විට ඒ සහය ගායිකාව මමද කියලා මට හිතාගන්න බැරි වුණා. වෑන් මොරිසන්ගේ පසුබිම් ගායිකාව ලෙස ගයන විට මට දැනෙන්නේ දෛවයෝගයක් ලෙසයි.

වේටින් ෆෝ යූ ඇල්බමය නිකුත් වෙන්නේ ඔබේ ගී පද රචනා සහිතවයි. ඒ අවස්ථාවේ ඔබව සැසඳුවේ ඊවා කැසිඩි සමඟ ඔබට මොනවද හිතුනේ. 

මම අසීමිතව සතුටු වුණා. ඊවා කියන්නේ මගේ ප්‍රියතම ගායිකාව. ඇගේ මියුරු හඬට මම බොහොම කැමතියි. ඉතින් ඇගේ හඬ සමඟ මගේ හඬ සැසඳීම මට හිතාගන්නත් බැහැ.

වර්තමානයේ ඔබේ වැඩ කටයුතු?

පෝ ඔල් වී ක්නෝ මගේ නවතම ඇල්බමය නිකුත් කිරීමට සූදානම් වෙනවා. මේ වසර කිහිපයකට පසුව නිකුත් වන මගේ නවතම ඇල්බමය. මෙහිදි පියානෝව රොස් ස්ටැන්ලි, ඩබල් බේස් ක්‍රිස් හිල් සහ ඩ්‍රම්ස් මෝයි මිලර් වාදනයෙන් දායක වුණා.

ඔබේ පවුලේ උදවියගෙන් මේ සංගීත ගමනට ලැබෙන උදව් උපකාර?

ඔවුන් දන්නවා සංගීතය කියන්නේ මට ගැලෙපන දෙයක් බව ඒ වගේම ඔවුන් ඊට කැමතියි. මම ගායනා කරන විට ඔවුන් ඒවා ආශාවෙන් රසවිඳිනවා.

ඔබ ගී ලියන්නේ කොහොමද?

සමහර විට ඒක සිතුවිල්ලක් ගී පද හිතට එන්නේ අහම්බෙන්.  ඇතැම් විට මාස කිහිපයක් යනවා හොඳ ගීතයක් ලියැවෙන්න.
ඔබ ගායිකාවක් විතරක් නෙවෙයි වාද්‍ය භාණ්ඩ රාශියකුත් වාදනය කරනවා.

පියානෝව මට හුඟාක් වැදගත්. මගේ දීර්ඝතම මිත්‍රත්වය තියෙන්නේ පියානෝව සමඟ. වයලීනය වාදනය කළේ පාසල් කාලයේ පටන්. ඒ වගේම එකෝස්ටික් ගිටාරය මගේ තවත් ප්‍රියතම වාද්‍ය භාණ්ඩයක්.

ලංකාවේ ඔබේ ප්‍රියතමයෙක් නැද්ද?

දිනුක් විජේරත්න ඔහු දක්ෂ පියානෝ වාදකයෙක්.

ශ්‍රී ලංකාවට නැවත එන්න අදහසක් නැද්ද?

මේ වසංගතය ඉවර වුණාම ලංකාවට ඇවිත් ප්‍රසංගයක් කරනවා. ශ්‍රී ලංකාව ලස්සනයි. මට එය මගහැරුනා.

Hi!! සඟරාවට ටීනා එඩ්වඩ් ගුණවර්ධන ලියූ ලිපියක් ඇසුරිනි.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්